- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සයිටම් ගැන රජයේ අලුත් පියවර
BBC Sandeshaya පැය 3 කට පෙර
Image copyright Getty Images
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ රජය මගින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
මාස කිහිපයක සිට පවත්නා විශ්ව විද්‍යාල සිසුන්ගේ පන්ති වර්ජනය සහ දින 03 ක් පුරා රජයේ රෝහල්වල පැවති වැඩවර්ජනයට මුල් වූ කරුණු පිළිබඳ රජයේ ස්ථාවරය ලෙස පහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි පිරිනැමීම නතර කිරීම.
වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහා ගැසට් කිරීම.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට සහ අපක්ෂපාතීත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම් සිදු නොවිය යුතුය.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගනුම ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම.
දැනට උපාධිය සම්පූර්ණ කර ඇති සිසු සිසුවියන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම.
ඉහත කී කරුණුවලට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යූහය වෙනස් කරමින් රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සලසනු ලබන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
සයිටම් ආයතනයට අයත් රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.
සයිටම් ආයතනයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීම හෝ රාජ්‍ය/පෞද්ගලික අරමුදලකින් සමන්විත භාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් යොදනු ලැබීමට ද රජය තීරණය කර තිබේ.
ඉහත කී කරුණු සහ ඊට ඇතුළත්ව නොමැති යම් ගැටළුවක් වේ නම් ඒවා විසඳා ගැනීම සඳහා අදාළ පාර්ශව සමග නව ප්‍රවේශයකින් සාකච්ඡා කරනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: සයිටම් ගැන රජයේ අලුත් පියවර
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සයිටම් ගැන රජයේ අලුත් පියවර
malanp wrote:the Government has no clue, of a viable solution..
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates