- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"බටහිර රටවල් කුහකයි"
BBC Sandeshaya 2017 ජූලි 15
Image caption ජනාධිපති රෙජෙප් තය්යිප් එර්දොවාන්
තුර්කියේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රකාශයක් කරන ජනාධිපති රෙජෙප් තය්යිප් එර්දොවාන් (Recep Tayyip Erdogan) කුහක පිළිවෙතක් අනුගමනය කරන බවට බටහිර රටවලට චෝදනා කළේය.
කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීමට වසරක් පිරීම නිමිත්තෙන් මහජන රැළි කැඳවීමට තුර්කි බලධාරීන් කටයුතු යොදමින් සිටිති.
ඒ අතරවාරයේ පුවත්පතකට සපයන ලද ලිපියක් මගින් අදහස් දක්වන ජනාධිපති එර්දොවාන්, කුමන්ත්‍රණය පෙරට යමින් තිබුණ ආකාරය දෙස බලාසිටි රටවල් විසින් "තුර්කි මිත්‍රත්වය පාවාදීම" මිහිරි දෙයක් නොවන බව කියා සිටියේය.
එර්දොවාන් පාලනය පෙරළා දැමීමේ අරමුණින් එම කුමන්ත්‍රණය මෙහෙයවන ලද බවට තුර්කි බලධාරීන්ගේ ඇඟිල්ල දිගුවෙන දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ඉස්ලාමීය පූජකවරයකු වන ෆෙතුල්ලා ගුලේන් (Fethullah Gulen) සමඟ එකතුව සිටින පුද්ගලයන්ට ඇතැම් රටවල් විසින් රැකවරණ සලසා ඇති බවත් තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
Image caption කුමන්ත්‍රණය මෙහෙයවන ලද බවට චෝදනා ලබන ෆෙතුල්ලා ගුලේන් (Fethullah Gulen)
පසුගිය වසරේ ජූලි මාසයේ සිදු වූ කුමන්ත්‍රණයෙන් අනතුරුව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් එල්ල කෙරෙන විවේචන බැහැර කළ ජනාධිපති එර්දොවාන්, කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීම විග්‍රහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් හැටියටයි.
කුමන්ත්‍රණ ප්‍රයත්නය පරාජය කළ තුර්කි ආණ්ඩුව හමුදා සොල්දාදුවන්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු පහළොස් දහසක් පමණ දෙනා සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අතරම මාධ්‍ය මධ්‍යස්ථාන ,පුණ්‍ය ආයතන සහ පන්සියයකට අධික වෙනත් ආයතන තහනම් කරනු ලැබුණි.
Image caption කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම්
කුමන්ත්‍රණයෙන් පසුව වසා දමන ලද මාධ්‍ය ආයතන සංඛ්‍යාවේ මුළු එකතුව එකසිය හැටක් පමණ විය.
අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු මේ දක්වා වැඩ තහනම් කළ සිවිල් සේවකයන් ගේ ගණන ලක්ෂයකට අධික විය..
කුමන්ත්‍රණකරුවන් විසින් එදා අත්අඩංගුවට ගනු ලැබීමෙන් යාන්තමින් බේරුණ ජනාධිපති එර්දොවාන්, 2016 ජූලි මාසයේ 15 වෙනිදා පළමු බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණ වේලාව උදාවත්ම අද රාත්‍රියේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.