- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා
Image copyright AFP
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනුවස් කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙසැම්බර් 09 වෙනිදා හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.
හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 වෙනිදා අත්සන් තබන ලදී.
මෙලෙස සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන්නේ එම ගිවිසුම අනුව ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් දෙක වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසිනි.
HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85% ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බව රජය පවසයි.
එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58% ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.
හම්බන්තොට වරාය වසර 99 බද්දට ගැනීමට අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1ක් ලබාදීමට නියමිතය.
මෙහි මූලික ගෙවීම වන ඩොලර් මිලියන 300 මුදල ලබන 9 වෙනිදා ශ්‍රී ලංකාවට ලැබෙන බව වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ අඟහරුවාදා (දෙසැ 05) මාධ්‍යට පවසා තිබිණි.
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද?
එහි තවත් ඩොලර් මිලියන 100 ක මුදලක් ජනවාරි මාසයේදීත් ඉතිරිය මාස 6ක් ඇතුළදීත් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.1ට අමතරව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට අදාළ චීන සමාගම ඩොලර් මිලියන 600 ක් ආයෝජනය කිරීමට එකඟවී තිබේ.
මේ අතර හම්බන්තොට වරායට සම්බන්ධ සේවකයන් 400 ක් පමණ ඉවත්කිරීමට සැලසුම් කර තිබීම ගැන බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේද අදහස් පළවිය.
අමාත්‍ය දයාසිරි ජයසේකර හම්බන්තොට වාරයේ සේවකයන්ට පැවසුවේ ඔවුන් වෙත මාස 5 1/2 වැටුප් සහ කම්කරැ දෙපාර්තමේන්තුවේ අනුමත වන්දිය මෙන් තුන්ගුණයක් ලබාදීමට වරාය අධිකාරිය එකඟවී ඇති බවය.
ඊට අමතරව හම්බන්තොට වරායේ පිහිටුවන නව සමාගම්වල රැකියා අවස්ථා ඔවුන්ට විවෘත බව ද ඔහු සඳහන් කළේය.
හම්බන්තොට මෙහෙයුම් කටයුතු සම්බන්ධ ගිවිසුමේ තවත් අනුමැතියක් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
- මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
- ලංකාවේ කෙසෙල් චීනයට තොග පිටින් පැටවීමට සැරසෙයි
- මහ මැතිවරණය අප්‍රේල් 25 වෙනිදා : නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි 14
- හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට'
- ලාෆ්ස් ටර්මිනල් ලිමිටඩ් සමාගමට හම්බන්තොට වරායෙන් අක්කර 04 ක්