- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් තැරැව්කරුවන් තිදෙනෙකුගේ ගනුදෙනුවලට සීමා
නියම කරන ලද ප්‍රාග්ධන ප්‍රමාණතා (Capital Adequacy) අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ තැරැව්කාර සමාගම් 3 කට කොටස් මිල දී ගැනීමේ පහසුකම් මෙහිදී අත්හිටුවා ඇති බව, අද දෙරණ කළ විමසීමක දී කොටස් වෙළෙපොළ ප්‍රකාශකයෙකු තහවුරු කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ, අදාළ අත්හිටුවීම ගනුදෙනු පද්ධතිය තුළින් ස්වයංක්‍රීයවම සිදුවන්නක් බවයි.
මේ තත්ත්වය මත යම් ගනුදෙනුකරුවකුට කොටස් මිල දී ගැනීමක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත්, ඒ වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ඔහු සතුව තිබුණ ද පෙර කී කොටස් තැරැව්කාර සමාගම් හරහා එම මිල දී ගැනීම් සිදුකිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.
එහිදී ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ඇති කොටස් තැරැව්කරුවකුගේ සහාය පැතීමට ඔහුට සිදුවනු ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම