- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සෙලාන් බැංකුව 2015 පළමු කර්තුවේ දී 27% ක වර්ධනයක් සමගින් රුපියල් මිලිියන 651 ක බදුගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි
එසේම 2015 මාර්තු 31 න් අවසන් මාස 03 ක කාලය තුළ දී බැංකුවේ ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 2.80 දක්වා 20% කින් වර්ධනය වී තිබේ. තවද මෙම කාලපරිච්ෙඡ්දය තුළ දී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 9%කින් ඉහළ නැග තිබෙනුයේ රුපියල් මිලියන 515 සිට රුපියල් මිලියන 562 දක්වා වර්ධනයක් සනිටුහන් කරමිනි. මෙය පසුගිය වසර ගණනාවක් පුරාවට බැංකුව විසින් අඛණ්ඩ පවත්වා ගෙන ආ සිය කාර්යසාධනයේ ප්‍රතිඵලයක් ලෙසින් හැ`දින්විය හැකිය.
තවද බැංකුව විසින් කි‍්‍රයාවට නංවන ලද සිව්වසරක (2012-2016* මූලෝපායික සැලසුමට අනුව ණය අත්තිකාරම් වර්ධනය, ශාඛා ජාල ව්‍යාප්තිය, පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම්, තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉහළ නැංවීම්, අකී‍්‍රය ණය ලියා හැරීම, නව සේවා හ`දුන්වා දීම, කොටස් හිමියන්ගේ අගය වැඩිකිරීම යනාදී කටයුතු මෙන්ම සෙලාන් බැංකුව විසින් පසුගිය කාලය තුළ දියත් කරනු ලැබූ ආයතින සමාජ සත්කාරක වැඩසටහනක් වන දිවයින පුරා පිහිටි අඩුපහසුකම් සහිත පාසල් 100 ක් ස`දහා පුස්තකාල 100 ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මෙම කාලය තුළ දීද අඛණ්ඩව සිදුකරගෙන යන ලදී. 2013 වසරේ පටන් අඩු පහසුකම් සහිත පාසල් ස`දහා මේ දක්වා පුස්තකාල 57 ක් විවෘත කර තිබේ.
2015 පළමු කාර්තුව තුළ දී බැංකුවේ ශුද්ධ අත්තිකාරම් වටිනාකම රුපියල් ලබිියන 154.9 සිට රුපියල් බිලියන 155.2 දක්වා වර්ධනය වී තිබෙන අතර අදාළ කාලපරිච්ෙඡ්දය තුළ දී තැන්පතු පදනම රුපියල් බිලියන 185.9 සිට රුපියල් බිලියන 185.0 දක්වා ඉතා සුළු අගයකින් පහළ ගොස් තිබේ.
2015 මාර්තු 31 වන විට බැංකුවේ ශාඛා ජාලය, ශාඛා 157 කින් සමන්විත වන අතර ස්වයංකී‍්‍රය ටෙලර් :්ඔඵ* යන්ත්‍ර 178 ක් හා ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථාන 93 ක්ද ඊට ඇතුළත් වේ.
2015 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ දී බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්රමාණතා අනුපාතිකය 13.94% ක් වන අතර මෙය ශී‍්‍ර ලංකා මහබැංකුව විසින් නියම කර ඇති මට්ටමට වඩා ඉහළ අගයකි. තවද 2014 ඔක්තෝබර් මාසය තුළ දී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ්-කන් ශ්‍රේණිය අත්පත් කර ගනිමින් සිය ස්ථායිභාවය මනාව තහවුරු කිරීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ.
බැංකුව විසින් වාර්තා කරන ලද මෙම සුවිශේෂී කාර්යසාධනයත් සම`ගම 2015 පළමු කාර්තුවේ දී බැංකුවේ කොටසක ඉපැයුම රුපියල් 1.89 ක් වශයෙන් වාර්තා වේ. තවද වත්කම් මත ප්රතිලාභ (බදු ගෙවීමට පෙර* හා හිමිකම් මත ප්රතිලාභ පිළිවෙලින් 1.55% ක් හා 11.03% ක් වශයෙන් වේ. 2015 මාර්තු 31 වැනිදා වන විට බැංකුවේ කොටසක් ස`දහා වන ශුද්ධ වත්කම් අගය රුපියල් 67.33 කි. (සමූහයේ මෙම අගය රුපියල් 70.81 ලෙසින් වාර්තා වේ