- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
ඇල්ටෝ, වීවා, පැන්ඩා ඇතුළු සියළුම පොඩි කාර්වල මිල අඩුවන හැටි. සම්පූර්ණ විස්තරේ මෙන්න!
මේ අනුව, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්‍රකාශයෙකු අප වෙත සඳහන් කළේ මීට පෙර රුපියල් 18,50,000 කට තිබූ Alto මෝටර් රථයක් රුපියල් 14,98,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
රුපියල් 27,65,000 කට තිබූ Suzuki Wagon R මෝටර් රථයක මිල රුපියල් 24,50,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki StingRay මෝටර් රථයක මිල රුපියල් 28,55,000 ක සිට රුපියල් 26,15,000 ක් දක්වා අඩුවී ඇත.
මීට අමතරව, රුපියල් 25,40,000 කට තිබූ Suzuki Celerio ඔටෝ ගියර් රථයක මිල රුපියල් 24,65,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki Celerio මැනුවල් මෝටර් රථයක මිල රුපියල් 21,90,000 ක සිට රුපියල් 20,50,000 ක් දක්වා අඩුවී තිබේ.
එසේම, රුපියල් 18,50,000 කට තිබූ Suzuki Omni වෑන් රථයක මිල රුපියල් 16,75,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki Swift මෝටර් රථයක මිල රුපියල් 31,50,000 ක සිට රුපියල් 28,50,000 ක් දක්වා අඩුවී ඇත.
මේ අතර, පෙරුඩුවා සමාගම නිපදවන ViVA මෝටර් රථ අලෙවි කරන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ රුපියල් 19,25,000 කට තිබූ viva 850cc කුඩා මෝටර් රථය මේ වනවිට රුපියල් 17,60,000 ක් දක්වා අඩුවී තිබෙන බවත් සමාගම විසින් මේ වනවිට අලෙවි කරන්නේ මෙම කුඩා මෝටර් රථය පමණක් බවයි.
මයික්‍රෝ මෝටර් රථ සමාගමෙන් අප කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුපියල් 15,45,000 කට තිබූ Panda GB මෝටර් රථයක් රුපියල් 12,45,000 ක් දක්වාත් රුපියල් 16,70,000 කට අලෙවිකළ Panda GS මෝටර් රථයක් රුපියල් 13,95,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
මීට අමතරව, රුපියල් 20,75,000 කට අලෙවි කළ Panda Cross මෝටර් රථයක මිල මේ වනවිට රුපියල් 18,25,000 ක් දක්වා අඩුවී ඇත.
පවතින ඉල්ලුම මත මෙම සමාගම් වලින් මෝටර් රථ ඇනවුම් කර ලබා ගැනීමට මාස දෙක තුනක කාලයක් ගතවන බවද අනාවරණය වුණි.
Adaderana.lk
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ඇල්ටෝ, වීවා, පැන්ඩා ඇතුළු සියළුම පොඩි කාර්වල මිල අඩුවන හැටි. සම්පූර්ණ විස්තරේ මෙන්න!
Government should have a clear policy.
Ultimately all the burden have to be borne by the General public.
All others have escape routes but the innocent people.
- Breaking news- අයවැයෙන් මෝටර් රථ හා වෑන් මිල පහළට. මෙන්න සම්පූර්ණ විස්තරේ
- පැන්ඩා – සමුරායි බැඳුම්කරවලින් ලංකාවට ඩොලර් එන හැටි
- බදු ඉහළට. Wagon R, Japan Alto, Spacia ඇතුළු පොඩි කාර් මිල වැඩිවෙන්නේ මෙහෙමයි
- උදෑසන මිනිත්තු 20ක ව්‍යායාම තුලින් ඔබේ ශරීරයේ බර අඩුකරගන්න හැටි මෙන්න..!
- ඉන්දියානු Currency Swap එකෙන් අපේ සංචිතය පුම්බන හැටි මෙන්න!