- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
යුරෝපානු මහ බැංකුව සහ සෘණ පොලි අනුපාතික සෙල්ලම-අරුණි ශපිරෝ පරිවර්තනයක්
Written by Randora LK Friday, 29 May 2015 20:55
යුරෝපානු මහ බැංකුව සහ සෘණ පොලි අනුපාතික සෙල්ලම-අරුණි ශපිරෝ පරිවර්තනයක්
යුරෝපීය මධ්‍යම බැංකුව දැන් මාස දෙකක් තිස්සේ නොකඩවා කරන බැඳුම්කර මිල දී ගැනීමක යෙදී සිටියත් ඔවුන්ගේම වූ ක්රමයක ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ අරමුණ හා ඉලක්කය ගැන පැහැදිලි අදහස් දැක්වීමක් කිසිවිටෙක නොකළහ. අවධමන ගෝනිබිල්ලා කිසිවිටෙක සත්‍ය තර්ජනයක් නොවීය. එසේම එය ශක්තිමත් න්‍යායාත්මක පදනමක් මත පිහිටා ද නැත.
සමහර විට, සියයට එකේ පිරිස තවත් ධනවත් කරන්නටත් සහ එයින් ඔවුන්ගේ අධික වැයෙන් ගෙවෙන ජීවන විලාසයෙන් සාමාන්‍ය වැඩකරැවන්ට වාසි යාන්තමින් බේරි වැටීම යුක්ති සහගත වූවක් හැටියට දැක්වීමට විය හැකියි. යුරෝවේ අගය අඩු කර එයින් යුරෝපීය පාරිභෝගිකයන්, මැද පංතිය සහ දුප්පතුන්ට වැය පටවා ඔවුන් මතින් අපනයනකරැවන්ට වාසි ලබා දීමත් තවත් හේතුවක් විය හැකියි. මෙය, මුල්‍ය ප්‍රතිපත්තියෙන් මුදලේ අගයට ඍජුවම බලපෑම් නොකළ යුතුයි යන ව්‍යවහාර ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමකි.
ඇත්ත වශයෙන්ම, නීති සම්පාදනය කරන්නා තමන්ගේම නීති කඩද්දී, එය සියළු නීතිවල වැදගත්කම අඩු කරයි. අයවැය පරතරය සියයට තුනකට වඩා අඩුවෙන් තබාගැනීමේ රීතිය හෝ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හැටක් පමණක් ණය තබා ගැනීමේ රීතිය වගේම රජයේ වැය පියවීම සඳහා මුදල් අච්චු නොගැසීමට කැපවී සිටීමත් එකම සොහොන්බිමට ගිහින් හමාරයි. මේ අතරේ, ECB හි වර්තමාන ක්‍රියා කලාපය මධ්‍යම බැංකුවේ ඇතැයි කියන ස්වාධීනත්වය විහිළුවකට හරවයි.
මධ්‍යම බැංකු විසින් රජයේ ණය මිල දි ගනිති
සාමාන්‍ය තත්වයන් යටතේ දී, පොලී අනුපාතික බිංදුවකට වඩා පහළට බැසිය නොහැකියි යන්න වෙනස් නොවන්නක් හැටියට අර්ථ ශාස්ත්‍රඥයන් විශ්වාස කරති. ඔබේ මුදල් ණයට ගැනීම පිණිස අයෙකුට ගෙවනවා වෙනුවට, ඔබට එතරම් පහසුවකින්ම ඒ මුදල මෙට්ටය යට තැන්පත් කරන්නට හැකියි. එහෙනම් ඉතින් ඇයි යුරෝපීය ආණ්ඩුවේ ණය ඍන අනුපාතික වලට ක්‍රියාශ්‍රීලී ලෙසින් ගණුදෙනු වෙන්නේ? වසරකින් පසු යුරෝ දාහක් පමණක් ලැබෙන්නකට ඔබේ මෙට්ටය යටින් යුරෝ 1,060 ක් මුදල් අරගෙන ගෙවන්නේ ඇයි?
උත්තරය සරලයි: කල් පිරෙන තෙක් ණය තබාගැනීමේ අරමුණක් නැත්නම්, එම ණය ඔබෙන් මිල දී ගන්න “තවත් වැඩියෙන් මෝඩයෙක්” හොයාගත හැකි යැයි ඔබ සිතනවා නම්, එහෙනම් රජයේ ණය මිල දී ගැනීමේ තේරැමක් තිබිය හැකියි. මේ නිතර පාහේ දකින්නට ලැබෙන තවත් වැඩියෙන් මෝඩයා යනු යුරෝපීය මධ්‍යම බැංකුවයි. ලෝකයේ පවතින අනෙකුත් මධ්‍යම බැංකු බොහොමයක් මෙන්ම, ණයෙන් මුල්‍ය සැපයෙන වැඩ සටහන් තවත් දවසක් පවත්වා ගන්නට, රජයේ ණය මිල දී ගනියි.
ඉතින් දැන්, ආණ්ඩුවේ ණයට ලැබෙන ඉතා අඩු හෝ සමහර අවස්ථාවල දී ඍන අනුපාතික මට්ටම් ඉදිරියේ දී පවා, තවත් වැඩියෙන් චන්ද දිනාගන්නට ලැබෙන්නා වූ රාජ්‍ය වැය වැඩ සටහන් සඳහා ආණ්ඩු තවත් යුහුසුළු වෙන්නේ තවත් වැඩියෙන් ණය නිකුත් කරන්නටයි. ඒ නිසා, ECB කරන සෙල්ලම එහි ක්‍රියා කටයුතු රජයේ නව වියදම් සඳහා මුල්‍ය සපයන්නට නොවන්නේ යැයි සිතා අපි මුලා නොවෙමු.
ඇයි බැංකු වැඩියෙන් ණය නිකුත් නොකරන්නේ?
බැංකු ණය ගැන කුමක් කියමු ද? ECB හි ප්‍රමාණාත්මක ලිහිල් කිරීම් සහ ඍන-පොලී-අනුපාතික ප්‍රතිපත්තිය යුරෝපය පුරා ප්‍රථුල ලෙසින් ණය ගැනීම වැඩියෙන් පතුරැවා හරින්නේ නැද්ද? ඍන පොලී අනුපාතික වලින් ඉතුරැම් අධෛර්යමත් කරවීම පටන් ගෙන සුරක්ෂිත යැයි සැලකෙන රාජ්‍ය ණය වෙතින් වෙනතක යොමු කරවා වෙනත් විදියේ ණය සඳහා යොමු කරනවා යැයි සාමාන්‍යයෙන් පිළිගැනේ.
අශ්වයෙක් වතුර වෙත ගෙන යා හැකියි, ඒත් ඌ ලවා වතුර බීම කළ නොහැක්කකි. අන්තිම පහළ මට්ටමකට වැටී ඇති පොලී අනුපාත යන පරිසිද්ධය යනු අවිනිශ්චිත ආර්ථික අනාගතයක් හමුවේ දී අත්‍යවශ්‍ය ලෙසින් ම ණය ගැනීමේ කලබලයක් ව්‍යාපාර තුලින් ඇති කිරීමට ප්‍රමාණවත් නොවේ.
බැංකු අලුත් බාධක වලට මුහුණ දෙති. ECB හි වර්තමාන ක්‍රියා කටයුතු එහි අතීත මුල්‍ය ප්‍රතිපත්ති වලින් යම් ප්‍රමාණයකට පරාජය වෙන සත්‍යය තත්වය පුදුමයක් නොවේ. මුල්‍ය අතරමැදියන් හැටියට බැංකු මුදල් උපයන්නේ තැන්පතු අනුපාත සහ ණය අනුපාත අතරිනි. ඔවුන් කෙටි කාලීනව ණය ගෙන දීර්ඝ කාලීන ණය සපයති.
කෙසේ වෙතත් සංචිතයන්ට ඍන අනුපාත තීරණය කිරීම නිසා, සහ රාජ්‍ය බැඳුම්කරයන්ට ඍන පොලී අනුපාත ඇතිකරවීමෙන්, ECB විසින් ඵලයේ සැලකිය යුතු සංකෝචනයක් නිර්මාණය කර ඇත. මෙයින් බැංකු ලාබ අඩු වී ඇත. දැන් බැංකු වලට සිය ගණුදෙනුකරැවන් වෙතින් තැන්පතු මුදල් සඳහා අය කරන්නට සිද්ධ වී ඇත. හෙජ් අරමුදල් සහ mutual අරමුදල් වැනි විශාල ගණුදෙනුකරැවන් විසින් තම අරමුදල් ඉවත් කරගන්නා නිසා බැංකු ලාභ තවත් අඩු වී යයි.
උදාහරණයක් හැටියට, ස්විට්සර්ලන්තයේ විශාල විශ්‍රාම අරමුදල් කිහිපයක් මෙට්ටය යට ඇති වාසිය මේ ළඟක දී නැවත සොයාගෙන ඇත්තහ. පේටර් ටෙනෙබ්රාරැම් දක්වන්නේ,
එක අරමුදලක් කළමනාකරැවෙක් පෙන්වා දුන් අන්දමට, විශ්‍රාම මුදල් වලින් සෑම ස්විස් ෆ්රෑන්ක් (CHF) මිලියන 10 ක් සඳහාම සුරක්ෂිතාගාරයේ කුලිය, මුදල් සල්ලි ප්‍රවාහනය සහ අනෙකුත් වැය යනාදී සියළු වියදම් තිබුණත්, ඔහුගේ අරමුදල ස්විස් ෆ්රෑන්ක් විසිපන්දාහක් ඉතුරැම් හැටියට ලබනු ඇත.
එපමණක් නොව, බසලේ III විසින් බැංකු වලට අවදානම්-රහිත වත්කම් වැඩියෙන් තබාගැනීමට බලපෑම් එල්ල කරයි. ඍන අනුපාතික වලින් රාජ්‍ය ණය වලින් පුරවා ගන්නට බැංකු වලට බලපෑම් එල්ල වී ඇත. මෙයත් ලාබ අඩු කරන්නට සමත් වි තිබේ. ඉතින් මෙවැනි ආර්ථික වතාවරණයක් යටතේ තවත් ණය සපයන්නට කියා යුරෝපීය බැංකු වලින් කිසිවෙක් හෝ බලාපොරොත්තු වෙනවා යැයි කිව හැකිද?
අවසාන සෙල්ලම කුමක් ද?
ECB හි වර්තමාන සල්ලි අච්චුගැසීමේ සත්‍ය අරමුණ ප්රශ්නය නිරාකරණය අනාගතයට තල්ලු කර දැමීමයි. එයින් යුරෝපයේ දැඩි සේ කිඳා බැස ඇති ව්‍යුහමය ගැටළු විසඳෙන්නේ නැත. අනවරතයෙන්ම සිද්ධ වෙන්න කල් දැමීමක් පමණක් ඉටු වේ. එසේම අවසානයේ දී වේදනාකාරී සත්‍යයට මුහුණ දීමට සිද්ධ වීම තව තවත් වැඩි වර්ධනය කරයි. ඉල්ලුමට අනුව නොවන සැපයුමක් හැඩගසා තිබීමේ යුරෝපීය මූලික ප්රශ්නය -මිල පද්ධතියේ කාර්ය භාරයට ආණ්ඩුව විසින් නොකඩවා කරන ලද ඇඟිලි ගැසීම් නිසා නිර්මාණය කරන ලද මේ නොගැලපීම- නෛසර්ගිකව වටිනාකමක් නැති සල්ලි කොල අච්චු ගැසීම නිසා විසඳී නොයයි.
මේ මුල්‍ය ප්රසාරණයේ නව පිවිසුම තුලින් යුරෝපය මෙයාකාරයෙන් සෙමෙන් ගමන් කරමින් සිටින්නේ, දිගින් දිගටම ලිස්සමින් ඇද වැටෙන සියළු ෆියාට් මුදල් පද්ධතියේ අනවරත අවසාන සෙල්ලම වන අතිඋද්ධමනය වෙතයි.
මෙයින්, මාර්ගය නිවැරදි කරන්නට තිබූ අවස්ථාව ජර්මනියට අතපසු විණ. ECB විසින් කිසිදු රාජ්‍ය බැඳුම්කරයක් මිල දී ගත්තොත් (එය යුරෝපීය නීතිය උල්ලංඝණයයි) එහි දී ජර්මනිය මුල්‍ය එකමුතුව අත්හැර දා ගිහින් ජර්මන් පාලනය යටතේ නැවතත් ඩොයිෂමාර්ක් පිහිටුවා ගන්නේ යැයි ඉතා පැහැදිලිව කියන්නට තිබිය යුතු විය. එහෙත් එසේම, ජර්මන් රජය යනු ජර්මන් ජනතාව නොවේ. එවැනි ප්‍රමාණාත්මක ලිහිල් කිරීම් ආණ්ඩුවේ මුල්‍ය වැය සඳහා පහසුවෙන් මාර්ගය පාදා දෙයි. එයින් හටගන්නා උද්ධමනය ආණ්ඩුවේ දැනට පවතින ණයෙහි සත්‍ය අගය අඩු කරනු ලබයි. පැහැදිලිවම මේවා ඔක්කොම ආණ්ඩුවේ කෙටි කාලීන යහපත සලසයි. දීර්ඝ කාලීන වැය පැටවෙන්නේ අනෙක් සියල්ලන්ටයි.
ECB සහ ඍන-පොලී-අනුපාතික සෙල්ලම මැයෙන් ෆ්රෑන්ක් හොලන්බෙක් විසින් මීසස් ඩේලි සඳහා 2015 මැයි 28 වැනිදා ලියූ ඉංග්‍රීසි ලිපියේ පරිවර්තනයයි.
- "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක්
- උත්තරධ්රැවයේ අයිතිය කාගේ ද? බෙන්ජමින් එම්. වීගෝල්ඩ්, අරුණි ශපිරෝ පරිවර්තනයක්.
- අටවන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018
- ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
- NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති.