- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි
BBC Sandeshaya මිනිත්තු 50 පෙර
Image copyright AFP
කළු සල්ලි සංසරණය සහ බදු ගෙවීම පැහැර හැරීම මැඩලීමේ නවතම පියවරක් වශයෙන් ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කිරීමට ඉන්දියාව කටයුතු කරයි.
ඉහළ නාමික අගයකින් යුත් පැරණි මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දියාව පසුගිය නොවැම්බර් මාසයේ දී කටයුතු කළ අතර ඉහත කී පියවර ගනු ලැබ ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
සමාගම්වල ලියාපදිංචිය අවලංගු කිරීමට ගත් පියවරත් සමග තවත් සමාගම් තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විගණන පරීක්ෂාවකට ලක් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ.
එම සමාගම්වලින් තුනෙන් එකක් නීති කඩ කොට ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.
ඉදිරි දිනවල ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැති නරේන්ද්‍ර මෝදි අනතුරු අඟවයි.
Image copyright Getty Images
Image caption අවලංගු කරන ලද රුපියල් පන්සියයේ සහ දහසේ නෝට්ටු වෙනුවට නව මුදල් නෝට්ටු
ඉන්දීය රජය ඉහළ නාමික අගයකින් යුක්ත මුදල් නෝට්ටු අවලංගු කිරීමට පියවර ගැනීමත් සමග එරට ආර්ථිකය තුළ වියවුල්කාරී තත්ත්වයක් හට ගැනිණි.
නීති විරෝධී ලෙස මුදල් සංචිත සඟවාගෙන බදු රැහැනින් මිදී සිටි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මුදල් නෝට්ටු අවලංගු කිරීම උපකාරී වූ බව ඉන්දීය බලධාරීහු කියා සිටියහ.