- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"රැකියා විරහිත" ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ
BBC Sandeshaya 2017 ජුනි 30
Image copyright Getty Images
නව වැටුප් ක්‍රමය සහ ඒ හා සම්බන්ධ කොන්දේසිවලට එකඟවීම සඳහා ලබා දී තිබුණු අවසාන කාල නියමයට පෙර එයට අත්සන් නොතැබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉහළම පෙළේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ "රැකියා විරහිතයන්" බවට පත් වී සිටිති.
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ රටේ ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මීට කලින් පැවති ගිවිසුමේ වලංගු කාලය පසුගිය සිකුරාදා අවසන් විය.
ඉන් අනතුරුව අලුත් ගිවිසුමක් ඇතිකරගැනීමට මේ වනතුරු දෙපාර්ශවය අපොහොසත් වී තිබේ.
ක්‍රීඩකයන් ගිවිසුමට අත්සන් නොතැබීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් ගෙවීම පිණිස වෙන් කර තිබුණු මුදල් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් යොදවන බව පාලක මණ්ඩලය පවසයි.
ආදායමෙන් කොටසක් ක්‍රීඩකයන්ට
මේ අතර ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමේ යෝජිත දකුණු අප්‍රිකානු සංචාරය වර්ජනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ක්‍රීඩකයන්ගේ වෘත්තීය සමිතිය ලබන ඉරිදා මුණගැසීමට නියමිතය.
තරග දෙකකින් යුත් දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු තරගය ජුලි 12 වෙනි දින ආරම්භවීමට නියමිතය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආදායමෙන් ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන්ට හිමි වන වගන්තියක් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුවලින් ඉවත් කිරීමට පාලක මණ්ඩලය උත්සාහ දැරීම මේ මත ගැටුමට හේතු වී තිබේ.
ඒ වෙනුවට ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට දැනට වඩා වැඩි වැටුපක් ගෙවීමට පාලක මණ්ඩලය යෝජනා කරයි.
මත ගැටුම රටේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් 200 කට පමණ බලපා තිබේ.
පාලක මණ්ඩලය සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතර මත ගැටුම ඉක්මනින් නිමාවට පත්නොවුනහොත් ලබන ශීත සෘතුවේ අළු බඳුන තරගාවලිය පැවැත්වීම ද අවිනිශ්චිත තත්වයකට පත්වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර ද වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් වරින්වර ගැටුම්කාරී තත්වයන් මතුවිය.