- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි
මේ අනුව වසරේ මුල් භාගය තුළ දී වෙළෙඳ ගිණුමේ වාර්තා වන හිඟය ඩොලර් මිලියන 5,709 කි.
මේ අතර 2018 ජූනි මාසයේ දී අපනයන ආදායම ඩොලර් මිලියන 1,024 ක් ලෙසින් සටහන් වන අතර එය 2017 ජූනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 987 ක අපනයන ආදායම හා සැසඳීමේ දී 3.8% ක වර්ධනයකි. කෙසේ වෙතත් අපනයන ආදායම වර්ධනය වූවාට වඩා පස්ගුණයකට වඩා වැඩි වේගයකින් ආනයන වියදම 2018 ජූනි මාසයේ දී වර්ධනය වී තිබේ. එහිදී 2017 ජූනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,541 ක ආනයන වියදම 18.1% කින් ඉහළ ගොස් 2018 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 1,819 ක් ලෙසින් සටහන් වේ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආනයන වර්ධනය ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය 2017 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2018 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව පුළුල් වී ඇති බවයි. 2018 වසරේ පළමු භාගය තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය 2017 වසරේ පළමු භාගයට සාපේක්ෂව කැපී පෙනෙනජ පුළුල් වී ඇති බව මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.
http://biz.adaderana.lk
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22