- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ආර්ථික වර්ධනයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 6 වැනි තැනට
දකුණු ආසියානු කලාපය පිළිබඳව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතවම වාර්තාවක මේ බව සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ මාලදිවයිනට (4.5%) සහ ඇෆ්ගනිස්තානයට (2.4%) පමණි.
මෙහිදී කලාපයේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන රට ලෙසින් ඉන්දියාව නම් කර ඇති අතර 2017 වසර සඳහා සියයට 7.2 ක් බව ලෝක බැංකුව පුරෝකථනය කර සිටී. මෙහිදී බංග්ලාදේශය හා භූතානය සියයට 6.8 බැගින් සහ නේපාලය සියයට 6 ක ආර්ථික වර්ධන වේගයක් ද බලාපොරොත්තු වන අතර පකිස්තානයේ එම අගය සියයට 5.2 කි.
ඉදිකිරීම්, වෙළෙඳ හා මූල්‍ය සේවා අංශයේ දැකිය හැකි වර්ධනයත් සමඟ මෙම ඉහළ යාම බලාපොරොත්තු වන බව පවසන ලෝක බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා නියඟ තත්ත්වයන්, වර්ධනයට සෘණාත්මක බලපෑමක් සිදුකර ඇති බවයි.
එසේම රජයේ ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට හා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම හරහා ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් ඇති කරනු ලබන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
http://biz.adaderana.lk
- ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට
- මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
- COVID-19 වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවට – The Economist කියයි
- මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට
- ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ 85 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළට