- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
2017 මාස තුනක් යන්නත් කලින් කොළඹ කොටස් සියයට 4 කින් වැටිලා
2016 මාර්තු 15 දිනෙන් පසු වාර්තා වූ අවම සියලු කොටස් මිල දර්ශක අගය ලෙස මෙය වාර්තා වේ.
දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ද ඒකක 11.73 ක පහළ යාමක් වාර්තා කළ අතර එහි අගය දැක්වුණේ ඒකක 3,411.96 ක් ලෙසිනි.
රුපියල් මිලියන 616.39 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා විය. මෙය 2017 වසරේ සාමාන්‍ය පිරිවැටුම් අගය වන රුපියල් මිලියන 671 ට වඩා පහළ අගයයකි.
2017 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශක අගය සියයට 3.99 කින් පහළ ගොස් තිබේ. S&P SL20 දර්ශකයට අනුව සියයට 2.42 කින් කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.