- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්
biz_man Top News November 27th, 2016
කොටස් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා වන වැඩසටහනකට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 250ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අදාළ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 24 වැනි දා අත්සන් තබනු ලැබීය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික ධූත මණ්ඩල අධ්‍යක්ෂ වන ශ්‍රී විඩෝවතී මහත්මිය එම බැංකුව වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළාය.
ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් අරමුදලෙන් මෙම ණය මුදල ලබා දීමට නියමිතය.
කොටස් වෙළෙඳපොළ සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ රටේ අවශ්‍යතාවයන් සඳහා වඩා සාධනීය ලෙස ඒකරාශී කිරීමය. මෙමඟින් රටේ ආර්ථික සංවර්ධනය හා ආර්ථික වර්ධනය වඩා යහපත් ලෙස ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ. මෙම වැඩසටහන යටතේ කාර්යක්ෂමතාව දියුණු කිරීමට හා ස්ථාවර හා විනිවිදභාවයෙන් යුතුව කොටස් වෙළෙඳපොළ වර්ධනය කිරීමට ද බලාපොරොත්තු වේ. යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 250ක ණය මුදලෙන් එක් කොටසක් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 125 වන ලෙස වාර දෙකක දී ගෙවනු ලබන අතර අදාළ ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සලකා ණය මුදල් නිකුත් කෙරෙනු ඇත.
මුදල් අමාත්‍යාංශය මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලබන අතර එය ක්‍රියාත්මක කරන නියෝජිතයන් ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සහ විගණන ප්‍රමිති උපදේශක සභාව කටයුතු කරනු ලබයි.
- විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.