- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අර්ජුන නොකළ දේ ඉන්ද්‍රජිත් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රථම වරට රජයේ රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳ ගනුදෙනු තොරතුරුවල සාරාංශගත සංඛ්‍යා ලේඛන නිකුත් කිරීම ආරම්භ කර තිබේ. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය පියවරක් වශයෙන් මෙම වැඩපිළිවල අරඹා ඇත.
ඒ අනුව 2016 අගෝස්තු 01 වන දින සිට, සියලු ප්‍රාථමික අලෙවිකරුවන්, ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සහ තොරතුරු ඉලෙක්ට්‍රොනික පද්ධතියක් වන බ්ලූම්බර්ග් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළෙඳ පද්ධතිය තුළ අන්තර් ප්‍රාථමික අලෙවිකරුවන් ආයෝජකයින් සමග කරනු ලබන මිලියන 50 ඉක්මවන සියලුම විකුණුම් හා අදාළ තොරතුරු විනාඩි 30 ක් ඇතුළත එම පද්ධතිය වෙත වාර්තා කළ යුතු වන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අකණ්ඩ පදනමක් මත මෙම ගනුදෙනු අධීක්ෂණය කරමින් ඒ හා ඵලදා අනුපාතික හා ගනුදෙනු ප්‍රමාණයන් සමඟින් වෙළෙඳ තොරතුරු සාරාංශයක්, මේ සමඟ අමුණා ඇති ආකෘතියේ පරිදි මහ බැංකු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි තොරතුරු දිනකට දෙවරක්, එනම් දවසේ මධ්‍ය්නයේ දී හා දවස අවසානයේ දී මෙම පද්දතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වීසමත් සමඟ යථා කාලයේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ආයෝජකයින්ට අනෙකුත් මූල්‍ය වෙළෙඳපොළ සහ ආර්ථික තොරතුරු සමඟ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ තත්ත්වයන්ගේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර, ඔවුන්ගේ ආයෝජන සම්බන්ධයෙන් වඩා දැනුවත් තීරණ ගැනීමට මෙම තොරතුරු උපකාරී වනු ඇත. එවැනි වෙළෙඳපොළ තොරතුරු පැවතීම හරහා අනෙකුත් මූල්‍ය වෙළෙඳපොළවල් හා සමගාමීව රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විනිවිදභාවය තවදුරටත් ඉහළ යමින් මිල අනාවරණය හා පුළුල් පරාසයක් තුළ වෙළෙඳපොළ පැතිය යෑහ සිදුවනු ඇත. ප්‍රාථමික අලෙවිකරුවන් නොවන බැංකු විසින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට කරනු ලබන ද්වීතියික වෙළෙඳපොළ රජයේ සුරැකුම්පත් අලෙවියන් ද යථා කාලයේ දී මෙම පද්ධතියට ඇතුළත් කරනු ලැබේ.
මීට අමතරව තවදුරටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් සංවර්දිත මූල්‍ය වෙළෙඳපොළවල් පරිද්දෙන් වෙළෙඳපොළ තොරතුරු තත්කාලීන පදනම මත සැපයීම සඳහා විමධ්‍යගත ගනුදෙනු පද්ධතිය හා සමගාමීය විද්‍යුත් වෙළෙඳ පද්ධතියක් පිහිටුවීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.
මේ අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළ නියාමනය හා අධීක්ෂණය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත. ඒ අනුව රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ නියාමනය හා අධීක්ෂණය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ණය නිකුත් කිරීම්, ලේඛනගත කිරීම, වෙළෙඳපොළ සංවර්ධනය හා ණය කළමනාකරණය යන විෂයයන් සඳහා පමණක් සීමා වනු ඇත.
මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයයන් හරහා සාධාරණ වෙළෙඳපොළ පරිචරයන් ප්‍රවර්ධනය වීමත් සියලුම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සහභාගීකරුවන් වෙත තවදුරටත් ඵලදා ලාභයන් ලබාදීමත් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
http://biz.adaderana.lk/
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28