- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි
මේ අනුව දැනට පවතින සෑම සාමාන්‍ය කොටස් 7 කටම 1 බැගින් වන පරිදි හිමිකම් කොටස් 18,666 ක් නිකුත් කිරීමට නියමිතය.
සිය බාහිර බැරකම් පියවීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා රැස්කර ගනු ලබන අරමුදල් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටත් කියා සිටී.
දැනට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු වන සමාගම් කොටස්වලින් ද්‍රවශීලතාවයෙන් අඩුම සමාගම් කොටසක් ලෙසින් ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී හැඳින්විය හැකිය.
මෙම සමාගමේ කොටසක ගනුදෙනු මිල මේ වන විට රු. 15,000/- කි.
සමාගම විසින් නිකුත් කර ඇති මුළු කොටස් ප්‍රමාණය කොටස් 130,667 ක් වන අතර කොටස්කරුවන් 154 දෙනෙක් අතර ඒවා බෙදී ගොස් ඇත.
ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවා වන්නේ අමරි විජේවර්ධන මහත්මියයි. සමාගමෙන් 33.79% ක කොටස් අයිතිය ඇය සතුවේ. වර්තමානයේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වන්නේ ද ඇයයි.
http://biz.adaderana.lk/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-149-%E0%B6%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A/
- අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි
- මිලියන 800 ක හිමිකම් නිකුතුවක් කොටගල වැවිලි සමාගමෙන්
- සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි
- ලංකාවේ කෙසෙල් චීනයට තොග පිටින් පැටවීමට සැරසෙයි
- කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි