- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
(www.randora.lk-03/08/2015)-ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරමින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉදිකිරිමට යෝජිත නව දුම්රිය සහ මාර්ග පද්ධතියට අදාල පුර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන්න යැයි ඉන්දීය රජය ආසියානු සංවර්ධන බැංකුවට අද 03 දා උපදෙස් දි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ලක් රජය මේ සදහා තවම අනුමැතිව දි නැති බව සදහන්ය.
පාලමක් සහ සමුද්‍ර අභ්‍යන්තර ටනලයක් ආකාරයෙන් ක්‍රියාත්මක විමට නියමිත බවත් කෙසේ වෙතත් මේ සදහා ඇස්තමේන්තු ගත වියදම හා අවසන් කිරිමට අපේක්ෂිත කාලය තවම පැවසිමට කල් වැඩි බවද එම වාර්තා කියයි.
Road & rail link between India's Rameswaram and Sri Lanka's Thalaimannar could be a reality soon!
A road and rail link between India's Rameswaram and Sri Lanka's Thalaimannar could be a reality soon as the government of India has asked Asian Development Bank to carry out pre-feasibility study for financing the project across Palk Strait between India and Sri Lanka.
A short boat ride used to connect the railway lines that ended at Thalaimannar in Sri Lanka and Dhanushkodi in India, which was in operation till 1966.
The Project may be a combination of bridge and underwater tunnel which may allow unhindered movement of ships. As the project is in the conceptual stage, it is too early to comment on the time bound programme of this project.
However, the government of SriLanka is yet to give its nod to the project, Minister of State for Road Road Transport & Highways, Pon. Radhakrishnan informed the Rajya Sabha on Monday.
Read more at:
http://economictimes.indiatimes.com/articleshow/48332948.cms?utm_source=contentofinterest&utm_medium=text&utm_campaign=cppst
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
Message - Both country leaders had innovative ideas, they are not frogs in the well!
I feel huge Indian market with rapidly growing middle class will be accessible via such links, some time with some adverse effects too
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
yellow knife wrote:When you get VISA for Singapore you get red seal... Capital punishment for drug trafficking... Singapore is very careful with Malaysian deals...
So this deal is not good for India, We have plenty of politically backed drug dealers and we are self sufficient in heroin. India at risk in that sense I guess.
Capital punishment for drug possession in both countries. But narcotics are available in both countries.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
This idea of trans national highway is not a new one. It had been under discussion between UN member countries in the region for over ten years though a finality was not reached between the countries involved. Thirty year war in Sri Lanka delayed this process.
Every one knows that India & Sri Lanka was linked by a rail road + ferry untill the war broke out. During that period people used to travel to India by their own vehicles as the ferry was able to carry cars. In fact, former Indian ambassador to Sri Lanka Nirupama Rao used her car to come to Sri Lanka during those days when she was a junior foregin officer working in the Indian ambassy.
There is no need to warry about sovernity as this type of arrangements are there all over the world.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
The Same Lady when she became ambassador , intervened when Appolo hospital was to be acquired by Hary J..
Not only politically losing sovereignty but losing business independence will be there
Rohana Wijeweera coined the term Indianu Viyaptha Vadaya in his book Eealam Arbudayata Wisaduma Kumakda?
Not only SL but Maldives, Nepal and Butan faced problem in 1987 when India was strong...
Our foolish politicians are either too against India like JRJ and next too close to India like JRJ and both way did harm like JRJ
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
Now you quate stone age Marxist ideologies ?
Many economist, including MR regime promoted the idea that China and India are opportunities, and not threats.
Now what is the largest tourist generators of SL, India and China.
Now I think " Nishantha-kamaladasa's" article is so true. Some people think entire world moves because of Sri Lanka, and large majority of them support a particular leader too, Well this is very interesting !
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
What I quote using Appolo Hospital, intervention by diplomats on business matters are not stone age...
UNP often take hard to reverse foolish decisions throughout my life time..
Signing peace pact with India and Norway were two such to name where we lost sovereignty status..
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
When he was Educational Minister he made 6 subjects for OL exam in 1988 and before that and after that there were 8 subjects..
when he became prime minister in 2002 he almost acted like executive prime minister and signed a peace pact with Norway...
Those days I met many UNPers who praised Ranil and said here after our boys will not be killed by LTTE and if anything happen America will save us...
Now I meet UNPers who praise this Indian Bridge..
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
I do not praise or criticize people, instead I do the same on ideas and stratergies. Above article might give insight of where we are and what should be our realistic targets.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
UK & France have such already.
If it is a issue of border control, they can have necessary measure erected at the entrance to each country.
Once I travelled from Thailand to Singapore via Malaysia by train and train stops at the border post for few hours to get the issues sorted out.
I encountered no issue and had a wonderful unexpected break at Hatyai station for a couple of hours.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
ඇලක් හදන්න සැලැස්මක් ඊට පෙර තිබුනා
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුම්රියෙන් යෑමට අපට තවත් අවුරුදු කිහිපයකින් හැකි වන බව ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඉන්දියානු රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එහි ශක්‍යතාව ඇගයුම් කරන ලෙස ඉල්ලීමක් කිරීමත් සමග මේ පිළිබඳව එරට කතාබහට ලක්ව තිබෙනවා.
ඉන්දීය මහාමාර්ග සහ ගමනාගමනය පිළිබඳ අමාත්‍ය පොන් රාධක්‍රිෂ්නන් මහතා රාජ්‍ය සභාවට ලබා දී ඇති පිළිතුරක් අනුව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පාලමක් සහ මුහුද යටින් දිවෙන උමඟකින් සමන්විත වනු ඇති බවයි පැවසෙන්නේ.
බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දක්වා ඇති මෙරට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ ද එවැනි යෝජනාවකට ශ්‍රී ලංකා රජය කැමැත්ත පල කරනු ඇති බවයි.
දෙරට අතර දුම්රිය මාර්ගයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ශක්තියක් වනු ඇති අතර රටවල් දෙක අතර බඩු ප්‍රවාහනයට පහසුවක් වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
මීට පෙර 1964 දී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්ට චෙන්නායි නුවර සිට රාමේශ්වරම් දක්වා දුම්රියෙන් පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාව දක්වා බෝට්ටුවකින් යාමට පහසුකම් සලසා තිබූ බවද බීබීසී සංදේශය පෙන්වා දෙනවා.
මේවන විටත් තලෙයිමන්නාරම දක්වා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කොට අවසන් කර තිබෙනවා.
- See more at: http://offair.nethfm.com/article/24058#sthash.efK4LTuV.dpuf
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න
අනුරාග් ෂර්මා බීබීසි හින්දි සේවය
6 අගෝස්තු 2015
ඉදිරි වසර කිහිපය තුලදී ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දිවෙන දුම්රිය මාර්ගයක් ඉදි කිරීම යථාර්ථයක් වනු ඇති බවයි පැවසෙන්නේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට එහි ශක්‍යතාව ඇගයුම් කරන ලෙස ඉන්දියානු රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය සඳුදා ඉන්දියානු රාජ්‍ය සභාවට ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස මෙම තොරතුර ලිඛිතව ප්‍රකාශ කරන ලද්දේ ඉන්දීය මහාමාර්ග සහ ගමනාගමනය පිළිබඳ අමාත්‍ය පොන් රාධක්‍රිෂ්නන් විසිනි.
අමාත්‍ය පොන් රාධක්‍රිෂ්නන් පවසන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩ නැගීමට බලාපොරොත්තු වන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පාලමක් සහ මුහුද යටින් දිවෙන උමඟකින් සමන්විත වනු ඇති බවයි.
දුම්රිය මාර්ගය තැනීමට ඉන්දියානු රජයෙන් ඉදිරිපත් වී ඇති මෙම යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් සම්මත කර ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය
බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ මෙවන් යෝජනාවකට ශ්‍රී ලංකා රජය කැමැත්ත පල කරනු ඇති බවයි.
ශ්‍රී ලංකා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දුම්රිය මාර්ගයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ශක්තියක් වනු ඇති අතර රටවල් දෙක අතර බඩු ප්‍රවාහනයට පහසුවක් වනු ඇති බවයි.
දැනටමත් තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කොට අවසන් බව පැවසූ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
මුල සිටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් හෝ දුම්රිය මාර්ගයක් ඇති කිරීමේ කැමැත්තෙන් සිටි බවයි ඔහු කියා සිටියේ.
ද්විපාර්ශ්වික සාකච්ඡා
තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මේ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැති බවට ඉන්දීය අමාත්‍යවරයා පවසා සිටින්නේ ඇයි දැයි විමසු විට අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ රටේ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තමන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකිබවයි.
දෙරට අතර පාලමක් ඇති කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට තනි තීරණයක් ගැනීමට නොහැකි නිසා දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තීරණයක් ගත යුතුව තිබෙන බව අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දුන්නේය.
ඉන්දියාවෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ හේතුවක් තමන් නොදකින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් පෙර සිටම කැමැත්තෙන් සිටි බවත් ඔහු පැවසුවේය.
1964 දී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්ට චෙන්නායි නුවර සිට රාමේශ්වරම් දක්වා දුම්රියෙන් පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාව දක්වා බෝට්ටුවකින් යාමට පහසුකම් සලසා තිබිණ.