- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම
Written by Randora LK Editorial Board Published in Lead Story Wednesday, 09 September 2015 01:54
සම්පත් බැංකුවේ සභාපති හා ප්‍රධාන විධායක පුටු සදහා ලබන වසරේ අලුතින් මුහුණු දෙකක් එක් වෙනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංච් මාර්ග පවසයි.
මේ අනුව ,එහි හිටපු ප්‍රධාන විධායක හා කාර්ගිල්ස් බැංකුවේ ආරම්භක ප්‍රධාන විධායක හා දැන් සොෆ්ටිලෝජික් සමුහයේ අධ්යක්ෂ ධුරයක් දරණ හරිස් ප්‍රේමරත්න බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට ගෙන විත් සභාපති ධුරය සදහා පත් කිරිමට දැනට අදහස් කර ඇති බවද සදහන්ය.
බැංකුවේ වසර 09 ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා වත්මන් සභාපති ධම්මික පෙරේරා මහතා මහ බැංකු නියමය අනුව බැංකුවේ සේවයෙන් ලබන අගෝස්තු මස විශ්‍රාම යා යුතුව ඇත.
වත්මන් ප්‍රධාන විධායක අරවින්ද පෙරේරා මහතාද මේ වන විට සේවා දිගුවක් මත කටයුතු කරන අතර ඔහුගේ මෙම සේවා දිගුව අවසන් වු වහා නව ප්‍රධාන විධාකයෙකු බැංකුවෙන් පිටතින් බදවා ගැනිමට මේ වන විට සම්මුඛ පරික්ෂණ පවා පවත්වා ඇති බව මෙම ආරංචි මාර්ග කියයි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම
“සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම”නමින් රන්දොර වෙබ් අඩව්ය විසින් පසුගිය සැප්තැම්බර් 09 දා රටට මුල් වරට අනාවරණය කළ පුවත තමන්ගේ පුවත් සබදතා ඔස්සේ නැවත තහවුරු කර පරිවර්තනය කරමින් රජයට අයත් ඩේලි නිවුස් පුවත් පතේ පසුගිය 11 දා පළ කළ පුවතට අදාලව සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ අරවින්ද පෙරේරා විසින් කොළඹ කොටස් වෙළෙඳ පොල වෙත නිවේදනයක් ඒවා ඇත.
ඒ අනුව අප රටට වාර්තා කර සිටි පරිදි සම්පත් බැංකුවේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක ලබන වසරේ ස්වකිය ධුර වලට සමු දෙන බව අරවින්ද පෙරේරා මහතා පිළි ගෙන ඇත.
එසේ මුත් ඒ පුවතේ සදහන් හරිස් ප්‍රේමරත්න මහතා මීළඟ සභාපතිවරයා කරන බවට වු සටහන හා කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක ධුරය සදහා සම්මුඛ පරික්ෂණ පැවැත් වු බවට වු සටහන ඔවුන් පිළිගෙන නොමැත.
නමුත්, කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක ධුරය සදහා දිවයිනේ ප්රමුඛ පෙලේ බැංකු ජ්‍යෙෂ්ඨ නිළධාරින් තිදෙනෙකු පසුගිය ජනවාරියේ සම්මුඛ පරික්ෂණ වලට කැදවා තිබු බව සම්පත් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් අපට එදා සදහන් කර සිටි අතරේ මේ අනුව අප පළ කළ පුවතේ සම්පුර්ණ නිරවද්‍ය තාවය වෙනුවෙන් අප නැවතත් පෙනි සිටින්නෙමු.
තවදුරටත් මෙම ආරංච් මාර්ග පවසා සිටියේ හරිස් ප්‍රේමරත්න මහතා උප සභාපති ධුරයට ගෙන පසුව සභාපති ධුරයට පත් කිරිමේ දේශපාලන වෑයමක් දියත් වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත්,සම්පත් බැංකුවේ වැඩිම හෙවත් සියයට 14.95 ක කොටස් හිමි එහි වත්මන් සභාපති ධම්මික පෙරේරා නායකත්වය දරණ වැලිබල් වන් පාර්ශ්වය බැංකුවේ උප සභාපති හා සියපත මුදල් සමාගමේ සභාපති චන්න පලන්සුරිය මහතා සභාපති කිරිමට වෑයමක් ඇති බවද සදහන්ය.
රන්දොර සැමදා සුළු ජන කොටස් හිමියන්ගේ සුභ සිද්ධිය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනි සිටින අතර මේ අනුව කොළඹ කේන්ද්‍ර ගත සුළුතරයක් අතරේ හුවමාරු වෙමින් තිබු මෙම පුවත රට හමුවේ තැබුවේ තොරතුරු දැන ගැනිමේ අයිතිය සැමට සමාන අයුරින් සිදු විය යුතු නිසාත් එමගින් නැණවත් කොටස් වෙළෙඳ පොළ ක්‍රියාවලියකට මඟ පැදෙන බව නිසාත්ය.
අදාල පුවත පරිවර්තනය කරමින් ඉංග්‍රිසි මුද්‍රිත මාධ්‍ය ඔස්සේ (රන්දොර ගැන කිසිදු සදහනක් නොකර වුවද) මේ සදහා ගෙන ගිය ප්‍රචාරය වෙනුවෙන් අප ඩේලිනිවුස් කර්තෘ තුමාටද එය පරිවර්තනය කල හිරාන් සෙනෙවිරත්න නිතිඥ තුමාටද අතිශය කෘතවෙිදිත්වය පුද කරන්නෙමු.අපගේ පාඨක භවතුන් වෙනුවෙන් උපහාරයද පුද කරන්නෙමු.
අර්ජුන සෙනෙවිරත්න -ප්‍රධාන කර්තෘ රන්දොර