- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉන්ටර්නෙට් එකෙන් ගුවන් යානා පැහැර ගන්න හැටි
පරිගණක හැකර්වරුන්ගෙන් ප්‍රවේසම් වන ලෙස අමෙරිකානු FBI ඔත්තු සේවය විසින් ලොව පුරා ගුවන් සේවාවලට අනතුරු අඟවා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අමෙරිකානු ගුවන් සේවයේ WIFI ජාලය හැක් කළ හැකි බවට ආරක්ෂක විශේෂඥයකු වන ක්‍රිස් රොබර්ට්ස් ගුවන් යානයක සිටින අවස්ථාවේ කළ විහිළුවකි. ඔහු පවසා ඇත්තේ තමා සිටින ගුවන් ආසනයේ සිට ගුවන් යානය පාලනය කරන උපකරණවල පාලනය ඩැහැගෙන WIFI තාක්ෂණය මගින් ගුවන් යානයක් පැහැරගෙන යා හැකි බවයි. එය න්‍යායාත්මකව පිළිගැනීමක්ද සිදු කොට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අනුව රොබර්ට්ස් හට අමෙරිකානු ගුවන් සේවයට අයත් කිසිදු යානයකට ඇතුළුවීම මේ වන විට තහනම් කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසුව අමෙරිකානු FBI ඔත්තු සේවා අත්අඩංගුවට ගැනුණු ක්‍රිස් පැය හතරක කාලයක් ප්‍රශ්න කරනු ලැබ තිබෙනවා. එසේම ඔහු සතුව තිබූ නෝට් බුක් එකක් මැක් බුක් ප්‍රෝ එකක් සහ දෘඩ තැටි කිහිපයක් සහ තවත් උපකරණ කිහිපයක් දැඩි පරීක්ෂාවට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
- See more at: http://offair.nethfm.com/article/17914#sthash.JIWQEtOg.dpuf