- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මාතලේට ඩොලර් මිලියන තුනක සුපිරි හෝටලයක්
biz_man Top News June 19th, 2015 0 Comments 110 views
ඩොලර් මිලියන 03 ක ආයෝජනයකින් මාතලේ ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මාලදිවයිනේ Alpha Kinam Holdings Lanka (Pvt) Ltd සමාගමට අනුමැතිය ලබාදී තිබේ.
මෙහිදී, පරිසර හිතකාමී සුඛෝපභෝගී Suites 13 ක් සහ chalets 26 ක් ගොඩනැගීම සඳහා සැලසුම් කර ඇත.
Nichila Oya Resort and Spa hotel සංකීර්ණය යනුවෙන් නම්කර තිබෙන මෙම ව්‍යාපෘතිය මාතලේ අක්කර 15.3 ක භූමියක ගොඩනගන අතර ආයෝජන මණ්ඩලය පවසන්නේ වසර දෙකකින් ඉදිකිරීම් අවසන් කරන බවයි.
මාලදිවයින් ආයෝජනය, ලංකාව සහ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ වසර 20 ක පමණ කාලයක් කටයුතු කරන ආයෝජකයෙකු වන මෙහොමඩ් මනික් මහතා විසින් කළමනාකරණ කරන බව සඳහන්ය