දොස්තර හොඳ හිත
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දොස්තර හොඳ හිත
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි මා ඊ ළඟ ස්ථාන මාරු ලැයිස්තුවෙන් ENT වාට්ටුවේ සාමාන්‍ය වෛද්‍ය වරයෙකු ලෙස පත් කෙරුනේ ශ්‍රී ලාංකික දේශපාලනයේ ජනප්‍රිය පුද්ගලයන්ගෙන් පලිගන්නා ආකාරය සිහි ගන්වමින්. මගේ පියා විසින් කුඩා කල සිට තෙරුවන් නැමදීම හා අවිහිංසාව උගන්වා තිබු නිසා මම තෝරා ගත්තේ අනතුරුදායක නායකයා වෙතින් පලා යාමයි (Strategic Withdrawal).වහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සීතා විතානාච්චි මහත්මිය හමු වූ මා සිදුවූ අකරතැබ්බය ඇය හට පැවසු විට ඉතා කම්පාවට පත්ව යන එඅ මං නැති මා හට මීගමුව මහා රෝහලේ සාමාන්‍ය වෛද්‍ය වරයෙකු ලෙස තාවකාලික පත්වීමක් හදා ගැනීමට උපකාර කලාය (මම එතුමියගේ පවුලේ වෛද්‍යවරයා වෙමි ). මාසයක් පමණ මීගමුව රෝහලේ under ground වී සිටින අතරතුර මා වැනි පොඩි මිනිහෙකුගේ උවද ජංගම දුරකථන අංකය දන්නා වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගෙන් (එවක තෘතියික සේවා අධ්‍යක්ෂ ) මට ඇමතුමක් ලැබුණි. පණිවිඩයෙන් කියවුනේ තමන් මේ වන විට හලාවත මහා රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමේ සිටින බවත්, හලාවත මහා රෝහලට වෛද්‍ය අධිකාරී වරයෙකු නම් කරන තුරු විශේඥ වෛද්‍ය වරුන් රැස්වීම අවසන් කිරීමට විරෝධය පළ කරන බවත්,පවසා "සුදර්ශන ඔයාට කොලිෆයිඩ් නේ, මොකද කියන්නේ, හලාවත බාරගන්න කැමතිද ? කියා ඇසුවේය . මට ඔව් සර් කියැවුනි. දින 2 කට පසු හලාවත මහා රෝහලේ වෛද්‍ය අධිකාරී පුටුවෙන් මතු වුනි.
මේ රෝහල නම් රාජකීය රෝහලකි. දොස්තරලා සවස 2 වන විට අතුරුදන්ය(විශේසඥ වෛද්‍ය වරුන්ගේද සහයෙන් ලෙඩේ දවස් 2න් සුව කලෙමි , වෛද්‍ය ලක්කුමාර් මහතා විශාල සහයෝගයක් ලබා දුන් බව සිහිපත් කරමි). මේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ පරිපාලනය කිසි විටෙක මට වධ දුන්නේ නැති බව සඳහන් කල යුතුය. සුළු සේවකයන් ගැන කියනවාට වඩා ඒ කාලේ උතුරු නැගෙනහිර කතා කියන එක හොඳ බැවින් ඒ අයගේ සියලු රෝග දෙසතියකින් නිවාරණය කල හැටි comming soon කියා ලියමි.
අටුවා ටීකාවෙන් පසු නියම කතාවට බහිමු.මේකත් ඉතින් සුළු සේවක කරට්ටුවේ හොඳකමට වෙච්ච දෙයක් තමයි. සුළු සේවකයන් නොදන්වා සේවයට නොපැමිණීම නිසා වාටුවේ ලේ මුත්‍රා රසායනාගාරයට නිසි වෙලාවට රැගෙන නොයෑමෙන් ලේ සාම්පල නරක්වීම, වාර්තා ප්‍රමාද වීම ආදී විශාල ගැටළු ඇති වෙනවා. හෙද කාර්ය මණ්ඩලයත් තමන් අමාරුවෙන් ගත් ලේ සාම්පල් ටික රසායනාගාරයට යැවීම ගැන එතරම් තැකීමක් නෑ. සුළු සේවකයෝ හිටියොත් ගෙනියනවා,නැතිනම් සාම්පලේ මෙසේ උද ,ලෙඩා ටිකට් කපලා ගෙදර. එක දවසක් කායික වෛද්‍ය වාට්ටුවේ මේල් නර්ස් මහත්තයෙකුගෙන් කෝල් එකක් ආවා. " අනේ බලන්නකෝ සර්. අද අපේ වෝඩ් එකේ කැෂුවල්ටි දවස. සාම්පල් 150 ක් විතර තියෙනවා, මේ ටික ලැබ් එකට ගෙනියන්න තවම මයිනර් ස්ටාෆ් කවුරුත් ආවේ නෑනේ". ඔබ තුමාට මේ වෙලාවේ ගොඩක් වැඩ තියෙනවද වාට්ටුවේ. මට නම් වැඩි වැඩක් නැ ,එත් මේක සුළු සේවකයන්ගේ වගකීමනේ සර්. ඔව් ඔව් ඔයා හරි ,ඉන්න මම තව විනාඩි 10 කින් ඔතෙන්ට ඇටෙන්ඩන්ට් කෙනෙක් එවනවා. "තැනක් යු සර් කියලා එයා ටෙලිෆෝන් එක තිබ්බා. මම ටික වෙලාවකින් අදාළ වාට්ටුවට ගියා.නර්ස් මහත්තයා මෙසේ ළඟ මොනවදෝ ලියමින් හිටියා. මාව දැකපු ගමන් එයා පුටුවෙන් නැගිට්ටා. " බලන්නකෝ සර් මේ යකා ආවේ නෑනේ' " මොන යකාද ? මම ඇහුවා. ඇටෙන්ඩන්ට් ; මේ ඇවිත් ඉන්නේ. කෝ කොහෙද සර් ? මේ මම. මම ඇවිල්ලා ඩබල් ඩිග්‍රී ගහපු විධායක ශ්‍රේණියේ ඇටෙන්ඩන්ට්. ඔය ලැබ් එක තියෙන්නේ මගේ ඔෆිස් එකට අල්ලපු කාමරේ. සාම්පල් 150 අත් දෙකින් ගෙනියන්න පුලුවන්නේ. දෙන්න මට සාම්පල් ට්‍රේ එක. සර් ගෙනියන්න? ඇයි මොකද වෙන්නේ ? ඔයාල ලෙඩ්ඩුන් ගේ පුංචි ලේ නහර වලට කිහිප විටක් විදලා කොයි තරම් අමාරුවෙන්ද බ්ලඩ් draw කරන්නේ. එහෙම සාම්පලේ ක්ලොට් වුනොත් මොන තරම් අපරාධයක්ද. ඒ නිසා මම ඒවා ගෙනියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.මට හරි ජොලි ඒ වැඩේ. මොකද මම ලබන ආත්මෙත් දොස්තර කෙනෙක් වෙන්න පින් එකතු කරන ගමන්. මේක තමයි ලේසිම ක්‍රමේ. " අනේ සර් මම සාම්පල් ටික ලැබ් එකට අරන් යන්නම්. සර් ඒවා ගෙනියන්න ඕනෑ නැ.
මේ සිදුවීමෙන් පස්සේ ආයේ ඒ පැමිණිල්ල ආවේ නෑ. කිසිම වාට්ටුවකින්.මොකද හැමෝම දන්නවා තමන් ලැබ් සාම්පල් ගෙනිච්චේ නැත්නම් ලොක්කා වාටුවට ඇවිත් ඒවා අරන් යනවා කියලා. බොහෝ විට නර්ස් නෝනලා මහත්තුරු සුළු සේවකයෝ නැති හදිසි අවස්තාවල මේ වැඩේ සතුටින් කළා. " ඇයි ඉතින් අපි ගෙනිච්චේ නැත්නම් සර් එනවනේ වාට්ටුවට" ඒ අය එහෙම කිව්වේ හිනා වේවි. ඔන්න ඔහොමයි අපි ආයතනේ team work සංකල්පේ හැදුවේ.
ප.ලි. හැබැයි ඉතින් ඉස්කෝලේ යන කාලේ විප්ලවකාරයෝ වෙලා පස්සේ ජොබ් එක අරන් වෘතිය සමිති අටවා ගත්තු ගිහි පැවිදි පව් කාරයෝ මේවට කියන්නේ ගොන් පාට් කියලා. ඕවා කරන්න එපා ,ඊට පස්සේ පුරුද්දට යනවා.අනික ඕවා අපේ ජොබ් ලිස්ට් එකේ නෑ. ඔය M.S. ට පිස්සු.( Medical Superintendent).
නයිටින්ගේල් උත්තමාවිය ගැන උඹලට වඩා හොඳට අධ්‍යනය කරලා තියෙන මට දුක උඹලා උඹලගේ රැජිනගේ ප්‍රතිපත්ති ගණිකා වෘතියේ යොදමින් මේ රටේ බහුතරයක් කැපවීමෙන් සේවය කරන රත්තරන් හෙද හෙදියන් පටු ආකල්ප රාමුවකට ගාල් කිරීමට උත්සාහ කිරීම ගැනයි.The Life of Florence Nightingale නම් විශාල කෘතියේ පහත සඳහන් පුංචි චේදයවත් කියවා ගනිල්ලා . ඔච්චර පණ්ඩිතකම් දන්න උඹලා ඉංගිරිසිත් දන්නවා ඇතිනේ
.
Professional Nursing Pioneer
According to Florence Nightingale, hygiene, sanitation, fresh air, proper lighting, a good diet, warmth, quietness and attentiveness were necessary conditions for hospitals and were to be ensured by trained nurses
DR AT Sudarshana
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: දොස්තර හොඳ හිත
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
ගොයම් කොලේ කියන්නේ කැපු ගොයම අම්බරුවන් දමා පෑගීමට පෙර කමතේ පිළිවෙලකට දා ැබක හැඩයට ගොඩ ගැසූ වීට ලැබෙන ප්‍රතිඵලයයි. කොළ පෑගීම කියා කරන්නේ අම්බරුවන් ලවා ගොයමෙන් වී කරල් හෙවත් බැත ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. තනකොලේ කියන්නේ අම්බරුවන්ට ආහාර පිණිස ගොඩ ගැසූ තණකොළ ගොඩයි. මේ කොයි ගොඩ ඇතුලටත් නයෙක් රින්ගුවොත් කොහොම හිටීද? එක්කෝ සියලු වැඩ නතර කර නයා එලියට එනතුරු බලා සිටිය යුතුය. එසේ ැතිනම්න නයාගෙන් ආරක්ෂා වී පරෙස්සමින් වැඩ කලයුතුය.කාලය කා දමන්නේ නැති බොහෝ ගැමියන් කරන්නේ නයා ගැන සෝදිසියෙන් තමාගේ වැඩේ කරගෙන යාමය.
මේ පුර්විකාව ලියන්නට සිදුවුයේ කුලියාපිටිය රෝහලේ සේවකයන් මා හැදින්වූ අන්වර්ථ නාමය "තනකොලේ නයා " වූ බැවිණි. සර් දන්නවද ඉස්පිරිතාලේ අය සර්ට දාල තියෙන නම? දිනක් මගෙන් එසේ ඇසුවේ මගේ රියදුරාය. නෑ මොකක්ද? සර්ට කියන්නේ තනකොලේ නයා කියලා. හරි සැරයි, පෙනේ පිම්බුවට කවදාවත් ධෂ්ට කරන්නේ නෑ. යන එන වෙලාව කාටවත් හොයන්න බෑ. කොතන ඉන්නවද කොහෙන් මතුවෙයිද දන්නේ නෑ.ඉතින් තනකොලේට රිංගුවා නයා වගේ සර් ගැන සෝදිසියෙන් ඉන්න වෙනවා. එහෙන් මෙහෙන් පනින එවුන් කොයි වෙලාවේ මාට්ටු වෙයිද දන්නේ නෑ.
ලොක්කා ආයතනය ඇතුලේ ඉන්න බවට හොඳම සාක්ෂිය පෝටිකෝව යට ඇති නිල රථයයි. මගේ නිල රථය කොළඹ කුලියාපිටිය ඒ.සී. බසයකි.මා නිෂ්චිතවම උදය වරුවේ කාර්යාලයේ සිටිනවා උනත්, රෝහලේ බොහෝ ගැටළු වාර්තා වූ විට අදාළ ස්ථානයට ඒ වෙලාවේම ගොස් බැලීමේ පුරුද්ද නිසා කිසිවෙකුට මා සිටින තැන ස්ථිරවම නිගමනය කල නොහැක. එවැනි වෙලාවක හදිසි ලිපියක් අත්සන් කර ගැනීමට අවශ්‍ය අයෙකුට කාර්යාල සේවිකාව මා සිටින තැන නිශ්චිතව පවසන අතර ලිපිය අත්සන් කරගන්නට පැමිණෙන සේවකයා මා සිටින තැනට පැමිණේ.එවිට මේසයක් වෙනුවට ඔහුගේ පිට උඩ තියා අදාළ ලිපිය අත්සන් කරදෙනු ලැබේ. මා කාර්යාලයේ නොසිටීම ලිපි අත්සන් කිරීම ප්‍රමාද වීමට හේතුවක් නොවිය යුතුය. කාර්යාලයට මා හමු වීමට අමුත්තෙකු ආ විටෙක විනාඩි 10 ක් ඇතුලත මා කාර්යාලයට පැමිණෙන බව දැනුම් දෙනවා. සවස් වරුවේ ප.ව්. 2 ට පමණ කාර්යාලයට් පැමිණ උදේ වරුවේ පැවරු වැඩ නිරීක්ෂණයට යාම පුරුද්දයි. එළිමහනේ වල ගොඩැලි සහිත ස්ථාන වෙත යාමේදී ෆුල් සුට් නොමැතිව සෙරෙප්පු දෙකක් දමාගෙන යාම මගේ සිරිතයි. හිටි ගමන් වෙස්වලා ගන්නවා යැයි කතාවක් හැදී තියෙන්නේ මේ නිසයි.මා විසින් රාත්‍රී 10 ට වාට්ටු නිරීක්‍ෂණය කලත් මට පෙර සිටි උදවිය එවැනි වාට්ටු නිරීක්ෂණ කර නොතිබූ නිසාදෝ මගේ එම ක්‍රියාව ඔවුන් සැලකුවේ අමතර බලහත් කාරකමක් ලෙසයි. මේ නයි පොලොන් කතාවට ඒකත් එක හේතුවක් වෙන්න ඇති. අක්කර 10 ක් පමණ විශාල රෝහලේ හැම අඟලකම දිනපතා ඇවිදීමේදී අධික ලෙස දහදිය දැමීම නිසා එක දිනකදී කමිස දෙකක් ඇඳීම මගේ සිරිත වූ අතර බොහෝ දෙනා එයද සැලකුයේ "මේ යකා මහා අමුතු පුරුදු තියෙන එකෙක්" යන හැගීමෙනි.
මට ගැරඬියා නොකියා නයා කීමට හේතු වන්නට ඇත්තේ තනතුරේ ගරුත්වය ආරක්ෂා කරගෙන සිටි නිසා බව විශ්වාස කරමි. අල්ලස,අනවශ්‍ය කාන්තා සමාගම, මත්පැන්, යන මාරක තුනෙන් බේරී සිටීම ඒ සඳහා පහසුම ක්‍රමයයි. මේ රටේ බොහෝ අවංක හා කාර්ය සුර පරිපාලකයෝ සිටිති. ඔවුන්ද මෙවැනි කැපකිරීම් කරන අය බව මගේ විශ්වාශයයි.
එමෙන්ම කවදාවත් දෂ්ට කරන්නේ නැතැයි කියන්නේ
කිසිම සේවකයෙකුගේ රැකියා සුරක්ෂිත භාවයට අනතුරක් නොකළ නිසා බව සිතමි.මෙයින් තේරුම් ගත යුතු වැදගත්ම කාරණය වන්නේ ආයතනයේ සේවකයන් තම ආයතන ප්‍රධානීන්ගේ හැසිරීම් ගැන ඉතා විමසිල්ලෙන් සිටින බවය.ඔවුන් ගොනාට අන්දා තමාගේ අභිමතය පරිදි වැඩේ කර ගත්තා කියා සිතුවාට ලොක්කගේ කැරැට්ටුව කවදා හෝ ආයතනය තුල රෙජිස්ටර් වෙන්නේ ඔහුගේ හැසිරීම මතම බව සිහි තබා ගත යුතුය. අදාළ චරිත සහතිකය ප්‍රසිද්ධියට පත් කරන්නේ ලොක්කා එම ආයතනයෙන් ස්ථාන මාරු ලබා ගිය පසු බවද මතක තබා ගත යුතුය. මිනිස්සු මටනම් නම් පටබැන්දේ බොහොම තර්කානුකුලව. ඒ නිසා මම ඒවා රස විඳිනවා.
DR AT Sudarshana
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
හලාවත මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස පත්වූ දා සිට මාව මෙල්ල කර ගැනීමට වැඩිපුරම වෙහෙස වුයේ එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයයි. ඊට හේතුව වුයේ දේශපාලන බලය හිතේ තියාගෙන තමන්ට ඕනෑ ලෙස රෝහල තුල ඔවුන් විසින් පවත්වාගෙන ගිය බලහත්කාරී ක්‍රියාදාමයට මගෙන් කිසිඳු ඉඩක් නොලැබීමයි. බහුතරයක් සුළු සේවකයෝ කිසි විටෙක නිල ඇඳුම ඇන්දේ නැත. එසේ කලේ අමතර රැකියාවක් ලෙස ත්‍රීරෝද එලවීමේ රැකියාව පහසුවෙන් කරගැනීම පිණිස බව මම දැන සිටියෙම්. නිල ඇඳුම් ඇඳීමට උපදෙස් දුන් විට ඔවුන් කීවේ තමන් ළඟ මැසු නිල ඇඳුම් නැති බවයි. ඒ නිසා නිල ඇඳුම් මසා ගැනීමට මා ඔවුන්ට සතියක කාලයක් ලබා දුන්නේ,එසේ නොකලොත් ඒ වන විටත් ඔවුන් ලබාගනිමින් සිටි නිල ඇඳුම් දීමනාව අත්හිටුවන බව පවසමිනි. ඉන් පසු බොහෝ දෙනා නිල ඇඳුම් ඇඳගෙන සේවයට වාර්තා කල අතර, නිල ඇඳුමින් සැරසී නොසිටි කිසිවෙකුට මගේ කාර්යාලයට පැමිණීම තහනම් විය. බහුතරය අකමැත්තෙන් වුවද මගේ ක්‍රමයට අනුගත වුවද සුළු සේවකයන් කිහිප දෙනෙකු ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ නම් විකුණමින් මට විවිධ බලපෑම් කරන්නට වුහ. ඔව්ර්සියර්ගේ පොතේ අත්සන් තබන මොවුන් වාට්ටුවට නොගොස් තමන්ට ඕනෑ තැන්වල රස්තියාදු ගසා හිතුනු වෙලාවට වාට්ටුවට යති. මේ නිසා වාට්ටුවට වාර්තා නොකරන සේවකයන් ගැන මගේ ජංගම දුරකතනයට දැනුම් දෙන ලෙස අදාළ වාට්ටු භාර හෙද නිලධාරීන්ට දැනුම් දුන්නෙමි.
මේ වකවානුවේ ප්‍රදේශයේ බලවත්ම දේශපාලඥයා වුයේ ද. මු. දසනායක මහතාය. දිනක් මගේ රාජකාරී දුරකථනයට ඇමතුමක් ලැබුණි. "මේ කතා කරන්නේ ගරු ද. මු .දසනායක ඇමතිතුමාගේ ලේකම්. අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ඔබතුමා අපේ මිනිස්සුන්ට හරියට හිරිහැර කරන බව. මට මේ ගැන ගරු ඇමතිතුමා හොයා බලන්න කීවා." මම කරන හිරිහැරය නිල ඇඳුම අඳින්නේ නැති අයට ඒක අන්දවලා මේ රෝහල ශිෂ්ඨ සම්පන්න තැනක් කරන එකද? අරක්කු කසිප්පු බොන අය එයින් වලක්වන එකද? වෙලාවට වැඩට එන්නේ නැති අයට නීතිය ක්‍රියාත්මක කරන එකද? ඒක නෙවෙයි ලේකම් තුමා, ඔබතුමා තමයි අද දවසට ඇමති තුමාගේ ලේකම් කියලා මට කථා කරපු හතර වැනියා. මම මේ කල්පනා කරන්නේ කොයි එකාද හරි එකා කියලා. කමක් නෑ වනාතමුල්ලේ සෙට් එකට වැඩේ දුන්න මට ඔය ලේකම්ලා රොත්තම දෙකයි පනහයි. ඇයි තමුන්නාන්සේ දන්නේ නැද්ද ද. මු. ඇමතිතුමා රැස්වීමකදී කියලා තියෙනවා අන්න හලාවත ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නවා මම වගේම කෙලින් වැඩ කරන බුලට් බඩුවක්. මිනිහට පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩ දීපල්ලා කියලා. මට කීවේ අර ඔගස්ටින් කියන පත්තරේට ලියන එක්කෙනා. මා එසේ කී විට එහා අන්තයෙන් දුරකථනය විසන්ධි විය. දුරකතනයෙන් කතා කල මේ බොරු ලේකම්ලාට මම නිතරම කීවේ "මම ආසයි ඔබතුමාගේ මුහුණ බලා ගන්න. හවස 4 වෙනකම් මම ඉස්පිරිතාලේ ඉන්නවා. අපි ඔය ප්‍රශ්නේ මුණගැහිලා කතා කරමු කියායි. එක ලේකම් කෙනෙක්වත් මා හමුවීමට ආවේ නැත. ද. මු . දසනායක මහතා කිසිදාක මට දුරකථන ඇමතුමක් දුන්නේද නැත. ඉස්පිරිතාලේ ඇතුලෙම හිඳ මට ලේකම්ලා ලෙස කථා කල කිසිවෙකුට තවදුරත් තමන් අහවල් දේශපාලකයාගේ මිනිස්සු යැයි කියමින් පිස්සු කෙලීමට ඉඩ දුන්නේද නැත. වෛද්‍යවරු හා හෙදියන් සියලු දෙනාම පාහේ මගේ ක්‍රමයට කැමති වූ නිසා එතෙක් කල් රෝහල තුල වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගිය මේ දේශපාලන බලයෙන් මත්වුවන්ට මගේ ක්‍රමයට අනුගත වීමට සිදු විය. මෙය ඉතා සරල දෙයක් ලෙස පෙනුනත් මට ආගන්තුක ප්‍රදේශයක තනිවම අභියෝග වලට මුහුන දෙමින්, මෙලොව වසන විෂකුරුම සත්වයා කකුල් දෙකේ එකා බව සිතා, මා කිසි විටෙක එකම ගමන් මාර්ගය නිතර භාවිතා නොකලෙමි. සීල් කඩා තිබු බෝතල් වල ජලය පානය නොකලෙමි. අතට හොඳින් අහුවෙන වීදුරු බෝලයක් මේසය උඩ තබාගෙන සිටියෙමි.
දැන් ඉතින් කියයි, මාර බය ගුල්ලෙක් කියලා". වීරයා මළොත් සටනක් නෑ. සුද්දාගේ FFF Mechanism follow කරන්න.(Fright / Fight /Flight) එහි තේරුම , - ඕනෑවට වඩා තමන් චන්ඩියෙකු යයි නොසිතා අවදානම සහතික බව දැනගෙන පොඩි බයකුත් හිතේ තියා ගනින්. එතකොට නිතරම සුදානම් ශරීරෙන් ඉන්න පුළුවන්. සිදුවෙන්නේ නොසිදුවිය යුතු දේ නම් සටන් කරපන්. දිනන්න මොනතරම් ආසා වුනත් ජීවිත අවදානමක් තිබේ නම් බොරු වීරකම් නැතිව පැනලා දුවපන්. ඉස්සෙල්ලා පන බේර ගනින්. ආයේ සන්නද්ධ වෙලා ඇවිත් සටන් කරපන්. නැත්නම් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි!
DR AT Sudarshana
- Rajapaksap
- Posts : 155
Join date : 2014-04-14
Re: දොස්තර හොඳ හිත
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
Rajapaksap wrote:nihal123, Obathumage hospital experience kathawa Pothak wasayen pala karanna nam apurui. Nedda ehema adahasak?
Sorry Rajapaksap this not my experience. I copy this from Face Book.
DR A T Sudarshana
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
මේ රටේ සෑම වෘතිකයෙකුටම තමන් බලාපොරොත්තු වන සියලු වරප්‍රසාද ලැබෙන්නේ නෑ. එහෙත් එම වෘතිකයන් කේවල් කිරීමේ බලය යොදාගෙන කෙසේ හෝ පවතින රජයන්ගෙන් තමන්ට හිමි වරප්‍රසාද දිනා ගැනීමට උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ කිසිම වෘතියක් පරමාදර්ශී හා පරාර්ථකාමී නෑ. හැමෝටම තියෙන්නේ තමන් කේන්ද්‍ර වූ සැලසුම්. තමන්ගේ වරප්‍රසාද ටික තනතුරේ ප්‍රමාණයට ලැබුනොත් මේ රටේ ඉන්නවා. එහෙම නොවුනොත් වැසිකිලි සෝදන්න හරි ඇමරිකාව, එංගලන්තේ වගේ රටකට පැන ගන්නවා. එහෙම ගියහම දෙන දෙයක් කාල ඉන්නවා. පොදු ප්‍රවාහන සේවා වල යනවා (තොප්පි දා ගන්නේ බලාගෙන ) . ලංකාවේ ඉතින් බස් කෝච්චි පරක්කුයි තමයි. ඉතින් ටිකක් කලින් තියෙන එකේ ආවනම් ඉවරයිනේ , අර මම දඹුලු ගියා වගේ. සුද්දගේ කාලේ රාජ්‍ය සේවකයා කලේ රාජකාරිය. දැන් ඉන්න එවුන් ඒකට වහල් සේවය කියලා කිව්වට රාජකාරිය කරපු ටික කාලේ විතරයි අපේ රට දියුණු උනේ. මේ ගැන නියමෙට කියන්නේ දීපාල් සිල්වාගේ “අඹ ගෙඩියක හැඩය ගත්ත “ සින්දුවේ. ප්‍රමාද වෙලා වැඩ කරනවා කියන්නේ ජාතික අනන්‍යතාවය වෙලා. ( නවයට පටන් ගන්නවා කියලා කියමු, එතකොට 9.30 ට වත් එයිනේ, ඔන්න ටාගට් එක ). මේ වන විට මේ රට දුවන්නේ පුද්ගලික අංශය ලබා දෙන දායකත්වය නිසයි. වෙලාවට වැඩ කරන, ටාගට් අචීව් කරන ඒ අයගේ වැටුප් සහපහසුකම් වැඩි කල යුතුයි. දැන් ඉතින් කියයි පුද්ගලීකරණ න්‍යාය පත්තර කාරයෙක් කියලා. මේ රටේ රාජ්‍ය සේවය ගොඩ ගත නොහැකි තත්වයට පිරිහිලා. ඉල්ලීම් ඉල්ලන බහුතරයක් ආයතනය තුල තමන්ගේ සරලම යුතුකම් වගකීම් වත් ඉටු කරන්න උනන්දුවක් නෑ. තමාට වැටුප් ගෙවන ආයතනයට ගරු කරන්නේ නෑ. ආදරය කරන්නේ නෑ. (තොප්පි දා ගැනීමේදී කල්පනාකාරී වෙන්න )
මේ සිද්ධිය මම කුලියාපිටිය රෝහලේ රාජකාරී භාරගෙන දෙවන දවසේ සිදු වූ දෙයක් . මේ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය වරුන්ගේ ගැටළු සාකච්චා කෙරෙන රැස්වීමක් කැඳවලා තිබුනා. එදා රැස්වීමට ආපු වෛද්‍ය වරුන්ගෙන් බහුතරයක් ටයි එක පැළඳගෙන හිටියේ නෑ. මම විමසලා බලද්දී ඒක පුරුද්දක් ලෙස කරන දෙයක්. බාහිර රෝගී අංශයේ වුනත් ගරු සරු ඇතිව රෝගියා ඉදිරියේ අදාළ රාජකාරිය සිදු කල යුතු බවත් මෙතැන් පටන් සියලු වෛද්‍ය වරු ටයි එක පැළඳ පිළිවෙලකට පැමිණිය යුතු බවත් එසේ නොකරන වෛද්‍ය වරුන්ට සුදුසු විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් මට කියන්න සිදු වුණා. (විශ්ව විද්‍යාල අද්යාපනයක් ලබා සේවා ස්ථානයක රාජකාරී කරන්නට එන උගතුන් යයි කියා ගන්නා පිරිසකට ඇඳුම් අදින හැටි කියා දෙන්නට ගොස් පළමු දවසෙම අඩව්වක් අල්ලන්නට සිදු වුයේ මගේ වරදින්ද? එසේ නැත්නම් තම ආයතනය කෙරෙහි ඉතා දුර්වල ආකල්පයක් දක්වන වෘතිය පුරවැසියන් නිසා නේද ? වෘතිය අයිතිවාසිකම් ඉල්ලන අතරේ මෙවැනි යුතුකම් පිළිබඳවත් සිතිය යුතුයි නේද? එතකොට වෘතිය සමිති ලොක්කෝ කියන්නේ “ ඕවා නිවැරදි කරන්න නේන්නම් පරිපාලකයෝ ඉන්නේ “ කියලා. ඔන්න මම නිවැරදි කළා ) පුදන කොටම කාපී යකා කියලා “ටයි” කේස් එකක් ඇදලා ගත්තට දොස්තර මහත්තුරු ටිකක් අසතුටෙන් හිටියත් මගේ යෝජනාව සියලු දෙනා පිළිගත්තා. මට ඉතින් මොලේ අමාරුව කියලා කවුරුත් දන්නවනේ. මම ඉතින් වෝඩ් රවුන්ඩ් කරන ගමන් ටයි එක ගැනත් හෝදිසියෙන් ඉන්නවා . (අනේ මට ඉස්කෝලේ ප්‍රින්සිපල් ගේ ජොබ් එකත් කරන්න වුනානේ බුදූ දොස්තර මල්ලියේ ) . එක දවසක් හවස 3 ට විතර මම ඕ. පී .ඩී එක පැත්තේ රවුමක් ගියා. පෝලිම ටිකක් අඩු කියුබිකල් එකක් ඇතුලට ගියේ දොස්තර මහත්තයාගේ සැප දුක ටිකක් කථා කරන්න හිතලා. හුටා - දොස්තර මහත්තයා ටයි එක දාල නෑ. එයා ටිකක් කලබල වුණා. ඒත් මම කලබල වුනේ නෑ. එයා මාව දැක්ක ගමන් නැගිට්ටා. මම එයාට “ වාඩිවෙන්න පුතා “ කියලා එයාව පොඩි කයිවාරුවකට අල්ල ගත්තා. වැඩි හොඳට එයාගේ ලෙඩ්ඩු දෙතුන්දෙනා අනිත් පෝලිමට යොමු කරා.
ඉතින් මල්ලි මොකෝ අද ටයි එක දාන්න අමතක වුනාද ? ටයි එක ගෙනාව සර්. කෝ දැන් ටයි එක ? ඒක කාර් එකේ සර්. ඉතින් බලහන්කො මල්ලි. උඹ ටයි එක ගෙදර ඉඳලා ඉස්පිරිතාලෙට ගේනවා , ක්ලිනික් එකට දා ගෙන එන්නේ නෑ. ඒක නෙවයි උඹට බබාලා ඉන්නවද ? ඔව් සර් පුතෙක් ඉන්නවා. කොහෙද පැටියා ඉස්කෝලේ යන්නේ ? පුතා යන්නේ රෝයල් එකට. වෙරි ගූඩ්. පුතා ඩේලි කුලියාපිටියේ ඉඳලා කොළඹ ට්‍රැවල් කරනවද ? නෑ සර් පුතා හොස්ටල් එකේ ඉන්නේ. වීක් එන්ඩ් එකේ මම එක්කගෙන යනවා. හොඳයි ඔයා සඳුදාට පුතා එක්ක රෝයල් එකේ ගේට්ටුවෙන් පුතාව ඉස්කෝලේ ඇතුලට එක්ක යනවා, යුනිෆෝම් එක නැතුව, සරමයි කමිසෙකුයි අන්දවාගෙන. ප්‍රින්සිපල් ඉන්නවා ගේට්ටුව ළඟ. එතුමා ඔයාගේ පුතාට පාසලට ඇතුල්වෙන්න දෙනවද ? නෑ සර් , දොස්තර මහත්තයා උත්තර දුන්නා. යුනිෆෝම් එක කාර් එකේ, හෙට අන්දවාගෙන එන්නම්, අදට පන්තියට භාර ගන්න කිව්වොත් ප්‍රින්සිපල් හා කියයිද ? නෑ සර් . රෝයල් සංස්කෘතියට යටත් වෙනවා නම් අවුරුදු 100 ක ඉතිහාසයක් තියෙන කුලියාපිටිය සංස්කෘතියටත් කීකරු වෙන්න ඕනේ නේද පුතා. ඔහු ඔව් කියලා ඔලුව වැනුවා. මම එන්න ආවා. මේ හොඳ දොස්තර මහත්තයා ආයේ කවදාවත් ටයි එක නැතිව මට හමු වුනේ නෑ. කිසිම විරෝධාකල්පයකට අන් අයව පෙලඹුවෙත් නෑ. අනෙත් දොස්තර මහත්තුරුත් ටයි දාන්න උනන්න්දු කළා. මිනිහා නියම රෝයල් කොල්ලෙක්. (දැන් ඉතින් අහන්න ඉඩ තියෙනවා ටයි එක දැම්මම ඔක්කොම හරි යනවද කියලා . ඒකට කියන්න තියෙන්නේ -This is Basic - කියලා තමයි ) .බුද්ධිමත් දොස්තර මහත්තයාට මම apply කලේ "මේ අඹ ගස් හැර තවත් අඹ ගස් තිබේද ? වගේ ක්‍රමයක්. කවුරු මොනවා කිව්වත් මට ඕනෑ දේ සිද්ද වුනා. එච්චරයි.
DR A T Sudarshana
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: දොස්තර හොඳ හිත
(I still can't understand what our fascination with the Tie so much. Tie is a part of the uniforms in most Girls' schools in Sri Lanka. We are a tropical country and Tie serves no purpose than being a hindrance).
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
ටයි එක නොදාපු දොස්තර මහත්තුරුන්ගේ ටයි එක අන්දවපු කථාව දැන් ගොඩාක් දුර දිග ගිහිල්ලා. මගේ ලිපි කියවන පාඨකයින් බොහොම උනන්දුවෙන් අන්තර්ජාලේ සොඳුරු වාද විවාද පවත්වනවා. ඉන්දියාවේ ටෙලි නිළියන්ගේ සාරි මෝස්‌තර ගැන කථා කරනවට වඩා මේ රටේ පුර වැසියන්, විශේෂයෙන්ම තරුණ තරුණියන් රජයේ රෝහලක Dress Code එක ගැන හරවත් සංවාදයක යෙදීම කොයිතරම් අපූරුද? මුලින්ම මේ පිළිබඳව ඉතා ඉහල උනන්දුවකින් තම අදහස් පළ කල සියලු දෙනාට බොහොම ස්තුතියි. ඒ අදහස් අතර මෙන්න මේ සටහනත් තිබුනා. “ ටයි දැමීමේ සංස්කෘතිය බටහිරට ආවේ ඒවායේ දේශගුණික වෙනස්කම් නිසානේ. අපි ඒක වැරදී කොනකින් තමයි අල්ලාගෙන තියෙන්නේ අනිත් බොහෝ දේ වගේ. මං හිතන්නේ අපි රාජකාරියට සුදුසු පහසු ඇඳුමක් අඳින්නයි ඕනේ. මං සුදුසු කීවේ ටයි නෙවේ. පිරිසිඳු සහ පිළිවෙල”. තවත් අදහසක් ලියා තිබුනා, ටයි එක දාන කොට රෝගියා සහ වෛද්‍යවරයා අතර දුරස්ථ බවක් ඇති වෙනවා කියා. ශ්‍රී ලංකාව උෂ්ණාධික රටක් බැවින් ටයි දැමීම ගැන සිතා බැලිය යුතු බව. එමෙන්ම එංගලන්තේ දොස්තරලා බෝ එක දාල අත් කොට ෂර්ට් අඳින බව. මේ ඔක්කොම හරි අපුරු එමෙන්ම යම් තාක් දුරට පිළිගත හැකි අදහස්. ඒ සියලු අදහස් අතර ජීවක සුසන්ත මහතා ගේ කරුණු දැක්වීම සෑම ආයතනයකම Code of Conduct සඳහා නිකුත් කළහැකි උපදෙස් මාලාවේ පුර්විකාවට වඩාත් සුදුසු යැයි මට සිතේ.
“ඇඳුම සුදුසුද නැද්ද වෙනම සාකච්චා කර විසඳා ගත යුතුයි. නමුත් සම්මුතියකට පැමිණ තිබෙන ඇඳුම ඇඳිය යුතුයි.නැතහොත් විනය කඩවීමකි”.
මා හරියටම සාකච්චා කලේ මෙන්න මේ ගැනයි. ඔබ නිල ඇඳුමින් සැරසුන හෙදියක් තුලින් ශාන්තුවරියක් දකින්නේ නැද්ද? ඇය ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමකින් සැරසී හෙදකම් කලොත් ඇති විය හැකි මානසික අවුල් වියවුල් ගැන සිතා ගත හැකියි නේද? හෙදියකගේ නිල ඇඳුම සැලසුම් කර තිබෙන්නේ ලෞකික ආකර්ෂණයන් හැකි තාක් දුරට අවම වෙන ආකාරයටයි. මගේ අදහස නම් නයිටින් ගෙල් මැතිණියගේ ආගමික සංස්කෘතික පසුබිම අනුව හෙද නිල ඇඳුම වඩාත් සමීප වෙන්නේ කන්‍යා සොයුරියකගේ ඇඳුමට. සාත්තු සේවයට එය ඉතා හොඳින් ගැලපෙනවා. ඔබ වෙත එන සාත්තු සේවකයාට නියමිත පිරිසිඳු සුදු නිල ඇඳුමක් අන්දවා ඇත්තේ ඔබගේ පෞද්ගලිකත්වය මෙන්ම ජීවිත ආරක්ෂාව පිළිබඳවත් සිතා බලායි. මේ රටේ ඉතා දියුණු පෞද්ගලික අංශයේ ආයතන වල සේවක සේවිකාවෝ අපේ රට උෂ්ණාධික බැවින් තමන්ට පහසු ඇඳුම් ඇඳගෙන රස්සාවට යනවාද? ඔබ වඩාත් කැමති ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක් ඇඳගෙන පටි සෙරෙප්පු දෙකක් පැළඳි දොස්තර මහතෙකු ඔබේ දියණිය පරීක්ෂා කර බලනවාටද? එසේ නැතිනම් Full Suit සහිත කාරුණික ,ප්‍රිය මනාප දොස්තර මහතාටද ? මේ දෙදෙනාගෙන් ඔබට වඩාත් වෘතීය ආරක්ෂාව ලැබෙන්නේ කාගෙන්ද ? වඩාත් නිවැරදි දේ නම් ඔහු එම ආයතනයේ වෛද්‍යවරයෙකු ලෙස හැඳුනුම්පතකුත් පැළඳ සිටීම නොවේද? අප ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යන්නේ දොස්තර මහතාගෙන් වෘතිය සත්කාරය ලබා ගැනීමට මිස පෞද්ගලික සඹදතා ගොඩ නගා ගැනීමට නොවේ. සුහද මානව සඹදතා ගොඩ නගා ගැනීම තහනම් නැති නමුත් , වෘතිය ආචාරධර්ම තුල රෝගියා සමග යම් පරතරයක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. වෘතිය ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සායනික වට පිටාව, සහය සේවකයින්ගේ හැසිරීම සහ කතා බහ, වෛද්‍යවරයාගේ අනන්‍යතාවය රෝගියාට තහවුරු කර ගත හැකි වීම ආදී කරුණු රැසක් බලපාන අතර රෝහල් පාලනාධිකාරියේ වගකීම වන්නේ රෝගියා සතු මෙම අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට හැකි පරිසරයක් රෝහල තුල ගොඩ නැගීමයි. දැනටමත් බොහෝ රජයේ රෝහල් වල සවස් වරුවේ සහ සති අන්තයේ මේ කියන ටී ෂර්ට් දොස්තර මහත්තුරු වාට්ටු තුල සැරිසරන බව මා කියන්නේ ඉතා වගකීමෙන්. (දැන් ඉතින් මට දෙස් දෙවොල් තියන්නේ නැතිව වැරදි හදා ගනිල්ලා, මම ඉස්පිරිතාලේ ලොක්කා නම් ඉතින් කොක්ක තමයි ). ඔබ කියන්න , දරුවා ලැබෙන්න වාට්ටුවට ඇතුල් වූ ඔබේ දියණිය පරීකෂා කරන්නට ඔබ වෙත මා එවිය යුත්තේ අඩුම ගානේ ටයි එක දා ගත්, පිළිවෙලට ඇඳගත් වැදගත් මහත්මයෙකු නොවෙයිද? මට හිතෙන්නේ මාගේ වෛද්‍යවරයා රෝගියාට ගරු කිරීම කල හැකි එසේ කිරීමෙන් බවයි. දොස්තර මහත්තයාට දාඩිය දානවා කියා පුද්ගලික රෝහල් වල තමන්ට් ඕනෑ විදිහේ ඇඳුම් ඇඳගෙන යනවාද? අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අපේ රටේ අති බහුතරයක් වෛද්‍යවරු ඉතාම පිළිවෙලට ඇඳුම් ඇඳ තම වෘතීය ගරුත්වය ආරක්ෂා වන පරිදි රාජකාරී කරන පිරිසක් බවයි. එම විනය වෛද්‍ය විද්‍යාලයෙදීම ගොඩ නැගුනු එකක්. අප විසින් කල යුත්තේ බහුතරයක් වූ මෙම වෘතිකයන්ගේ එම හොඳ පුරුද්ද තවත් උනන්දු කරවීමයි. හැකිනම් හැමෝම සායනික ලෝගුව (Clinical Coat ) පැලඳීමට උනන්දු කරවීමයි. .කුලියාපිටියේදී මා විසින් සිදු කලේ මට පෙර සිටි පරිපාලකයන් අතින් මගහැරුණු ආයතනික සම්ප්‍රදායක් යලි ස්ථාපිත කිරීමක්. අපි මෙහිදී අවධානයට ලක් කල යුත්තේ අදාළ ආයතනය විසින් පිළිගත් ආයතනික සම්මුතීන් ආයතනයක් වශයෙන් , ආයතනයේ මෙන්ම වෘතිකයාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි වගේම සේවා ලාභියාගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි පිළිපැදීමේ වැදගත්කම පිළිබඳවයි. කරුණාව, මයිත්‍රීය ඇඳුමෙන් දෙන්න බෑ. ඒකට හැම සේවකයෙකුටම “ මහජන සම්බන්දතාවය පිලිබඳ මූලධර්ම (Public Relationship Principles)” නමැති පාඩම වෛද්‍ය විද්‍යාලය, හෙද විද්‍යාලය , ඇතුළු හැම විද්‍යාලයකම අනිවාර්ය විෂයක් බවට පත් කල යුතුයි. පුද්ගලික අංශයේ ඇතැම් ආයතන මෙන් ඒවා කඩ කරන එවුන්ට දඩ ගැසිය යුතුයි. අද බහුතරයක් රෝගීන්ගේ පැමිණිල්ල වෙන්නේ “ ඉස්පිරිතාලේ සේවකයෝ කථා කරන්නේ හරි සැරෙන්, කිසිම කාරුණික භාවයක් නෑ කියලයි”. මොකා ඔලුවෙන් හිටගෙන කිව්වත් තිත්ත ඇත්ත ඒක තමයි. මම වුනත් ඉස්සෙල්ලම ඉස්පිරිතාලෙට ගියහම ඔය කවුරුත් අහන්නේ “ මොකටද ආවේ “ කියලා තමයි. “මොකටවත් නෙවෙයි යකෝ මම තමයි උඹලගේ ඉස්පිරිතාලෙට අලුතෙන් ආපු ලොක්කා “ මගෙන් ඉතින් එහෙම එවුන්ට ගමේ භාෂාවෙන්ම ඔහොම තමයි හම්බවෙන්නේ. නෑදෑ කමක් හිතවත් කමක් නැතිව ඉස්පිරිතාලේ යන ඕනෑම කෙනෙක් බලාගෙන ඉන්නේ ඊළඟට ඇඟට කඩාගෙන පනින්නේ මොන වර්ගයේ රෝහල් සේවකයාද කියලා. රෝහල් 10 ක් බලා කියා ගත්තු මගේ අත්දැකීම ඕකයි. කෝටි ගණන් සල්ලි පොම්ප කරන නිදහස් සෞඛ්‍ය සේවයේ ඛේදවාචකය ඕකයි. හුඟක් එවුන්ට මාව ඇලජික් වෙලා තියෙන්නේ මම මේකට තරාතිරම නොබලා විරුද්ධ වෙන නිසයි. (හැමෝම තොප්පි දා ගන්නත් එපා )
DR A T Sudarshana
- Axe
- Posts : 251
Join date : 2014-02-23
Re: දොස්තර හොඳ හිත
Please share the original link with us if available.
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: දොස්තර හොඳ හිත
එළ කිරි.
- xmartTop contributor
- Posts : 732
Join date : 2015-01-17
Re: දොස්තර හොඳ හිත
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
දඹුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස සේවයට ගිය දා සිට එහි හෙද නිලධාරීන්ගේ පැමිණීමේ ලේඛනය පෙ. ව. 7.00 ට මා විසින් අත්සන් කිරීම නිසා ප්‍රමාද වී පැමිණෙන උදවිය මා සමග පසු වුයේ තද බල කෝපයෙන්. හෙද නිලධාරීන්ට ප්‍රමාද වී පැමිණීමට කිසි සේත් ඉඩ නොදුන් නිසා තමන් රෝහලට පැමිණෙන බස් රථය වෙනස් කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ නිසා අකමැත්තෙන් උවත් දඹුල්ල රෝහල අසලට පෙ.ව. 6.45 ට ලඟා වන බසයේ ඒමට හද නිලධාරීන් පුරුදු උනා. එක්තරා සෙනසුරාදා දිනක දඹුල්ල නගරයේ මහා ඛේදවාචකයක් සිදු උනා. අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පුජාවට යමින් සිටි මහා සෙනගක් සිටි බස් රථයක බෝම්බබයක් පුපුරා ගියේ 14 දෙනෙකුට එතැනම දිවි අහිමි කරමින් ,තවත් 140 දෙනෙකුට බරපතල තුවාල සිදු කරමින්. එදින දහවල් 12.30 ට ජන මාධ්‍ය සඳහා මා විසින් සමාලෝචනයක් සිදු කරනු ලැබුවා. එතැන දඹුල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය වූ හේරත් මහත්මියත් සිටියා. එතුමිය පිරිසට ඇහෙන්න අපුරු කතාවක් කිව්වා. "මේ රෝහලේ හෙදියන් විශාල පිරිසක් අපේ වෛද්‍ය අධිකාරී තුමා නිසා අද තමන්ගේ ජීවිතේ බේරුනා කියලා කියනවා ඇහුණා. වෙනදා නර්සස් ලා 20 ක් 30ක් විතර වැඩට එන්නේ මේ බෝම්බේ පුපුරපු බස් එකේ. ලොකු මහත්තයා රතු ඉර ගහන නිසා මාස ගානක ඉඳන් ඒ අය වැඩට එන්නේ 6.50 බස් එකේ. අදත් හැමෝම ඇවිත් තියෙන්නේ ඉස්සෙල්ල බස් එකේ. බෝම්බ බස් එකේ අද ඇවිත් තියෙන්නේ එක හෙදියයි . එයාට සුළු තුවාල තියෙන්නේ." දඹුල්ල ලංකාදීප වාර්තාකරු කාන්චන ආරියදාස මහතා ඒ කාලේ මේක වාර්තා කරලා තිබුනේ "වෛද්‍ය අධිකාරීගේ රතු ඉර නිසා හෙදියන්ගේ දිවි බෙරේ" කියලයි. ඒ අස්සේ එක ඇම්ඩන් කෙනෙක් අහපි සර් කොහොමද බෝම්බෙ 6.50 බස් එකෙ පිපිරුවනම් එහෙම කියලා. කොහොමද උගේ පොසිටිව් තින්කින් ?
DR A T Sudarshana
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
Axe wrote:Thanks Nihal.
Please share the original link with us if available.
Pls check this name in Face Book
AT Sudarshana
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
රාගම ශික්ෂණ රෝහල වෙත 2015 වසරේ අග භාගයේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස මා පත් වුයේ මගේ වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධි කටයුතු අවසන් වී ඊළඟ වාර්ෂික පත්වීම ලැබෙන තුරු තාවකාලික සේවා ස්ථානයක් ලෙසයි. මට වැටුප් ගෙව්වේද සෞඛ්‍ය අමාත්‍යංශයේ කොළඹ කාර්යාලයෙන් වූ අතර පත්වීමේ ලිපියද මාස තුනෙන් තුනකට දීර්ඝ කරන ලද්දකි. උලත් එකයි පිලත් එකයි න්‍යාය අනුගමනය කල මට රාජකාරී ඉටු කිරීම සඳහා මේ කිසිවක් බාධාවක් වුයේ නැත. මා හට නිශ්චිත කාර්යාලයක් නොතිබූ අතර, මා විසින්ම සුපිරි කාර්යාලයක් සතියක් ඇතුලත සාදා ගන්න ලදී. එවකට රෝහල් අධ්‍යක්ෂ වරයා වූ සෑම් සමරනායක මහතා ඉතා ඉහල මානුෂික ගති වලින් හෙබි කාරුණික පුද්ගලයෙකු වූ අතර, මගේ හැකියාවන් හදුනාගත් ඔහු මා හට වැඩ කිරීමට අවශ්‍ය බලය නිර්ලෝභීව හා දැඩි විශ්වාශයෙන් යුතුව විමද්‍ය ගත කළේය. ඉබ්බා දියේ දැම්මාම ඇන්නාවේ කිව්වා සේ ඉන් පසු ක්‍රියාත්මක වුයේ ඕනෑ යකෙක් දෙකයි පනහයි, මම වත්තල මා බෝලේ චන්ඩියා න්‍යායයි. (මේ ලිපි කියවන හැමෝටම හිතට නැගෙන්නට පුළුවන් හැම තැනම මට ආරුඪ වෙන චන්ඩි න්‍යාය මොකක්ද කියා )
එහෙනම් අහගන්න; මගේ වේගවත් හා අධිෂ්ඨාන සහගත තීරණ ගැනීම් හමුවේ බොහෝ අය නිතරම් කියූ කතාවක් තිබුනා. “සර් පරිස්සමින් ! මේකේ හිටපු ඒ. ඕ. මහත්තයටත් (පරිපාලන නිලධාරීයාට ) පිහියෙන් ඇන්නා. ඉස්පිරිතාලෙයි, රාගම ටවුමේ අයයි, ඔය ත්‍රී වීල් සෙට් එකයි ඔක්කොම එකාට එකා සම්බන්ධයි. “උන්ට ගිහින් කියාපියව් , අලුත් ඩී. ඩී. වනාතමුල්ලෙන් පටන් අරන් හලාවත මාළු කාරයෝ සෙට් එකට වැඩේ දීල දඹුල්ලේ එළවලු චන්ඩින් එක්ක හැප්පිලා , මාරවිල මූදුකටුවේ එවුන්ට බණ කියලා රහත් කරවලා ආපු වත්තල මාබෝලේ පැත්තේ ඉඳලා එන මහා අසමජ්ජාති එකෙක් කියලා. (වැඩක් කරන්න හදනකොට බොරු බිල්ලෝ මවන මේ ලෝකෙන් උතුම් රටේ කල්ලි ගැහුන රස්තියාදු කාරයන්ට මගේ ළඟ තියෙන පස් පංගුව තමයි ඔය ). මේ ස්ලෝගන් එක මම ඉතා වේගයෙන් පතුරුවා හැරියා. මම දැන් රාගම ඉස්පිරිතාලෙට ගියත් ත්‍රීවීල් මල්ලිලා කොහොමද සර් කියලා මා ලඟට එන්නේ සීරුවෙන්. (මේවට ගොන් පාට් කිය කියා ඉන්නේ නැතිව උඹලත් පෞරුෂය ගොඩ නගා ගනිල්ලා ) මොහොමඩ් අලි අධ්‍යනය කරන්න. මේක ඔහුත් අනුගමනය කල න්‍යායක්. මේ ක්‍රමයට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ බලය තහවුරු කර ගත් මම සමරනායක සර්ගේ හිතේ තිබුණ ප්ලෑන් ඔක්කොම් මාස හයෙන් ක්‍රියාත්මක කරලා ඉවර කළා.
හැම ආයතනයකම වගේ රාගම්දීත් මම කෑම කෑවේ පොදු ආපන ශාලාවෙන්. රෝහලේ සිදුවෙන අකටයුතු බොහොමයක් කැන්ටිමේ ඕපාදුප වලින් දැනගන්න පුළුවන්. ජනමාධ්‍ය දැන ගන්නේ බොහොම පහුවෙලා. අනිත් හැම තැනම වගේ රාගම කැන්ටින් හිමියාත් මට හරි හිතවත්. ඔහු හොඳ දරු පවුලක් රැක්ක වැදගත් මහත්මා ගතිගුණ සහිත අයෙක්. ඔහු නිතරම මම කල හොඳ වැඩ ගැන මහා ඉහලින් අගය කලේ මෙතෙක් කවුරුත් නොකළ විශ්වකර්ම වැඩ ගානට. මගේ වැඩ අගය කරන ගමන් ඔහු මට හැමදාම දුක් ගැනවිල්ලක් කියනවා. “සර් මොන වැඩේ කලත් වැඩක් නෑ. එක වැඩක් නැතිව” මොකක්ද ඔය වැඩේ ? මම ඇහුවා. “ සර් ඔය පුද්ගලික වෛද්‍ය විද්‍යාලෙ කාලේ ජෙ. ආර් මහත්තයා හදපු බිල්ඩිමේ ඔපරේෂන් තියටර් එකයි දැන් අවුරුදු 50 ක් විතර පරණ වාට්ටුයි අතර පහුගිය අවුරුදු 25 හේම සීසර් කරපු ලෙඩ්ඩුයි, අනිත් ඔපෙර්ශන් ලෙඩ්ඩුයි ට්‍රොලියේ දාගෙන උඩ පැන පැන අරන් යනකොට ලෙඩ්ඩු තුවාල වේදනාවෙන් කෑ ගහන හැටි පොඩ්ඩක් බලන්න සර්. මගේ දුවල දෙන්නත් මේ වේදනාවට මුහුණ දුන්නා. මම ඒ ගැන දන්නේ ඒ නිසයි.” මට මේ ගැන කවුරුත් කියලා තිබුනේ නෑ. මම එදාම කාරණේ හොයලා බැලුවා. ඉදිකිරීම් ලිපිගොනු බැලුවා. මීටර් 300ක් විතර වූ මේ කොටස රළු කොන්ක්‍රීට් පමණක් අතුරලා තිබුනා. ලෙඩ්ඩු පටවාගෙන ට්‍රොලිය යනකොට හරියට පරණ බඩු කෝච්චියක සද්දේ එනවා. මේක ටෙරාසෝ කරන කාගීල්ස් යෝජනාවට රුපියල් ලක්ෂ 25 ක් ඇස්තමේන්තු කරලා තිබුනා. ලක්ෂ පහේ තව යෝජනාවක් තිබුනා. ඔක්කොම ෆයිල් වල විතරයි වැඩේ කෙරිලා නෑ. පුදුමේ කියන්නේ සමරනායක සර්ටත් මේක හදන්න ඕනෑ කියන සිතිවිල්ල ඇවිත් තිබුනා. ඔහු මට කථා කරලා ඇහුවා මේක හදන්න පුලුවන්ද කියලා .මම කිව්වා පුළුවන් කියලා. මගෙන් ඇහුවා මොනවද ඕනේ කියලා. වැලි කියුබ් 2යි සිමෙන්ති කොට්ට 25 යි, නඩත්තු අංශේ කොල්ලෝ සෙට් එකයි, මමයි. (දැන් අහයි ඇස්තමේන්තුවැ හැදුව හැටි - ප්‍රායෝගික ශිල්පීය ඥානය හැමෝටම නෑ ).
මේ වැඩේ වැරදුනොත් මගේ රස්සාව ගහල යන බව මම දන්න වා. ඒ නිසා සියල්ල කෙරුවේ මුල්‍ය රෙගුලාසි අනුගමනය කරමින්. කුලියාපිටියේ මගේ පළපුරුදු මේසන් බාස්ව ගෙන්වා ගත්තා. වැලි හලන එකේ ඉඳලා සිමෙන්ති අනලා සුද තියලා ඉවර වෙනකම් මම ලඟින් හෙල්ලුනේ නෑ. (මම තමයි පඩි නැති වැඩ පරීක්ෂක ). සෙනසුරාද උදේ පටන් ගත්ත වැඩේ ඉවර වුනේ සඳුදා පාන්දර. හැමෝට හුඟක් මහන්සියි. එත් වැඩේ ඉතා ඉහලින් කුලියාපිටියේ බාස් උන්නැහේ කරලා තිබුණා. අවුරුදු 27ක් ඔපෙරේෂන් කරලා වාට්ටු වලට ගෙනියන රෝගීන්ට බටලන්දේ ක්‍රමයට වධ දීම මම දවස් තුනෙන් නැවැත්තුවා. වියදම රුපියල් පනස්දාහයි. මම කැට තියලා කියන්නම් දැන් මේක ඇස්තමේන්තු කලොත් ලක්ෂ 50 ක් කියනවා සිකුරුයි. මේ වැඩේ නඩත්තු අංශයට පවරන්නේ නැතිව නියෝජ්‍ය අධ්‍යක්ෂකට පැවරුවේ ඇයි කියලා එක සහෝදරයෙක් ප්‍රශ්න කරලා තිබුනා. අපේ හිටපු ගම්මුලාදෑනියෝ අම්බලමක් වුනත් හැදුවේ අදටත් ගුල්ලෝ ගහන්නේ නැති අනර්ඝ ලී යොදලා. මේ රටට බෝ කරපු අසමජ්ජාති කොන්තරාත් ක්‍රමය විසින් එකට සීයක් වියදම හදලා මාස දෙකෙන් කඩා වැටෙන ඉදිකිරීම් කරන කාලකන්නි කොන්ත්‍රාත් කාරයාව පෝසත් කරන ක්‍රියාදාමය සරුවට නැගලා යනකොට ඉස්පිරිතාලේ බජට් එක මාස හයෙන් වාෂ්ප වෙනවා. මට නිදහස් අධ්‍යාපනයෙන් ජීව විද්‍යාව එක්ක භෞතික විද්‍යාවත් ඉගැන්නුවේ ඕනෑ වුන වෙලාවක ප්‍රයෝජනයට ගන්න තමයි. මගේ මොලේ වම දකුණ දෙකම නිදහස් අධ්‍යාපනයෙන්මම දියුණු කර ගත්තා. මගේ ලොක්කා ඒක දැනගෙන ඉන්න ඇති. ඒකයි බය නැතිව වැඩේ මට භාර දෙන්න ඇත්තේ. (පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි කියලා වෙළඳ දැන්වීමක තිබුණා) .
Posted by Thusitha Sudarshana at 1:00 AM
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිය සමත් වී නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස කොළඹ ළමා රෝහලේ වසරක පමණ සේවා කාලය තුල එහි අතිශයින් ජනප්‍රිය වීමේ ප්‍රතිඵලය වුනේ එහි සිටි ලොකු මහතා හේතුවක් නොදක්වා මාව සාමාන්‍ය වාට්ටුවක වෛද්‍ය වරයෙකු ලෙස අනුයුක්ත කිරීමයි. මගේ හැකියාවන් හඳුනාගෙන සිටි වත්මන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා මා හට හලාවත මහා රෝහලේ වෛද්‍ය අධිකාරි තනතුර භාර දුන්නා.එතැනින් පටන් ගත් ගමන දඹුල්ල, මාරවිල,කුලියාපිටිය, රාගම ආදී රෝහල් හරහා දිග ගමනක් ගියා. දඹුලු යන්න ඒ .සී ,බස් එකට උදේ 4 ට නුවර පාරේ තොරණ හන්දියෙන් නගිනවා. දඹුල්ල ඉස්පිරිතාලේ ලොක්කා වෙච්චි මගේ සීට් එක රියදුරා කොළඹ ඉඳන් අරන් එනවා. හුඟක් දවස් වලට මේ බස් වලට අත දරුවෝ අරන් අම්මලා නගිනවා. ඒ අය ගොඩක් වෙලාවට වාඩි වෙන්නේ මට යාබද ආසනේ. පොඩි එවුන් හුඟක් වෙලාවට ඒ .සී බස් එකේ වමනේ දානවා, හැබැයි අම්මලාගේ කිසිම සුදානමක් නෑ. අවුරුදු 4 ක් දඹුලු බඩගෑව මම නිතරම මගේ ගමන් මල්ලේ ෂොපින් බෑග් කීපයක් තියාගෙන ඉන්නවා. ළමන්ගේ හැසිරීම ගැන හොඳ ඉවක් තියෙන මම පොඩි එකා වමනේ දානකොටම ෂොපින් මල්ල අම්මා අතට දෙනවා.කොන්දොස්තරගේ ෂොපින් මල්ල එනකොට කෝච්චිය ගිහිල්ලා. කොහොම හරි මගේ වෑයම හුඟක් දවස් වලට හරි යනවා. සමහර දවස් වලට වැඩේ වරදිනවා. එදාට ඉතින් මම නානවා. බස් එකේ හැමෝම අම්මට මුණු මුණු ගාල දොස් කියනවා.හැබැයි උදව් කරන්න එකෙක්වත් නෑ. සමහර දාට මගේ අතේ තියෙන වමනේ පෙත්තක් අම්මා අතට දෙනවා. මාව අදුනන්නේ නැති නිසා මගේ හැඳුනුම්පත පෙන්නලා මම දොස්තර කෙනෙක් බව කියන්න වෙනවා. නැත්තම් ඉතින් වදින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙනවා.
අවුරුදු ගානක් බස් එකේ යන නිසා ඩ්‍රයිව්ර්ලා ,කොන්දොස්තරලා මගේ හොඳ යාලුවෝ. සරල ඇඳුමක් ඇඳන් ඉන්න මම අහවලා කියලා දන්නේ ඒ දෙන්න විතරයි. බස් ඩ්‍රයිවර්ලගේ නාඩි ඇල්ලීම, කපාගෙන යාම , ආදී ශිල්ප සාශ්තරත් ඔය අස්සේ මම ඉගෙන ගත්තා. සමහර වෙලාවට ටයිම් කීපර් වැඩෙත් කරලා තියෙනවා. හුඟක් අය හිතන්නේ මම ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. උදේට කෑම ගන්නේ ඔමාරගොල්ලේ තේ කඩෙන්. ඩ්‍රයිවර්ලා මාව එයාල කෑම කන කැබින් එකට එක්ක යනවා. මගෙන් සල්ලි ගන්නේ නෑ. සමහර දවස් වලට පැය 4ක් බස් එකේ යනකොට මුත්‍රා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඉතින් ඩ්‍රයිවර් මල්ලි කැලයක් අයිනේ කාටත් නොදැනෙන්න මට අදාළ පහසුකම සලසනවා. මම මේ දුෂ්කර ක්‍රියාව අවුරුදු 10ක් තිස්සේ කළා. මම ඉතින් ඉල්ලන් කෑවාට, අපේ බුද්ධිමත් පරපුර කොළඹ පිටත වට රවුමට හරි ආසයි. මම නම් එහෙම ගොයියන්ට කියන්නේ උඹලා ඔක්කොටම ගේ ලඟින්ම ඉස්පිරිතාලයක් ගානේ හදා ගනිල්ලා කියලයි.
Posted by Thusitha Sudarshana
- lanka
- Posts : 624
Join date : 2014-11-26
Re: දොස්තර හොඳ හිත
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
Posted by Thusitha Sudarshana
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
Posted by Thusitha Sudarshana
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
රාගම ශික්ෂණ රෝහලේ සේවය කරන අවධියේ සෑම බ්‍රහස්පතින්දාවකම වාට්ටු භාර හෙද සොයුරියන් සමග අදාළ වාට්ටු වල ගැටළු සාකච්චා කිරීම මගේ පුරුද්දයි. එක දිනක අලුත් වාට්ටු සංකීර්ණයේ හෙදි සොයුරියක් තමාට බරපතල ගැටළුවක් විසඳා ගැනීමට ඇති බව කියා සිටියාය. ඇයගේ ගැටලුව වුයේ වාට්ටු කොරිඩෝ අවහිර කරමින් වසර ගණනක් පුරා ගොඩගසා ඇති රෝගී ඇඳන් ඉවත්කර ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මම අදාළ වාට්ටුවට ගොස් ඇයගේ ගැටළුව පිලිබඳ සොයා බැලුවෙමි. අහෝ ඛේදයකි ! පිටරටකින් ආනයනය කරන ලද ඇදන් විශාල ප්‍රමාණයක් කොටස්වලට ගලවා අල ලූනු ගොඩවල් වගේ කොරිඩෝවේ ගොඩගසා තිබුණි. මේවා අබලි භාණ්ඩ ලෙස නම්කර ඉන්වෙන්ට්‍රි වලින් ඉවත්කර ගැනීමට නියමිතව තිබුණි. එහෙත් ඇඳන් කැබලි ගොඩ දුටු සැනින් මට හිතුනේ මෙතරම් වටිනා ඇඳන් කොටස් එකලස් කර ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද යන්නයි. මේවා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ඉතා සුව පහසු ස්වයංක්‍රීය ඇඳන් බව දැනගත් මා ඒවා එකලස් කල හැකි අයෙකු රෝහල් නඩත්තු අංශයේ සිටීදැයි සොයා බැලුවෙමි. මා මෙම රෝහලට පැමිණි පසු නඩත්තු අංශයට අනුයුක්ත කරන ලද තරිඳු නමැති තරුණ සේවකයා මෙම කාර්ය ඉටු කිරීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනේය. රිමොර්ට් කොන්ට්‍රෝල් මගින් ක්‍රියා කරන මෙම ඇඳන් දොළහක් යථා තත්වයට පත්කිරීමට අමතර කොටස් වලට වියදම් වුයේ රුපියල් විසිපන්දාහක් පමණයි. දින දහයක් වගේ කෙටි කාලයක් තුල සියලු ඇඳන් එකලස් කර යථා තත්වයට පත්කර අලුතෙන් ගෙනා කෝච්චි පෙට්ටි වගේ කොරිඩෝව දිගේ නවතා තැබුවේ ඉතාම ආඩම්බරයෙන්. වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වූ මෙම ඇඳන් සෑම වාට්ටුවකටම එක බැගින් බෙදා දීමේ අරමුණින් මෙසේ ගාල් කර තිබියදී , එක්තරා රාත්‍රියක කාලකන්නි කණ්ඩායමක් විසින් ඇඳන් කිහිපයක වයර් කපා දමා තිබුනේ කාගෙන් පලිගනීමටදැයි මට තාමත් නොවැටහේ. මේ සිද්ධිය නිසා කපා දැමු වයර් කොටස් නැවත අලුත්වැඩියා කර එක දිනක් ඇතුලත බලහත්කාරයෙන් වාට්ටු වලට බෙදාහැරියෙමි. ( Bar Bed හෙවත් සිහිමද රෝගීන්ගේ ආරක්ෂාවට වැටවල් යෙදු මෙම ඇඳන් සෑම වාට්ටුවකම Acute Patient Bed ලෙස යොදා ගැනීමට ඉතා සුදුසුය)
අපේ රටේ බොහෝ වාට්ටු වල ඇත්තේ සුද්දගේ කාලේ හැදු, කල්පනාවෙන් නිදා නොගත්තොත් අනිවාර්යයෙන්ම බිමට වැටෙන ඉතා රළු පරළු ඇඳන් වන අතර , හරිනම් මේ සියලු ඇඳන් වෙනුවට නවීන ඇඳන් යෙදිය යුතුය. එහෙත් දොස්තරලා නර්ස්ලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කලාට ඒවායේ නිදාගන්නේ නැති බැවින් ලෙඩාට ඇති රුදාව නොදන්නවා විය හැක. හදපු ඇඳන් දොළහත් බලහත්කාරයෙන් වාට්ටු වලට ඔබන්නට සිදු වුයේ ඒ නිසාම වෙන්න ඇති. කෙසේ වුවත් හදපු ඇඳන් ටික නඩත්තු නොකරන එවුන්ට දෙවියන් වහන්සේ ඊ ළඟ ආත්මේ පැදුරු කඩමාල්ලක්වත් නොදෙන්නට වගබලා ගැනීමට ඉඩ ඇති බැව් නම් සහතිකයි. ඒ නිසා පරෙස්සම් වෙයල්ලා.
පසුගිය ජුනි මාසයේ දැඩි ලෙස රෝගාතුරවී රාගම රෝහළේ 16 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට මට සිදුවුණා. ඒ වෙලාවේ නර්ස් නෝනා මට දුන්නේ සුද්දගේ කාලේ පරණ ඇඳක්. මට ටිකක් තරහා ගියත් ඒ බව නොපෙන්වා , තරිඳු ලවා මා නැවත පුනරුත්ථාපනය කල ඇඳක් මට සොයා දෙන ලෙස ඉල්ලා සිටියා. සැනෙකින් මට එවැනි ඇඳක් ලැබුණා. ඔන්න මම මගේ ඇඳේ නිදා ගත්තා. සතියක් තිස්සේ ඒ ඇඳේ ඉඳන් අත් දෙකටම පැය අටකට වරක් බෙහෙත් විද්දත් කිසි අමාරුවක් නැතිව මම හදපු ඇඳේ සැපට නින්ද ගියා. මම රෝහල් වාට්ටු වල ගැටළු සොයාගත්තේ දිනපතා රාත්‍රී වාට්ටු නිරීක්ෂණය කිරීමෙනුයි. එත් මම මේ රෝහලේ නේවාසිකව හිටපු සතිය පුරා එක දවසක්වත් , කිසිඳු රෝහල් බලධාරියෙක් වාට්ටු නිරීක්ෂණයක් සිදු කලේ නැහැ. (සමහරවිට රෝහලේ ප්‍රශ්න ඔක්කොම මේ වනවිට විසඳලා ඇති ) එකලස් කරපු ඇඳක් ළඟ තරිඳු මල්ලියව තියල පොටෝ එකක් ගහල තියාගත්තේ මේ ඇඳන් හදන්න බෑ , මේවා පාවිච්චි කරන්න බෑ කියලා තමන්ගේ යුතුකම මග හරින , නිදහසට කරුණු කියන එවුන්ට තරු පෙන්නන්නයි. මම කරපු වැඩ ලියන එකත් සමහර එවුන්ට විසයි. යකෝ කන්නු කොරු වගේ ඉන්නේ නැතිව මේ වගේ සම්පත් යකඩ වලට විකුණන එක නවත්තපල්ලා. මට ගරහන්නේ නැතිව උඹලත් දුවිලි මකුළුදැල් අතගාල මේවා හොයා බලපල්ලා. බදූ ගහල ණය ගෙවන තැනට මේ රට පත්වුණේ අරපරෙස්සම ,නඩත්තුව ගැන වගේ වගක් නැතුව වැඩ කරපු ගොයියලගේ කෙරුවාව හින්ද බව මතක තියා ගනිල්ලා. ( භාෂාව රළු වැඩිනම් මයිත්‍රී වේවා - තොප්පිය හරිනම් දා ගනිල්ලා ) මගේ ලිවීමේ ශෛලිය තුල අධිමානසික හා ආවේගශීලී බවක් පෙන්වන බවක් එක් මිතුරියක් ඉතා සද්භාවයෙන් කමෙන්ට් කර තිබුණා. ඒකට මට ලියවෙන්නේ මෙන්න මෙහෙමයි. “අනේ මැණිකෝ, මේවා දැක්කම මට මල පනිනවා යකෝ ”
Posted by Thusitha Sudarshana
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දොස්තර හොඳ හිත
දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස මා පත් වන්නේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මියගේ පෞද්ගලික ඉල්ලීමක් අනුවයි. එතුමියට මා ඉතා හොඳ පරිපාලකයෙකු බව රෙකමදාරු කරන්නේ විශේසඥ වෛද්‍ය ලක්කුමාර මහතායි. එල්.ටී .ටී යුද්ධයේ දරුණුම සමය වූ මෙකල මෙම රෝහල භාර ගැනීම්ට කිසිවෙකු ඉදිරිපත් නොවුයෙන් ජන්ම ගතියට ජාතික අභිමානයත් එකතුවී ආසාවෙන් ඉල්ලන්කා දඹුලු රෝහලට තනි කොලේ පත්වීම් ලිපියක් අතුල කහඳ ලියනගේ මහතාගෙන් ලබා ගත්තෙමි. මා එහි ගිය පළමු දවසේ කිසිවෙකුට මා කවුරුන්දැයි නොකියා වෙස්වලාගෙන මුළු රෝහලේම කරක් ගැසුවෙමි. ගුටි කෑමට ඉඩ තිබෙන නිසා පරිපාලන නිලධාරියා පමණක් දැනුවත් කෙරුවෙමි. පරිපාලනය කෙසේ වෙතත් හැමෝම තම තමන්ට ඕනෑ විදිහට ස්වයං පරිපාලන එකක ගොඩ නගාගෙන තිබුණි. යන එන වෙලාව තමන්ට ඕනෑ විදිහට් වූ අතර සුළු සේවකයෝ බොහොමයක් ටී ෂර්ට් ඇඳගෙන එහෙ මෙහෙ රස්තියාදු වෙමින් කයිවාරු ගසමින් සිටියා. දවසක් ඉතා රූමත් තරුණියක් දුරකථන ක්‍රියාකරු තනතුරට පත්වීම් ලිපියක් අරන් මගේ කාර්යාලයට ආවා. ඇගේ ගම මාතලේ . එය දේශපාලන පත්වීමක්. ඒ තරුණිය කිව්වේ චම්පික අයියා දුන්න පත්වීමක් කියලා.මම ලිපිය කියවල බැලුවා. ඇගේ තනතුර ලෙස තිබුනේ සනීපාරක්ෂක කම්කරු, ආවරණ රාජකාරි. මම කිව්වා ඉතින් අද ඉඳලා රාජකාරියට වාර්තා කරන්න කියලා. මම හෙට ඉඳලා වැඩට එන්නම් හැබැයි සර් මට නිල ඇඳුම අඳින්න බැ. සාරිය අඳින්න ඕනෑ මම චම්පික අයියටත් කියලයි තියෙන්නේ කියලා කිව්වා. කව්ද චම්පික අයිය කියන්නේ ,එයා නෙවෙයිනේ දඹුල්ලේ ලොක්කා ,මමනේ ,ඔයා මම කියන විදිහට නිල ඇඳුම ඇන්දොත් මෙහෙ වැඩ කරන්න පුළුවන් නැත්නම් ඉතින් ඒ අයියා ළඟටම යන්න පුළුවන් කියලා මම කිව්වා. සර් දන්නේ නැද්ද ඒ තමයි පලාතේ සෞඛ්‍ය ඇමති තුමා. සාරි අඳින්නේ නැතිව මට වැඩ කරන්න බෑ. මම එහෙනම් ඇමතිතුමාට කියන්නම් සර් මට වැඩ කරන්න දෙන්නේ නෑ කියලා. ඔයාට විතරක් වෙනම ඇඳුමක් අඳින්න දුන්නම හැමෝම තමන්ට ඕනෑ ඇඳුම් අඳින්න ගනී. මම කොහොමද එතකොට මේ තරම් අමාරුවෙන් නිල ඇඳුම් අඳින්න පුරුදු කරපු ඉස්පිරිතාලේ පිළිවෙල ආපහු හරවන්නේ. ඒ නිසා මගේ තීරණේ වෙනසක් නෑ. තරුණිය අතුරුදහන් උනා. එදා රෑ ඇමති ගෝලයෙක් තිත්ත කුණුහරුපෙන් මට බැනවැදී කොළඹ බස් එකේදී මා හමු වන බව කීවා. පසුවදා පළාත් අධ්‍යක්ෂ තුමිය කතා කර ඇමති හුරතලියගේ සාරි ඇඳීමේ මගේ තීරණය ගැන විමසුවා.මට යකා නැග්ගා. මම එතුමියට ලොකු ගෞරවයක් තිබුන නිසා මොකුත් නොකියා හිටියා. නමුත් මම ලක්කුමාර මහතාට දුර කතනයෙන් කතා කළා.පසුදාම මම තනතුර අතහැර කොළඹ යන බව ඔහුට දැන්වුවා. කලබල නොවී පැය භාගයක් දෙන ලෙස ඔහු මට කීවා. හරියට පැය භාගයකින් ඔහු මට කතා කළා. " ඔයාට ඕනෑ හැටියට වැඩ කරගෙන යන්න කියලා ශාන්ති කියන්න කිව්වා -කොළඹ නම් යන්න එපාකිව්වා " කරදරේ ඉවර උනේ නෑ. එවකට මධ්‍යම පළාත් සභා නායකගේ ඥාති අධ්‍යක්ෂ වරයෙක් ආයෙත් කතා කළා. රෝහලක විනය එක හොර ගෑනියෙකුට සාරි අන්දවන එකට යට කරන්න මම දෙන්නේ නෑ කියලා මම කිව්වා.මා ගැන දන්න ඔහු උඹ හරි , හැබැයි පරිස්සම් වෙයන් කියලා කිව්වා. මම ඔහුට දුන්නෙත් පරණ උත්තරේ තමයි . "ඕනෑ යකෙක් දෙකයි පනහයි, කැමැත්තෙන් දඹුලු ආපු මට උලත් එකයි ,පිලත් එකයි." මේ සිද්ධිය චීන කන්නාඩිය කියන කොලමට ලංකාදීපේ කාංචන ආරියදාස ලියු ලිපිය තවම මා ළඟ තියෙනවා. කොහොම උනත් දිගු කලක් එකම ඉස්පිරිතාලේ වැඩ කරපු අයට මගේ පරිපාලන රටාවට හුරුවෙන්න ඒ තරම් ලේසි උනේ නෑ.චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුවේ බලවත් මැති ඇමතිලාට මගේ රාජධානිය යටත් කර ගන්න මම ඉඩ දුන්නේ නෑ. මම හැම විටම කිව්වේ " I am the King , mind you I am the only King " කියලා. කෙලින් වැඩ කරපු මට කාගෙන්වත් අභියෝගයක් තිබුනේ නෑ. මගේ මේ ක්‍රමයට රන්ගිරි දඹුලු නායක හාමුදුරුවෝ බොහොම ආශිර්වාද කළා. මම ආපහු කොළඹ ආවේ පරිපාලනය කියන්නේ මොකක්ද කියලා දඹුල්ලට උගන්වලා. මම ආවට පස්සේ මොනවා උනාද දන්නේ නෑ .
Posted by Thusitha Sudarshana
- lanka
- Posts : 624
Join date : 2014-11-26
Re: දොස්තර හොඳ හිත
මෙවැනි අය ගැන අසන්නට, දැනගන්නට ලැබීමත්, සතුටක්....
ස්තුතිියි.... නිහාල්