- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි
දෙවසරකට වරක් සිදුකෙරෙන මෙම සමීක්ෂණය, අයවැයන් පිළිබඳ තොරතුරු අනාවරණය ඇගයීමට ලක් කරනා ලොව එකම ස්වාධීන මෙන්ම සංසන්දනාත්මක විශ්ලේෂණය ලෙසින් සැලකේ.
මෙහිදී 2013/14 සහ 2016/17 වසරවල අයවැය ක්‍රියාවලීන් පිළිබඳ ඇගයීමේ දී ශ්‍රී ලංකාව ලොව 60 වන ස්ථානය ලබාගත් අතර එය දකුණු ආසියාවේ අඩුම ශ්‍රේණිගත කිරීමකි. 2017 වසරේ දී සිදුකරන ලද නවතම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 100 න් 44 ක් ලබා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අවසානයට පෙර ස්ථානය හිමි කරගන්නේ කලාපීය සගයෙකු වන පකිස්තානය හා සම තැන ලබා ගනිමිනි.
පෙර වසර හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව කාර්තුවක් පාසා ලබා දෙන ආදායම්, වියදම සහ ණය පිළිබඳ තොරතුරුවල වර්ධනයක් දකින්නට ලැබෙන නමුත් මෙම තොරතුරු තවමත් ඇත්තේ සතුටුදායක මට්ටමක නොවන බව මෙම වාර්තාව ප්‍රකාශයට පත්කරමින් වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ඩි මෙල් මහතා පැවසීය. එසේම පරිපූරක ඇස්තමේන්තු සහ සැබෑ අයවැය අතර ඇති පරතරය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දී නැති හෙයින් අගයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ජනතාවට හිමි වී ඇති ඉඩකඩ සීමිත බව ද මෙහිදී අනාවරණය විය.
මෙහිදී ඩි මෙල් මහතා වැඩිදුරටත් පවසන්නේ අයවැය, ජනතාවට පහසුවෙන් තේරුම්ගත හැකි පුරවැසි අයවැය ලේඛනයක් විය යුතු බවත්, වාර්තා සඳහා ක්‍රමවත් ආකෘතියක් සැපයීම හා අන්තර්ජාතික පටිපාටීන්ට අදාළව තොරතුරු ප්‍රකාශයට පත්කිරීම කළ යුතු බවත් ය.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙරිටේ රිසර්ච් ආයතනයේ සහාකාර විශ්ලේෂිකා නිලංගිකා ප්‍රනාන්දු මෙසේ කියා සිටියාය.
“අයවැය සකස් කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය ඉහළ මට්ටමක පැවතුණත්, අයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය ඉතා අඩුයි. ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී අයවැය ගැන වැඩියෙන් කතා කරනවා. පාර්ලිමේන්තුවේ දීත් මේ ගැන කතා වෙනවා. ඒ කාලයේ දී පාර්ලිමේන්තුව තුළින් අයවැය අධීක්ෂණයට ලක්වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ පාර්ලිමේන්තුව සමඟ තිබෙන අධීක්ෂණය ඉතා දුර්වලයි.“
“පාර්ලිමේන්තු අධීක්ෂණයට වඩා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්. නමුත් ගිය අවුරුද්දේ ප්‍රමාණයමයි මේ අවුරුද්දේත් තිබෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම දියුණු වෙලා නැහැ.“
http://biz.adaderana.lk/
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28