අනං මනං! #/+?.<>
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අනං මනං! #/+?.<>
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Yoga for Knees and Lower Back Pain
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
NOVEMBER 23, 2018
‘අප පෝෂණය කළ අපේ කළපුව කරවල ව්*යාපාරය නිසා දූෂිතව අවසන් ගමනේ, නිහඬව බලා සිටිමුද?’ මීගමුව නගරයේ තාප්ප මත අලවා ඇති කළු සුදු පෝස්ටර වල සඳහන් වන්නේ එසේය. නිහඬව නොසිට අපිද පෝස්ටරයේ කියන අවසන් ගමන ගැන කතාව සොයා මීගමුවට ගියෙමු.
මීගමුව හඳුනා ගැනීමට ඇති ලෙහෙසිම ක්*රමය නම් අවට සුළඟ මදක් ඉවකර බැලීමයි. එහි මාළු කුයිල දැවටී ඇත. ඒත් ඔබ මේ සමයේ මීගමුවේ සුළඟ ඉවකර බැලුවොත් මාළු කුයිල පරදන ගන්ධයක් මීගමු සුළඟේ දැවටී ඇති වග ඔබට හැඟෙන්නට පුලුවන. කුණු පිරුණු දූෂිත මීගමු කළපුව ඔබේ හැඟීමට හේතු සපයනු ඇත. රිජිෆෝම් පෙට්ටි, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, පොහොර කවර ඇතුලු තව බොහෝ දේ කළපුවේ ඉවුරු ආසන්නයේ ගොඩගසා ඇත. කළපුවේ වතුර කළු පැහැතිය. කිසිඳු ප්*රියමනාප බවක් එහි නැත.
අපි කළපුව අද්දරින් පිටිපන දෙසට ඇදුනෙමු. අප යන මාර්ගයේ කළපුවට ජලය ගලායන ඇළ මාර්ග බොහෝය. පසු කරන සෑම ඇළ මාර්ගයක්ම පාසා නහයට එක් කරන්නේ අප්*රසන්න ගන්ධයකි.
කළපුව විනාශයි
අප නිශාන්තගේ නිවසට යන විට ඔහු පෙරදා රාත්*රියේ මුහුදු ගොස් පැමිණ තවම නිදිය. එහෙත් අප පැමිණි බව දැන්වූ විට ඔහු අවදිව පැමිණියේය. ‘ඉස්සර මීගමුවේ සුන්දර බව වැඩි කරපු එක සාධකයක් තමයි මීගමුව කළපුව කියන්නේ. අපේ අම්මලා තාත්තලා අපට පීනන්ඩ පුරුදු කළේ මේ කළපුවට දාලා. දැන් කළපුවේ පීනන්ඩ නෙවෙයි බහින්ඩවත් බෑ. මම දැන් මුහුදු ගියාට අපේ මාපියෝ අපිව උස් මහත් කරේ මේ කළපුවෙන්. ඉස්සර කළපුවෙන් හම්බකරපු මාපියන්ට දැන් කුලී වැඩ කරලා තමන්ගේ දරුවන්ට කන්ඩ දෙන්ඩ වෙලා තියනවා.’ නිශාන්ත ජීවත් වන්නේ උතුරු පිටිපන ප්*රදේශයේය.
අප නිශාන්තගේ නිවසට පැමිණ සිටින බව දැන ජෝසප්, නිශාන්තගේ නිවසට ගොඩ වූයේ ඔය අතරතුරය. ජෝසප් මීට කාලයකට පෙර සිය ප්*රධාන ආදායම් මාර්ගය ධීවර වෘත්තිය බවට පත් කරගෙන සිටි අයෙකි. එහෙත් දැන් ජෝසප් ඉඳි ආප්ප විකුණා සිය ජීවිකාව සරිකරගනී.
‘දැන් කළපුවේ ඉස්සන් මාලු නැතුව ගිහිල්ලා. ඉතින් රස්සාවකුත් ඕනේ හින්ද දැන් නෝනත් එක්ක ඉඳි අප්ප තම්බනවා. ඉඳලා හිටලා කළපුවට ගිහිල්ල එනවා. මට තිබුණ පර්චස් අනූවක විතර පොකුණක්. ඒකේ මම ඉස්සර අවුරුද්දට රුපියල් ලක්ෂෙක විතර මාලු අල්ලනවා. අද කීයක් වියදමට ඕනේද, ඒ ගාන හොයාගෙන තමයි පොකුණෙන් ගොඩට එන්නේ. දැන් ඒකත් මුඩු බිමක් වෙලා.’ ධීවරයෝ යනු තනිව ස්වාධීනව නැගීසිටි පිරිසකි. එහෙත් ඒ ධීවරයන්ට අද අත්ව ඇති ඉරණම ඛේදජනකය. ඒ අතර නිශාන්ත නැවත කතා කරන්නට විය.
‘මහ කළපුවෙන් පුංචි ඉස්සෝ අල්ලගෙන ඒ ඉස්සෝ මුහුදු ගෙනියනවා ඇමක් විදිහට. හැබැයි ඒකට උන් පණ පිටින් ඉන්ඩ ඕනේ. ඒකට ඉස්සර අපේ ධීවරයො රෑට ඉස්සන්ව අල්ලගෙන ඇවිල්ල තමන්ගේ ගේ ළඟ ඇලේ ඉස්සෝ හිටවනවා. හැබැයි දැන් එහෙම කරන්ඩ බෑ. මේ ඇළවල් වල ඉස්සෝ හිටෙව්වොත් ඉස්සෝ ටික මැරෙනවා. එහෙම ඉස්සෝ ටික මැරුණොත් දෙතුන් දාහක් පාඩුයි. පණ තියන ඉස්සෝ කූඩයක් රුපියල් තුන්දාහක් විතර වෙනවා. හැබැයි උන් මැරුණට පස්සේ රුපියල් දාහක්වත් ගන්ඩ බෑ,’
මේ ධීවරයන්ට අනුව කළපුවේ වර්තමාන තත්ත්වයට හේතුව වී ඇත්තේ කළපුව ආශ්*රිතව කඩොලාන දූපත් වල ඉදිකර ඇති කරවල වාඩිය. ඒ ගැන කියන්නේ ජෝසප්ය. ‘කෙනෙකුට අහන්ඩ පුලුවන් මාළු අපද්*රව්*ය විතරමද මීගමු කළපුවේ විනාශයට හේතු වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි විඳවපු විඳවිල්ලයි, අපේ අත්දැකීම් එක්ක කියන්ඩ පුලුවන් මාලු අපද්*රව්*ය තමයි කලපුවේ විනාශයට ප්*රධානම හේතුව කියලා.’
කළපුවේ මේ විනාශයත් සමඟම කළපුව පෝෂණය කළ ඇළ මාර්ග, ගංගා පවා විනාශ වූ බව සාන්ත මරියා කට්ටුදැල් ධීවර සමිතියේ සභාපති ඔස්කා ප්*රනාන්දු පැවසීය. ‘කුඩා ගඟේ ඉස්සර ඉස්සෝ මාළු යහමින් හිටියා. ඒකට තමයි කරවල වාඩි වලින් ඉස්සල්ලම මාළු අපද්*රව්*ය දාන්ඩ ගත්තේ. එහෙම අපද්*රව්*ය දාන්ඩ පටන් ගත්තට පස්සේ ඒකේ ඉස්සෝ මාළු නැති මුඩු බිමක් බවට පත් වුණා. ඊට පස්සේ රොන් මඩ අයින් කළහම මේක හරියනවා කියලා රජයෙන් මේක අඩි හතක් විතර හෑරුවා. දැන් ඒ හාරලා අවුරුදු එකහමාරක් විතර ගියා හැබැයි තාමත් ඒක මුඩු බිමක්.’
එරනවල
ඒ එරනවලයි. එරනවලින් කළපුව පෝෂණය කරන ඇළමාර්ගයක් ගලා යයි. එය දිස් වනුයේ ඇළ මාර්ගයක් ලෙස නොව, කුණු ඇළක් ලෙසය. එහි ජලජ ජීවීන් හැර අනෙකුත් සෑම දෙයක්ම ඇත. පොලිතින්, පොහොර උර, රිජිෆෝම් පෙට්ටි, මාළු අපද්*රව්*ය මේ හැම දෙයකින්ම ඇළ පොහොසත්ය. ඇළ මාර්ගය අසල ඇති කරවල වාඩි වල සියලු අප ජලය මුදා හරින්නේ එම ජල පෝෂකයටය.
අපි ගොඩ වැදුනේ ශානිකාගේ නිවසටය. එහි ගොඩවැදුනු විගස හමා ආවේ ප්*රියමනාප ගන්ධයක් නොවේ. අවට පරිසරයම පිරී ඇත්තේ කුණු ගඳෙනි. ඒ ගඳ හමන්නේ මේ නිවාස වටා පිහිටා ඇති කරවල වාඩි වලිනි. ශානිකාගේ නිවසට ඉදිරියේ තුෂාරිගේ නිවස ද ඒ අසලම ශර්මිලාගේ නිවස ද සචිනි හා රීනා ගේ නිවෙස් ද පිහිටා ඇත. කරවල වාඩි පිහිටා ඇත්තේ මේ නිවෙස් මැදි කරගෙන ඒ නිවෙස් වටාය.
‘ළමයකුට කෑම ටිකක් කන්ඩ නෑ. අප්පිරියාවට වමනේ යනවා. පාඩමක් කරගන්ඩ නෑ.’ ශානිකා කීවාය.
‘වෙලාවකට මේගොල්ලො ගඳ යන්ඩ කියලා කජු ලෙලි පුච්චනවා. එතකොට ඊට වැඩිය අමාරුයි. කරවල කටු ගිනි තියනවා. පොලිතින් ගිනි තියනවා. අපි කෑගහපුවහම නවත්තනවා. හැබැයි ආය ටිකකින් පටන් ගන්නවා.’ තුෂාරි කියයි.
‘අපේ දරුවන්ට හැමදාම ලෙඩ. උණ හෙම්බිරිස්සාවට වැඩිය බෙහෙත් ගන්ඩ යන්නෙ බඬේ අමාරුවට. මගෙ දරුවට ඊයෙයි පෙරේදයි වමනේ. කන්ඩ ගිහිල්ල මේකෙ ආපු ගඳට කන්ඩ බෑ කියල වමනෙ දැම්ම.’ රැස්වූ පිරිස අතුරින් මතුවන අදහස් කවුරු පවසන්නේද යන්න හඳුනාගැනීමට නොහැකි වන තරමත එක මත එක අදහස් පතිතවේ. රැස්වූවෝ තමන් විඳින දුක වචන බවට පෙරළති.
‘ඒ ගොල්ලො මාළු ගෙනල්ලා කපලා වැඩකරන අයට සල්ලිත් දීලා ගෙවල් වලට යනවා. අපිට උයාගන්ඩත් බෑ, උයාගත්ත දෙයක් කන්ඩත් බෑ. ඒ මිනිස්සුන්ගේ ගෙවල් මෙහේ නෙවේනේ තියෙන්නේ ඒ හින්දා ඒගොල්ලන්ට මේ දුක දැනෙන් නෑ’ නිහැඬියාවකින් පසු සචිනි පැවසුවා.
අපට හෝරාවක් දෙකක් දරාගත නොහැකි ගඳ ඔවුන් දැනට බොහෝ කාලයක් දරාගනිමින්ද සිටීම සුළුපටු නැත.
‘කපුටෝ වාඩියෙන් මාළු ජරාව ගෙනල්ලා හැමතැනම දානවා. අද උදේ අතුගාද්දි තනිකරම මිදුල පුරා තිබුණේ මාළු ජරාව.’ රීටා කියයි.
මේසා අප්*රසන්න සිදුවීම් හමුවේ මොවුන් තවදුරටත් තමන් කුණු ගොඩක ජීවත් නොවන්නේ යැයි සිතන්නේ කෙසේද? තමන්ගේ ගෙවල් වටේ ඇති කරවල වාඩි පරිසරයට ද මිනිසුන්ට ද විශාල හානියක් සිදු කරමින් කිසිදු නීතිමය වාරණයකට ලක් නොවී තිබෙන්නේ ප්*රදේශයේ දේශපාලන බලවතුන්ගේ ආරක්ෂාව එම කරවල වාඩි වලට ඇති නිසා බව ගම්මුන්ගේ අදහසයි.
‘අපි පොඩිකාලේ මේ කළපුවේ තමයි නෑවේ, සෙල්ලම් කළේ. හැබැයි අපේ දරුවන්ට ඒ දේ කරන්ඩ බෑ. අපි පුංචි කාලේ ඉඳලා මේ පරිසරයේ ජීවත් වුණ මිනිස්සු. මේ සුන්දර පරිසරයට වෙලා තියන දේ ගැන අපට ඇත්තටම දුකයි.’ ශානිකා එසේ කියයි. කලපුවට අපද්*රව්*ය දමන කරවල වාඩි මේ විනාශ කරමින් පවතින්නේ මීගමුවේ මිනිසුන්ගේ ඒ සුන්දර අතීතයයි.
‘අපේ ගෙවල් වලට මනුස්සයෙක් ආපුවහම යන්නේ කොයිවෙලාවෙද කියලා බල බල ඉන්නේ. ඇයි මනුස්සයෙකුට උහුලන්ඩ පුලුවන් ගඳක්ද මේක’ මැද පිටිපන, මියුරින් හාමි එසේ කියයි. ඒ කතාවට ඇගේ සැමියාද හවුල් වේ. ‘මිනිස්සු හිතන්නේ අපේ ගෙයින් කුණු ගඳ එනවා කියලනේ. කරවල වාඩියෙන් මේ ගඳ එන්නේ කියලා ඒ මිනිස්සුන්ට නිච්චියක් නෑ.’ ජුසේ ප්*රනාන්දු කියයි. ඔවුන් දෙදෙනාම තවම ධීවර වෘත්තියේ නියැළේ. ධීවර වෘත්තියේ නියැලී ඔවුන් සාදාගත් නිවස ද ඔවුන්ගේ සිහින ද ගෞරවය ද කරවල වාඩියේ සුළඟ විත් දූෂණය කරයි.
කුණු මාළු කරවල, රින්සෝ සහ පෙට්*රල්
‘මීට කලින් මේ පැත්තේ මිනිස්සු කරවල වේලුවේ නැද්ද?’ අපි ඔවුන්ගෙන් ඇසුවෙමු.
‘මොකද නැත්තේ. ඉස්සරත් අපි කරවල වේලුවා. දැනුත් වේලනවා. හැබැයි මේ කරවල වාඩි වල වගේ කුණු මාළු නෙවෙයි. මේ වාඩි වලට ගේන්නේ ලංකාවෙන් පිටරට යවල එහෙන් අයින් කරන මාළු. ඒව කුණු වෙලා ගඳ ගහනවා. ඒක තමයි මේ උහුලන්ඩ බැරි ගඳ.’ ඔවුහු කියති.
‘කුණු වෙච්ච මාළු කොහොමද කරවල කරන්නේ. ඒවගේ පණුවෝ එහෙම ඉන්නවනේ?’ අපි ඔවුන්ගෙන් විමසුවෙමු.
‘මාළු සුද්ද කරලා මාළු වලට පෙට්*රල් ටිකක් ස්ප්*රේ කරලා වේලෙන්ඩ දානවා. එතකොට පෙට්*රල් කුයිලට මැස්සෝ එහෙම එන්නේ නෑ. පණුවෝ ඉන්නවා නම් කරන්නේ රින්සෝ දාපු වතුර එකකින් මාළුවා හෝදලා වේලෙන්ඩ දාන එක. ඊට පස්සේ පණුවෝ ගහන්නේ නෑ’ ගම්මු එසේ කියා අපට උපදෙසක් දීමටද අමතක නොකළහ. ‘ලොකු කරවල ජාති මුකුත් කන්ඩ එපා. හාල් මැස්සො නම් කෑවට කමක් නෑ.’
සිය නම සඳහන් කරනවාට අකමැති වූ පිටිපන එක් වයෝවෘද ධීවරයකු එදා කරවල කර්මාන්තය අද දක්වා වර්ධනය වීම පිළිබඳව පැහැදිලි කළේ මෙසේය.
‘ඉස්සර මෙහෙ කරවල කර්මාන්තය කළේ එදා අල්ලන මාළු වල වැඩි ටික කරවල කරපු එක. ඒකෙදි කරවල වලට ගත්තේ දවසේ මාළු. හැබැයි දැන් ගන්නේ මාස ගාණකට කලින් අල්ලපු ලෝකේ වටේ ගිහිල්ලා අයින් කරන මාළු. මීගමුවේ එහෙම තිබ්බ කරවල කර්මාන්තයට ඒ හින්දම හොඳ ඉල්ලුමක් තිබ්බා. ඒත් එක්කම ක්*රමානුකූලව මීගමුවට විශාල කරවල වාඩි ආවා. ඒවගේ කරවල කර්මාන්තය කළේ මහා පරිමාණව. එයාලට ඒකට මීගමුවේ මාළු ප්*රමාණය මදි වුණා. ඒකට එයාල මුලින් කළේ ලංකාවේ වෙනත් පළාත් වලින් මීගමුවට මාළු ගෙනල්ලා කරවල කරපු එක. ඊට පස්සේ එයාලට ඒකට වියදම් කරපු ගාණට වඩා අඩු ගාණකට පිටරටවල මාළු හම්බවෙන්ඩ ගත්තා. දැන් තනිකරම කරවල කරන ලොකු මාළු පිටරට යවල අයින් කරන මාළු.’
මාළු කරවල කිරීම සඳහා ඒ මාළු ලුණු ජලයේ බහා තැබීම සිදු කරයි. ඒ සඳහා මේ කරවල වාඩිවල විශාල ටැංකි තනා ඇති අතර යම් කාලයක් තිස්සේ ඒ වතුර භාවිත කිරීමෙන් පසු ඒ ජලය බැහැර කරන්නේ කළපුවේ ජල පෝෂක වලට සහ කළපුවටයි. ‘දැන් ඇළවල් වල වතුර එක එක වෙලාවට එක එක පාට. වෙලාවකට රතු පාටයි. වෙලාවකට කොළ පාටයි. වෙලාවකට රෝස පාටයි. දේදුන්නක් වගේ’ එසේ කියන්නේ සුසිත් ය.
මීගමුව, කුණු නගරය
මීගමුවේ උසාවි සංකීර්ණයද, නිවුස්ටඞ් කාන්තා විද්*යාලයද, ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි තානායමද, ධීවර අධ්*යක්ෂ කාර්යාලයද ඇතුලු නගරයේ බොහෝ රජයේ ආයතන සහ ජනතාව ගැවසෙන ජනාකීර්ණ ස්ථාන පිහිටා ඇති මීගමුවේ නගරයේ තැනක කරවල ව්*යාපාරය සිදු කරන ස්ථානයක් වෙයි. එයින් හමන අප්*රසන්න ගන්ධය මේ කියන ස්ථාන සෑම තැනකටම පාහේ දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
අපට පිටිපනදී විදුහලේ සංවර්ධන සමිතියේ ලේකම් අජිත් සුරංග මුන ගැසුණි.
‘ඉස්කෝලෙට කරවල වාඩියෙන් එන ගඳ දරාගන්ඩ බෑ. අලුතෙන් එන ටීචර්ස්ලා හැම වෙලාවෙම සාරියෙන් මූණ වහගෙන ඉන්නේ. සාරියෙන් මූණ වහගෙන මේගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ. හරියට ළමයකුට උගන්න ගන්ඩවත් බෑනේ. එහෙම වුණහම ළමයිනුත් අනාතයි, එන ගුරුවරුත් අනාතයි. ළමයිට කෑමක් කන්ඩ බෑ. ළමයි වමනේ කරන වෙලාවල් තියනවා, බඩඑලිය යන වෙලාවල් තියනවා. ඉස්කෝලයක් කියන්නේ පිරිසිදුව තියෙන්ඩ ඕනේ තැන්නේ. ඒවගේ තැනකට කරවල වාඩියක් ආවහම ලොකු ප්*රශ්නයක්.’
මීගමුව නගරය ගඳ ගස්සවන මේ කරවල වාඩිය මෙහි තවදුරටත් තිබීමට හේතුව ප්*රදේශයේ දේශපාලනඥයකුගේ උවමනාව බව ප්*රදේශවාසීහු පවසති. ඒ බව අපට සනාථ වූයේ මේ පිළිබඳව නගරයේ බොහෝ දෙනකු සමඟ කතාබහ කළද ඔවුන් මේ පිළිබඳව යමක් පැවසීමට මැලිවූ බැවිනි.
කුණු කළපුවට
අප මීගමුව කළපුවට ධීවරයන් සමඟ ගමන් කළ අතර එහිදී අපට ඔවුන් කී කාරණාවල සත්*යතාව වැටහුණි. කළපුව වටා පිහිටා ඇති කඩොලාන පරිසර පද්ධතිය කපා එළිපෙහෙලි කර ඒවායේ කරවල වාඩි ඉදිකර ඇත. එසේම කරවල වාඩි වලින් පිටකරන අප ජලය ඍජුවම මුදාහරිනු ලබන්නේ කළපුවටය. ඒ ජලය රතු පැහැතිය. රතු පැහැ ජලය කළපුවට එකතු වූවායින් පසු කිරි පැහැයට සමාන රෝස පැහැයක් ගනී. එසේම ඒ ජලය වැටෙන ස්ථාන වල විශාල පෙණ බුබුලු සමූහයන් දැකගත හැකිය.
එසේම මාළු ඔලු, හම් කැබලි ඇතුලු අනෙකුත් අපද්*රව්*ය කළපු ජලයේ තැන තැන පාවේ. ජලය කළු පැහැතිය. ඒ හරහා කළපුවේ අඩිය නොපෙනේ. අප සමඟ සංචාරය කළ ධීවරයන් පැවසූවේ කළපු පතුලේ ‘කාවාඩි’ නම් සත්ත්ව විශේෂයක් සිටින බවයි. ඒ නිසා කළපුවට බැසිය නොහැකි බවත්, බැස්සහොත් කකුල් කැපෙනා බවත්ය. එසේම කළපු ඉවුරේ කළපුව තුළට වන්නට ගොලු බෙල්ලන් වැනි සත්ව විශේෂයක් සිටින බව අපට නිරීක්ෂණය විය. ධීවරයන් ඔවුන්ට පැවසූවේ ”ඌරි” යනුවෙනි. මේ ආකාරයට ඌරි සහ කාවාඩි මීට පෙර කළපුවේ නොසිටි බවත් ඔවුන් කළපුවට පැමිණියේ කරවල කර්මාන්තය ආශ්*රිත අප ජලය කළපුවට මුදා හැරීම් පටන් ගත්තායින් පසුව බවත් ධීවරයෝ පැවසූහ.
http://ravaya.lk/?p=173706
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
https://www.facebook.com/colombotribune/videos/2186551824903073/?t=454
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අනං මනං! #/+?.<>
-Buddha
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.
ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.
රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.
රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.
වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.
දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)
මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.
නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.
ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.
මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.
http://economatta.blogspot.com/2017/08/blog-post_13.html
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අනං මනං! #/+?.<>
Keep it up!
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
ආහාරවල රසය, පෙනුම, තත්ත්වය හා ගුණාත්මක බව වෙනස් කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය “ආහාර අතිරේක” ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන් ඒ සියල්ල ආහාර රස ගැන්වීමට යොදාගන්නා රස කාරක, නරක් නොවී කල්තබා ගැනීමට යොදා ගන්නා සුරක්ෂක, ආහාර රුචිය වඩවනු පිණිස යොදාගන්නා වර්ණක, පෝෂණ අගයන් රැක ගැනීමට හෝ වැඩි කිරීමට යොදාගන්නා අතිරේක පෝෂක වශයෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
ආහාර අතිරේක භාවිතයට රෝම යුගය තෙක් අෑතට දිව යන ඉතිහාසයක් තිබේ. මේ වන විට ආහාර අතිරේක 3,800ක් පමණ භාවිත කෙරෙන අතර ඉන් 3,500ක්ම ඇත්තේ රස හා වර්ණකාරක ද්‍රව්‍ය වේ. මේවා අතර වර්ණක, ස්ථායි කාරක, දියර ස්වභාවය, ඝන ද්‍රව්‍ය, රසය තියුණු කරන ද්‍රව්‍ය, ප්‍රතිඔක්සිකාරක, සංරක්ෂක ද්‍රව්‍ය, විරංජකය, තෛලෝද කාරක, කැටිකාරක ආදී විවිධ රසායන ද්‍රව්‍ය රැසක් මේවාට ඇතුළත් වේ. ආහාර සුරැකීම සඳහා විශාල කාර්ය භාරයක් මේ අතිරේකවලට කළ හැකි වුවත් ඒ සඳහා යොදන ඒවාට ලොව පුරා ජනතා විරෝධයක් නැඟී ඇත්තේ ඒවා විස සහිත පිළිකා කාරක හා අසාත්මිකතා ඇති විය හැකි ද්‍රව්‍ය සේ සලකාගෙනය.
මේ නිසා එවැනි ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල ආහාර ලේබල් කිරීමේදී ඒවායේ අන්තර්ගත සියලු දේ එනම් ආහාරවලට අමතරව ඊට එක්කර ඇති රසායනික ද්‍රව්‍ය හා ඒවා ප්‍රතිශතයන් පාරිභෝගිකයාට පෙනෙන සේ සටහන් කොට තිබිය යුතු යැයි ලොව පුරා බොහෝ රටවල නීති පනවා තිබේ. යුරෝපීය සංගමය අනුමත කළ ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වලට ඡ් අංකයක් ද ලබාදී තිබේ. ආහාරයක ඇසුරුමෙහි ඒ පිළිබඳව විස්තර ඇතුළත් කළ යුතු යැයි අප රටේ නීතියෙන්ද අනිවාර්ය කර ඇත. එබැවින් ඔබ පාරිභෝගිකයකු වශයෙන් මේ ගැනද හොඳින් දැනුවත් වීම ඉතා වැදගත් වන දෙයකි.
https://www.colombotribune.com/2018/12/28/
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
සිරුරට නිසි පෝෂණයක් ලබාදීම නීරෝගී බව රුකගැනීමේ රහසයි. නිසි පෝෂණය ලබාගන්නට නම් ඔබ ගන්නා ආහාර තමන්ගේ සිරුරට ගැලපෙන ප්‍රමාණයට නිවැරැදි වේලාවට ගතයුතු බවයි වෛද්‍ය නිර්දේශය. ශාකමය ආහාර පමණක්ම ගැනීම මෙන්ම මාංශමය ආහාර සහ පිටි තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීමත් නීරෝගී පැවැත්මකට අවශ්‍ය පෝෂණය ලබාදීමට හේතු නොවේ. ඒ සඳහා විවිධත්වයෙන් යුතුව සකසාගත් ආහාර නිසි ප්‍රමාණවලින් ලබාගැනීම සිදුකළ යුතුයි. ඔබේ දිනපතා ආහාරවේල් සඳහා ලබාගතයුතු නිර්දේශිත ආහාර කොටස් ප්‍රමාණයන් ගැනයි මේ ලිපිය. මේ අනුව ඔබේ දවසේ ආහාර පාලනය කරගැනීමෙන් ලෙඩරෝගවලින් මිදී සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වාගන්නට හැකිවේවී.
නිසි ආහාර “ප්‍රමාණයක්” යනු කුමක්ද?
සෑම ආහාර කාණ්ඩයකින්ම දිනපතා ඔබගේ ආහාර වේලෙහි කොපමණ ප්‍රමාණයක් අඩංගු කරගත යුතුදැයි යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි. ගන්නා ආහාර ප්‍රමාණය නිවසේ භාවිතා කරන විවිධ මිනුම් උපකරණ මගින් මැන ගැනීමට පුළුවනි.
උදා- බත් පීරිසි කෝපප 1ක් ආහාර ප්‍රමාණයන් 1කට සමාන ලෙස සැලකිය හැකියි. එසේම පාන්පෙති 1 (පාන් ගෙඩිය සමාන පෙති 9කට කැපූ විට) ආහාර ප්‍රමාණ 1කට සමානය. පිසිනලද මාළු ග්‍රෑම් 30ක් ආහාර ප්‍රමාණ 1කට සමානය.
• එක් එක් කාණ්ඩයට අයත් සහ ඒවායින් දිනකට ගතයුතු නිර්දේශිත ආහාර ප්‍රමාණයන් පිළිබඳ විස්තර මේ සමඟ ඇති 1 වැනි හා 2 වැනි සටහන් මගින් ඉදිරිපත් කර ඇත.
පළමුවැනි සටහන
එක් එක් ආහාර කාණ්ඩ සහ එයින් දිනපතා ගතයුතු ආහාර ප්‍රමාණයන්
සහල්, පාන්, අනෙකුත් ධාන්‍ය හා අල බතල 6-11, පළතුරැ 2-3, එළවළු 3-5, කිරි සහ කිරි නිෂ්පාදන 1-2, මාළු, මස්, බිත්තර, පියළි හා ඇට වර්ග 3-4, තෙල් බහුල ඇට හා බීජ වර්ග 2-4
දෙවැනි සටහන
ආහාර ප්‍රමාණයක් මැනගන්නේ මෙහෙමයි…
කෝප්ප 1 = මිලි ලීටර 200යේ පීරිසි කෝප්පයක් ලෙස මෙහිදී සැලකේ.
සහල් සහ පිටි සහිත ආහාර
බත් – පීරිසි කෝප්ප 1 (ග්‍රෑම් 130-140), පාන් – පෙති 1 (ග්‍රෑම් 50), එළවළු – එළවළු ව්‍යාංජන මේස හැඳි 3 (ගෙඩි සහ කොළ එළවළු) (පීරිසි කෝප්ප 1/2), එළවළු සලාද පීරිසි කෝප්ප 1
පළතුරු
මධ්‍යම ප්‍රමාණයේ පළතුරු ගෙඩි 1 (කෙසෙල් ගෙඩි 1ක් හෝ දොඩම් ගෙඩි 1ක්) කපන ලද පළතුරු හෝ පළතුරු සලාදය පීරිසි කෝප්ප 1/2, වියළි පළතුරු මේස හැඳි 2 (ග්‍රෑම් 20-30)
මාළු, බිත්තර, කුකුළු මස්, මස් වර්ග, කරවල, පියළි හා ඇට වර්ග
පිසින ලද මාළු හෝ කුකුළු මස් හෝ
වෙනත් මස් ග්‍රෑම් 30, පිසින ලද පියලි හා ඇට වර්ග මේස හැඳි 3, බිත්තර 1, කරවල ග්‍රෑම් 15
කිරි හා කිරි නිෂ්පාදන
කිරි පීරිසි කොප්ප 1 (මී. ලීටර් 200), යෝගට් හෝ මුදවපු කිරි පීරිසි කෝප්ප 1 (මී. ලීටර් 100), කිරිපිටි ග්‍රෑම් 30 (මේස හැඳි 2) මේස හැඳි 1 (ග්‍රෑම් 15)
තෙල් බහුල ඇට හා බීජ වර්ග
පිසින ලද ආහාර, ව්‍යාංජනය රහිතව මනින ලද ලෙස සලකන්න.
විටමින් හා ඛනිජ ලවණවල කාර්ය භාරය
ඔබගේ දෛනික ක්‍රියාකාරිත්වයන් සඳහා අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ පරිපූරක (කෘත්‍රීම විටමින්, පෙති හා සිරප් වර්ග)වලින් ගැනීමට වඩා පෝෂණ ගුණයෙන් යුතු හොඳ ආහාර වේලකින් ලබාගැනීම සුදුසු බව සලකන්න. සෞඛ්‍යසම්පන්නව ජීවිත් වීමට අවශ්‍ය විශේෂ පෝෂණ කොටස් ස්වභාවික ආහාරවල මෙන් මෙවැනි විටමින් හා ඛනිජ ලවණ පරිපූරකවල අඩංගු නොවේ. එහෙත් වෛද්‍ය නිර්දේශය මත අවශ්‍ය විටකදී මෙම පරිපූරක විටමින් හා ඛනිජ ලවණ භාවිතා කිරීමට පුළුවන.
නිර්මාංශ ආහාර වේලක්
නිර්මාංශ ආහාර වේලක් නියමිත ආකාරයට සියලු පෝෂණ පදාර්ථවලින් අංගසම්පූර්ණ පිළියෙළ කරගත් විට එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වනු ඇත. නිර්මාංශ ආහාර ගන්නා අය අතර ප්‍රෝටීන, යකඩ, විටමින් බී 12, කැල්සියම් හා සින්ක් යන පෝෂ්‍ය පදාර්ථවල ඌණතාවයන් පැවතිය හැකි අතර, විවිධ වර්ගවලට අයත් ආහාර දිනපතා ගැනීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගතහැක. දිනපතා තම ආහාර වේලෙහි ධාන්‍ය, පියළි හා ඇටවර්ග හා තෙල් සහිත බීජ අඩංගු කර ගත යුතු අතර පළතුරු, එළවළු හා තදකොළ පැහැති පලා වර්ග දෛනිකව නිර්මාංශ ආහාර වේලෙහි අඩංගු වීමෙන් සියලු පෝෂකවල අවශ්‍යතාවය සපුරා ගැනීමට පුළුවන. මීට අමතරව කිරි, කිරි නිෂ්පාදන හා බිත්තර ආහාරයට ගැනීම ශරීර වර්ධනයට හා අලුත්වැඩියාවට උපකාරී වන අතර, අස්ථි සහ දත් වර්ධනයට අවශ්‍ය පෝෂක සපයයි.
https://www.colombotribune.com/2018/12/27/
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
මහ මඟට හෝරා ගණන් ගෙවමින් දූවිල්ල, දහදිය හා පොර අල්ලමින් රස්සාවට යනෙන කොයි කාගේත් ඇස් නිතර නිතර කැලැන්ඩරය පුරා කරක් ගසන්නේ ය. සතියක් පාසා මේ කොයි කවුරුත් සොයන්නේ සතිය මැද නිවාඩුවකි. කළු පාට ඉලක්කම් මැද, රතු පාටින් ලියැවුණු නිවාඩුවක් කොයි කාගේත් ඇස් දිදුලවන්නක් මය! අතින් නිවාඩුවක් දමා හෝ ‘දිගු සති අන්තයක්‘ ලැබේ නම් එය සතුටින් ඉපිළ යන්නට තරම් හේතුවක් ද වන්නේ ය. අපේ රටේ ඇත්තෝ සොයන්නේ නිවාඩු ම නොවේදැයි කැලැන්ඩරය පීරා ‘නිවාඩුවක් සොයා ගන්නට අපිට ඇති උනන්දුව‘ගැන දැනෙනා ඕනෑ කෙනකු කියනු ඇත.
අපේ නිවාඩු උනන්දුව කෙතරම් වන්නේ ද යත් අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් ළං වෙද්දී අපි අලුත් අවුරුද්දේ කැලැන්ඩරය සොයන්නෙමු. ඒ අන් කිසිවකටවත් නොව සතියේ වැඩ කරන දින වලට යෙදී ඇති නිවාඩු දැන ගන්නට ය. මේ ගෙවී යන්නේ 2018 අවුරුද්දේ අන්තිම මාසයයි. කියන හැටියට නම් අලුත් අවුරුද්දේ කැලැන්ඩරය ගැන උනන්දුවෙන් සොයනා කාලයයි. අවාසනාවට, එළඹෙන්නට යන්නේ නම් නිවාඩු සොයන්නන්ගේ සිත් සතුටින් පුරවන අලුත් අවුරුද්දක් නොවේ!
අපේ රටේ නිවාඩු දින ප්*රසිද්ධියට පත් වන්නේ 1971 අංක 29 දරණ නිවාඩු පනතේ 4 වන වගන්තියට අනුව ස්වදේශ කටයුතු ඇමතිවරයා විසින් ප්*රකාශයට පත් කරනු ලබන ගැසට්ටුවකිනි. 2019 අවුරුද්දේ අඩු නිවාඩු සහිත ගැසට්ටුව පසුගිය ජුනි 28 වනදා ප්*රකාශයට පත් කෙරී තිබුණේ ඒ අනුවය. 2019 නිවාඩු ගැසට්ටුවේ පෙනෙනා ලෙසට නම් කැලැන්ඩරය පීර පීරා සෙව්ව ද සතියේ මැදදී හමුව සිත පිනවන නිවාඩු සොයා ගන්නට බැරි තරම් ය. ඒ තබා වෙනදා නිදහසේ ගත කරන්නට ලැබෙන අවුරුදු නිවාඩුව සේම වෙසක් පොහොය නිවාඩුවද 2019 අවුරුද්දේ දී යෙදී ඇත්තේ සති අන්තවල ය. 2019 අවුරුද්දේ අප්*රේල් 13 සෙනසුරාදාය; 14 ඉරිදාවකි. වෙසක් පොහොය යෙදී ඇති මැයි මාසයේ 18 වැනිදා ද සෙනසුරාදාවකි. වෙසක් පොහොයට පසුදින නිවාඩුව යෙදෙන්නේ ඉරිදාට ය. පොසොන් පොහොය, වප් පොහොය සේම දීපවාලි උත්සවය ද යෙදෙන්නේ ද ඉරිදා දිනවලට ය. අවුරුද්දේ කවුරුත් බලාපොරොත්තුවෙන් සිටිනා සිංහල අලුත් අවුරුදු නිවාඩුවත්, වෙසක් පොහොය නිවාඩුවත් නැති පාඩුව වැඩිපුරම දැනෙන්නේ රජයේ සේවකයන්ට ය. එය එසේ වන්නේ ව්*යවස්ථාපිත නිවාඩු දෙකක් වන අලුත් අවුරුදු නිවාඩුව සහ වෙසක් පොහොය නිවාඩුව පුද්ගලික අංශ සේවකයන්ට වසර තුළ ඕනෑම දිනයක ලබා ගත හැකි නිසයි. ලංකාවේ අපි නිවාඩු ගැන මෙතරම් සොයන්නේ, රැකියාව නිසා හෙම්බත් වූ ජීවිත ගතකරනා නිසාද; නැත්නම් සියල්ලෙන් ම පෙරට එන ‘කම්මැලිකම‘ නිසාද! මේ ගැන හරි ඉඟියක් ලබාගන්නට හොඳ ම මඟක් වේ නම් ඒ ලෝකය පුරා කරක් ගසා අපේ අසල් වැසියන්ගේ, දුර ඈත සිටිනා බලවතුන්ගේ සේම අපේ රටේ ඇත්තෝ බෝට්ටුවෙන් හෝ යන්නට දඟලන සිහින පාරාදීසවලට එබී බැලීමයි.
ඉන්දියාවේ මිනිසුන් සමඟ අපිට බොහෝ නෑදෑකම් ඇතැයි කියනා නිසා නිවාඩු ගැන ඉන්දියානුවන්ගේ ඇති උනන්දුව අපේ උනන්දුව තරම්ම වේ දැයි සොයා බැලීම වටින්නේය. නිතර උත්සව පවත්වන සේම පවත්වන උත්සව සියල්ල ම පාහේ මහා උත්කර්ෂයෙන් සමරන ජාතියක් ලෙස ප්*රසිද්ධ ඉන්දියානුවන්ට උත්සව සැමරිය හැකි නිමිති ද වසර පුරා බොහෝය. බොහෝ දෙවියන් පිදෙන ඉන්දියාවේ ප්*රාන්ත 29ක් පුරා අනුගමනය කෙරෙන සියලු පුද පූජා වෙනුවෙන් රජයෙන් නිවාඩු ලබා දෙන්නට වුවහොත් ඉන්දියානුවන්ට කිසිදා රස්සාවකට යන්නට සිදු නොවනු ඇත. හින්දු ආගමිකයන් අති බහුතරයක පොදුවේ රට පුරාම වෙසෙන නිසා ප්*රධාන හින්දු දේව ඇදහිලි වෙනුවෙන් පමණක් ගැසට් මඟින් ප්*රකාශයට පත් කරනා ලදුව නිවාඩු ලබාදීම ඉන්දියානු රජයෙන් සිදු කරයි. මහාශිව රාත්*රී, රාම නවාමි, මහාවීර් ජයන්ති, දීපවාලි උත්සව මෙසේ නිවාඩු ලැබෙනා දේව ඇදහිලි දින ලෙස ප්*රකාශයට පත්වේ.වසරක් පාසා මේ නිවාඩු දින ගැසට් කෙරෙන්නේ ඉන්දියානුවන්ට එ් දිනය සියලු රාජකාරි වලින් බැහැරව නිදහසේ සැමරිය හැකි වන ලෙසට ය.
තවත් බොහෝ ආගමික උත්සව ඉන්දියාවේ පැවැත්වෙන නමුත් ගැසට් කරන ජාතික නිවාඩු දින ලෙස ප්*රකාශයට පත් වන්නේ මහ සිකුරාදා, අන්තර්ජාතික වෙසක් නිවාඩු දිනය, නත්තල් දිනයට පෙර දිනය සහ නත්තල් දිනයයි. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික උත්සව වෙනුවෙන් නිවාඩු ලැබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට විතර ය. ජාතිකත්වය ඉතා ඉහළින් අගය කරන ඉන්දියානුවන් තම නිදහස් දිනය වන අගෝස්තු 15 වැනිදාත්, ජනරජ දිනය වන ජනවාරි 26 වෙනිදාත් ජාතික නිවාඩු දින ලෙස සලකනු ලබයි. එ් දින දෙක යෙදෙන දවස සතියේ දිනක් වුවත්, සති අන්තයේ දිනක් වුවත් එ් දින අනිවාර්යයෙන් ම ජාතිකත්වය සැමරීමට වෙන් කරනු ලැබෙයි. ඉන්දියාවට ම නිවාඩු ලැබෙන ඉන්දියාවේ ජාතික නිවාඩු ගණන, ගණනින් දහයක් පමණ ය. ජාතික නිවාඩු දිනවලට අමතරව එක් එක් ප්*රාන්තවලට වෙන්වූ නිවාඩු බොහෝ ගණනක් ඇතත් එ් දිනවලට නිවාඩු ලැබෙන්නේ අදාළ ප්*රාන්ත ආණ්ඩුව විසින් ප්*රකාශයට පත් කරනා ජන කණ්ඩාම්වලට විතර ය. ලෝකයේ දෙවන විශාලතම ජනගහනයට හිමිකම් කියනා ඉන්දියාව ජාතික නිවාඩු අවම කරගෙන ඇතත් බහුතර ජනතාවගේ හිතසුව පිණිස වඩා නම්*යශීලී නිවාඩු ප්*රතිපත්තියක් අනුගමනය කරනා බවක් පෙනෙන්නට තිබේ.
ඉන්දියාවෙන් පිටව ඉන්දියාවටත් වඩා අපිට සමීප ලෙස හැඟෙන, කතාකරන චීනයේ නිවාඩු කැලැන්ඩරය දෙස ද බැලීම වටින්නේ ය. චීනයේ නිවාඩු කැලැන්ඩරය පටන් ගන්නේ ජනවාරි පළමුවැනිදා ය. බටහිර ලෝකය සේම චීනය ද ජනවාරි පළමුවැනිදා නව අවුරුදු උදාව මහ ඉහළින් සමරයි. වසන්ත උත්සවයේ ආරම්භය, චීන අලුත් අවුරුද්ද ජාතික නිවාඩු දින වන අතර ජාත්*යන්තර කම්කරු දිනය චීන ජාතිකයන් මහ ඉහළින් සමරන ජාත්*යන්තර නිවාඩු දිනයකි. කින්ග් මින්ග් ජි නම් ජාතික නිවාඩු දිනයක් සහ ඩ්*රැගන් බෝට් උත්සව දිනය ද චීනයේ ජාතික නිවාඩු දින ය. චීන ජාතිකයන් දින කිහිපයක නිවාඩුවක් සමඟ සමරන උත්සවය ගිම්හාන උත්සවයයි. දින තුනක ජාතික නිවාඩු කාලයක් තිස්සේ සමරන ගිම්හාන උත්සවය සියලු චීන ජාතිකයන්ට ජාතික උත්සව සමයක් ලෙස සැලකේ. චීනයේ ජාතික නිවාඩු දින අතරට මීට අමතරව එකතු වන්නේ චීනයේ ජාතික දිනය විතර ය. ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්වීමේ අරමුණ වෙනුවෙන් චීනය වෙහෙසෙන බවක් මේ අඩු නිවාඩු කියන්නේ ද ජාතික නිවාඩු දිනවලට අමතරව ‘පොදු නිවාඩු‘ලෙස නිවාඩු දින ද චීනයේ සලකා බැලෙයි. එ් පොදු නිවාඩු අනිවාර්ය නිවාඩු නොවන අතර පොදුවේ නිවාඩු ලෙස අවශ්*ය නම් ලබා ගත හැකිය.
ජපානය ද ලෝකයේ විශාල ආර්ථිකයක් හිමි සේම කාර්යක්ෂමතාව අතින් ලෝකයේ කිසිවකුටත් නොදෙවෙනි වෙන තරමේ රටක් බව කාටත් රහසක් නොවේ. වැඩට හපන් ජපනුන් අවුරුද්දේ මුල් ම නිවාඩුව ලබාගන්නේ ජනවාරි පළමු වැනිදා ය. ජනවාරි පළමු වැනිදායින් පසුව ජපනුන් ලබාගන්නා බොහෝ ජාතික නිවාඩු සොබාදහමේ වෙනස්කම් පදනම් කරගත් ඒවා ය. තමන්ගේ ආර්ථිකය සවිමත් කරවන මුහුද වෙනුවෙන්, තමන්ගේ රට ලස්සන කරනා කඳු වෙනුවෙන් සැමරුම් පවත්වන්නට කළගුණ සලකන්නට ජපනුන්ට ජාතික නිවාඩු ලැබේ. වැඩිහිටි ජනගහනය රටට සම්පතක් ලෙස සලකන ජපනුන් වැඩිහිටියන්ට සැලකුම් කරන්නට, ඔවුන්ගේ සේවය අගය කරන්නට අවුරුද්දේ දින දෙකක් ම ජාතික නිවාඩු දින ලෙස නම් කරති. මේ දින සැමරුම් වලට අමතරව ජපනුන්ට ලැබෙන අනෙක් නිවාඩු ලැබෙන්නේ වසන්ත උත්සවය සහ ගිම්හාන උත්සවය වෙනුවෙනි. අවුරුද්දේ සෑම දවසක ම පාහේ වෙහෙසී වැඩ කරන ජපනුන් තම සැනසිලිදායක නිවාඩු සිත් සේ විඳ ගන්නේ මේ වසන්ත සහ ගිම්හාන නිවාඩු වලදී බවද කියැවේ. එසේ වුවත් ජපානයට ම මෙසේ ලැබෙන ජාතික නිවාඩු, ගණනින් පහළොවකට දහසයකට වඩා වැඩි වන්නේ නැත.
පෙරදිග ලෝකයටත් වඩා බටහිර ලෝකයේ නිවාඩු නම්*යශීලී සේම වඩා වැඩදායී ලෙස තෝරා බේරා ගැනෙන බවක් පෙනෙන්ට තිබේ. එක්සත් රාජධානියේ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය යන රටවල් වලට අදාළ ව නිවාඩු දින ප්*රකාශයට පත්වන බවක් පෙනෙන්නට තිබේ. පොදුවේ එක්සත් රාජධානිය ම ගත් කල පොදු නිවාඩු, රජයේ නිවාඩු හෝ ජාතික නිවාඩු ලෙස නම් කළ නිවාඩු ඔවුන්ගේ නිවාඩු කැලැන්ඩරයේ නැත. ලෝකය ම පොදුවේ නිවාඩු ලබා ගන්නා ජනවාරි පළමුවැනිදාව, මැයි පළමුවැනිදාව, වෙසක් පොහොය, නත්තල් දිනය එක්සත් රාජධානියේදී සැලකෙන්නේ බැංකු නිවාඩු දින හැටියට පමණ ය. කාර්මික රටවල් ලෙස ඉදිරියට ආ එක්සත් රාජධානිය මුදල් මත පදනම් වූ සමාජ රටාවේදී බැංකු නිවාඩු දිනයක් ප්*රකාශ කිරීමෙන් රාජකාරි වලින් බැහැර වීම අදහස් කරන්වා වන්නට ද බැරි නැත. එසේම විවිධ රටවලින් සංක්*රමණය වූ වෙනස් වෙනස් ජාතීන් රැසක් සිය පදිංචිය තහවුරු කරගෙන ඇති නිසා හින්දූන්ට, ක්*රිස්තු භක්තිකයන්ට, ඉස්ලාම් භක්තිකයන්ට වෙන වෙනම තම ආගමික උත්සව වෙනුවෙන් රාජකාරී වලින් බැහැර වී නිවාඩු ලබා ගැනීමේ ක්*රමයක් ද එක්සත් රාජධානිය තුළ හඳුනාගත හැකිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවාඩු කැලැන්ඩරය ද බොහෝ දුරට සමාන වන්නේ එක්සත් රාජධානියේ නිවාඩු කැලැන්ඩරයට ය. ඇමෙරිකානුවන්ට නිවාඩු දිනයක සතුට අත්විඳින්නට ලැබෙන්නේ ඔවුන් ජීවත් වන ප්*රාන්තය අනුව නැත්නම් තමන් අදහන ආගම අනුව ය. ජාතික උත්සව වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ද දින වෙන්වී ඇතත් ඒවා ජාතික නිවාඩු දින ලෙස නම් කර නැත.
cont.....
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
අපේ රටේ බොහෝ දෙනා යන්නට ප්*රිය කරන සේම නොයෙක් ආකාර වලින් යන්නට තැත් කරන ඕස්ට්*රේලියාව සැලකෙන්නේ ලෝකයේ අඩුවෙන් ම නිවාඩු ඇති රටක් ලෙස ය. බටහිර ලෝකයේ බොහෝ රටවල් අනුව යමින් දෙසැම්බරයේ ශීත කාලය වෙනුවෙන් දිගු නිවාඩුවක් ගතකරන්නට ඕස්ට්*රේලියානුවන්ට අවස්ථාව උදාවුවත් ඕස්ට්*රේලියාවේ නිවාඩු කැලැන්ඩරයට අනුව ඔවුන්ට මුළු අවුරුද්දට ම රජයෙන් නිවාඩු ලැබෙන්නේ දහයක් විතර ය. අනෙක් නිවාඩු ආයතනික මට්ටමින් තම සේවක පිරිස් වෙත ලබා දෙන නිවාඩු ය. රජයෙන් ප්*රකාශයට පත් කරන ‘රජයේ නිවාඩු‘ නව වසර, කම්කරු දිනය, ජාතික ගීය හා ජාතික කොඩිය වෙනුවෙන් වෙන් කර ඇති දිනය හැරුණු කොට වෙන්වී ඇත්තේ නත්තල සහ අනෙකුත් ආගම්වල ආගමික උත්සව වෙනුවෙනි. ලෝකයේ රටවල අතර ‘රජයේ නිවාඩු ‘Public Holiday ලෙස නිවාඩු නම් කර ඇති රටවල් අතළොස්ස අතරට අපේ රට සේම ඕස්ට්*රේලියාවද එක්වී සිටින බව නම් සටහන් තැබිය යුතුමය. නිවාඩු සොයා කැලැන්ඩර පීරන අපේ ඇත්තන් ඕස්ට්*රේලියාවට පැන ගන්නට කලියෙන් ‘අඩු නිවාඩු‘ ගැනත් සිතන්නට ඕනෑ නොවේද!
පාකිස්තානය, මාලදිවයින, බංගලාදේශය ද ‘රජයේ නිවාඩු‘ බොහෝ ගණනක් තම තමන්ගේ නිවාඩු කැලැන්ඩර වලට දමාගෙන තිබේ. ඔවුන්ගේ නිවාඩු කැලැන්ඩර ද අපේ රටේ නිවාඩු කැලැන්ඩරය සේම බොහෝ දිගු ය. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන් ඇති අනෙකුත් ආසියානු රටවල නිවාඩු ද බොහෝවිට ආගමික උත්සව,වසන්ත උත්සව හා ගිම්හාන උත්සව සේම අලුත් අවුරුද්දක උදාව වෙනුවෙන් වෙන්කර ගත් නිවාඩු ය. එසේ වුවත් ඒ නිවාඩු ගණනින් අඩුය;එසේම එකම දිනයක රටේ සියලු වැඩ කරන ජනතාවට නිවාඩු ලබා දීමේ ක්*රමයක්ද නැත. එයින් පෙනෙන්නේ ඔවුන් තමන්ගේ ආර්ථිකය ගැන පරෙස්සම් වන තරම වන්නට බැරි නැත.
මැදපෙරදිග රටවල නිවාඩු කැලැන්ඩරය ලෝකයේ අන්කිසිදු රටක නිවාඩු කැලැන්ඩරයකට සමාන වන්නේ නැත. අරාබි රටවල නිවාඩු දින හැම එකක්ම පාහේ ජාතික නිවාඩු දින වන අතර ඒවා සියල්ල ඔවුන්ගේ ඉස්ලාම් ආගම හා ආගමික උත්සව හා බැදුණු නිවාඩු වීම ද විශේෂත්වයකි. එසේ වුවත් අවුරුද්දක් තුළ ඔවුන් නිවාඩු පාඩුවේ ගෙවා දමන්නට වෙන් කරගෙන ඇති දවස් ගණන සලකිය යුතු තරම් අඩුය.අවුරුද්ද මැද ගෙවා දමනා අඩු නිවාඩු වෙනුවට ඔවුහු ද බටහිර ආරයට යමින් දෙසැම්බරයේ දිගු නිවාඩු ලබා ගනිති.
ලෝකයේ රටවල නිවාඩු ගැන පළවන වාර්තා සොයා බලද්දී අපි වසරකට ලබා ගන්නා ප්*රකාශිත නිවාඩු ගණනින් දෙවැනි වන්නේ කාම්බෝජයට විතරය. කාම්බෝජයද අප වැනිම බෞද්ධ රටක් වන නිසා ආගමික උත්සව හා සම්බන්ධ නිවාඩු ඔවුන්ද ලබා ගනිති.අපට ළඟින්ම ඊළගට සිටින්නේ ඉන්දියාව වන අතර කොලොම්බියාව චීනය, පාකිස්තානය ලැයිස්තුවේ පිළිවෙලට සිටිනා රටවල්ය.මේ සියලුදෙනා අපේ කිට්ටුවන්ත අසල්වැසියෝය, කෙටියෙන්ම කියතොත් නිවාඩු වැඩිපුරම ලබා ගන්නා ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නෝ ආසියානුවෝමය. බටහිර රටවල් මේ ලැයිස්තුවට එකතුවන්නේ ලැයිස්තුව බොහෝ දිගු වූ පසුය.
අපි සෑම සති අන්තයක ම එනම් සෙනසුරාදාවක ම සහ ඉරිදාවකම අනිවාර්ය නිවාඩු ලබනා රටකි.ලෝකයේ ඇතැම් රටවලට එම නිවාඩුව ලැබෙන්නේ ද නැත. එසේම ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ නිවාඩු කැලැන්ඩර වල නිවාඩු සලකුණු කරන්නේ ‘නිරීක්ෂත නිවාඩු‘ ලෙස ය. එම නිරීක්ෂිත නිවාඩු ලැබෙන්නේ අදාළ නිවාඩු නිමිත්ත සැමරෙනේ නම් හෝ සැමරිය යුතු යැයි රජය විසින් කල්පනා කරන්නේ නම් පමණි. ඒ බොහෝ නිරීක්ෂිත නිවාඩු ලැබෙන්නේ අඩුවෙනි. ලෝකයේ දියුණු යැයි කියනා, දියුණු බව ඇසට පෙනෙනා රටවල තත්ත්වය ඒකය. ඔවුන් නිවාඩු පතා නොව රටෙ දියුණුව පතා වැඩ කරනා බවක් පෙනෙන්නේය. කෙසේ වුවත් ඔවුහු නිවාඩු නොමැතිව වැඩ කරන්නෝ ද නොවෙති. නත්තල් සතියේදී නිවාඩු ලබන මේ බොහෝ දෙනා නැවත රැකියාවලට යන්නේ ජනවාරියේ දෙවන සතියේය. දෙසැම්බර් නිවාඩුවට යද්දී හිතපුරා සතුටු වන්නට දීමනා ද මේ බොහෝ රටවල වැඩ කරන ජනතාවට ලැබේ.
අපේ රටේ තත්ත්වය වෙනස් ය. දෙසැම්බරයේ හෝ සිංහල අවුරුද්දට ‘අතින් නිවාඩු ‘ ගත්තොත් මිසක් දිගු නිවාඩුවක් ලැබෙන්නේ කලාතුරකිනි. සතියේ මැද එන නිවාඩුවක් ගැන බොහෝ දෙනා විමසිලිමත් වන්නේ ඒ නිසාය. 2019 අවුරුද්ද වෙනුවෙන් ගැසට් වී ඇති නිවාඩු කැලැන්ඩරය ගැන කවුරුත් දුක් වන්නේ ද කතා කරන්නේ ද ඒ නිසාමය!. රටක දියුණුව වෙනුවෙන් වෙහෙස විය යුතු බවද කැපකිරීම් කළ යුතු බවද සැබෑවකි. අද ලෝකයේ ඉහළින් ම සිටිනා රටවල කතාන්දර මේ වෙනුවෙන් ඕනෑ තරම් කිව හැකිය. නමුත් සිරුර, මනස දරනා වෙහෙසට විවේකය ද උවමනාමය. ලොකු බෝනස් සමඟ ලොකු නිවාඩු නොලබන අපේ රටේ ඇත්තන් පොඩු පොඩි නිවාඩු අහිමි ව යෑම ගැන සිතීමේ වරදක් නැතැයි හැඟෙන්නේ ලෝකය දෙස බලා ආපසු හැරෙද්දීය .
http://www.silumina.lk/2018/12/01/
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
DECEMBER -28 -2018
ප්‍රභාස්වර
1960 දශකය අවසානයේදී, ඇමරිකානු සරසවිවල සමාජ විiා විෂය ඉගැන්වූ මහාචාර්යවරු බොහෝමයක් අවධාරණය කළ දෙයක් වූයේ, 20 වන සියවය අග වන විට ලොව තුළ බිහිවීමට නියමිත නව තාක්ෂණික මෙවලම් හේතුවෙන් බහුතරයක් රටවැසියන්ගේ වැඩ කරන කාලය බෙහෙවින් අඩුවී ඔවුන්ට හොඳ විවේකයක් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇති බවයි. ඒ අනුව, වසර 2000 වන විට මිනිසුන් සතියකට පැය 20කටත් වඩා අඩුවෙන් වැඩ කරන වතාවරණයක් ඇතිවීම නොවැළැක්විය හැකි වග මෙකී මහැදුරෝ පුන පුනා කීහ. අධි තාක්ෂණය නිසා හටගන්නා මේ අතිරේක විවේක කාලය කළමනාකරණය කරගන්නා හැටි ශ්‍රමිකයින්ට මැනවින් කියාදීම, අනාගත සමාජ විiාඥයන්ට අයත් කාර්යභාරයක් වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. එහෙත් පසු කලෙක පැමිණි නවීන තාක්ෂණය, ඇමරිකානුවන්ගේ වැඩ සතියට අලුතෙන් පැය ගණන් එකතු කළා පමණක් නොව, විවේකය යනු කුමක්දයි නොදන්නා තරමට ඔවුන්ව කාර්යාලයට ඇද බැඳ තබා ගන්නා ලදි. 2002 වසර තුළ ඇමරිකානු ශ්‍රම බලකායෙන් 1/4කට එකම එක නිවාඩුවක්වත් ගන්න බැරි වූ බව සංඛ්‍යා ලේඛන හා සාක්ෂි සහිතව 2003 වසරේදී පෙන්වා දුන්නේ ඇමරිකානු සමාජ විiාඥයකු වන ජෝන් ඩී ග්‍රාෆ්ය. මධ්‍යතන යුගයේ විසූ ප්‍රවේණිදාසයින් පවා මීට වඩා අඩුවෙන් වැඩ කළ ශ්‍රමිකයින් කොට්ඨාසයක් වග මහැදුරු ග්‍රාෆ් පවසා සිටියේය. ඉහළ පොලියක් සහිත නිවාස ණය, සෞඛ්‍ය රක්ෂණ පිරිවැය සහ දරුවන්ගේ අධ්‍යාපන වියදම් යනාදිය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන විට දුව දුව වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් ඇමරිකානුවන් සතුව නොවීය. මිත්‍ර ඇසුරක් හෝ පවුලේ සුහද හමුවක් වෙනුවෙන් තම දිනපොත බලා මාස ගණනාවකට කලින් ඒ සඳහා දින වෙන් කිරීමට තරම් මොවුහු කාර්යබහුල වී සිටිහය. ඉහළ වැටුප් ලැබූ කළමනාකරණ ශ්‍රේණියට අයත් ඇමරිකානුවන් පවා හෘදය රෝගවලට හා මානසික ආතතියට නිතර බඳුන් වන්නට විය. නිවෙස්වල සුරතලයට ඇති කළ සුනඛයින් සිය ලොම් සපාකමින් දැඩි විශාදයෙන් පෙළෙන්නට වූයේ හාම්පුතුන්ට උන් ගැන් සොයා බලන්නට කාල වේලාවක් නොලැබුණු හෙයිනි.
ඇමේසන් සංස්කෘතිය
1994 ජූලි 05 වැනි දින ස්ථාපිත කරනු ලැබූ ඇමේසන් ආයතනය, ඊ ග්‍රන්ථ අලෙවිය, ඉලෙක්ට්‍රොනික මෙවලම් වෙළෙඳාම, ක්ලවුඞ් කම්පියුටින් සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රයන්හි ජයකෙහෙළි නැංවූ ඇමරිකානු බහුජාතික සමාගමකි. 2017 වසරේදී ඇමේසන් ඉපැයූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 177 ඉක්මවීය. 2018 මාර්තු 06 වැනි දින, ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව, ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වනු ලැබුවේ ඩොලර් බිලියන 112ක වත්කමකින් යුතු ඇමේසන්හි නිර්මාතෘ සහ එහි වත්මන් සභාපති වන 54 හැවිරිදි ජෙෆ් බෙසෝවය. ඇමරිකාවේ සියැටල් නුවර පිහිටි ඇමේසන් ප්‍රධාන කාර්යාලය වෙත බඳවා ගන්නා නවක සේවක සේවිකාවන්ට එහි මානව සම්පත් කළමනාකරුන් මුලින්ම විස්තර කරන්නේ ආයතනය තුළ තිබෙන අති දුෂ්කර ‘වැඩ සංස්කෘතියක්’ පිළිබඳවය. සමාගමෙන් ඔහුට/ඇයට පිරිනමන ටැබ් එක වෙත පාන්දර 1.00ට වුව කළමනාකාරීත්වයෙන් එවන ඊ මේල් පණිවුඩයට එවේලේම ප්‍රතිචාර දැක්විය යුතුය. ඔවුන්ට ලබාදෙන අලෙවි ඉලක්කයන් සපුරාලීමට නොහැකි වුවහොත් ගෙදර යාමට සූදානම් විය යුතුවේ. තමා අවට සිටින සේවකයන්ගේ හෝ කළමනාකරුවන්ගේ වැරදි දුටුවහොත් ඒවා හොරෙන් රපෝර්තු කිරීම සඳහා රහස්‍ය ඊ මේල් ගිණුමක් ඉහළ කළමනාකාරීත්වය විසින් හැම සේවකයකුටම ලබා දී තිබේ. මෙමගින් සේවකයන් බෙදා වෙන්කොට පාලනය කිරීම ඇමේසන්හි පරිචයයි. අලෙවි ඉලක්ක සපුරාලන අයට සමාගමේ සොච්චම් කොටස් හිමිකමක් පිරිනැමෙයි. අවම වශයෙන් සතියකට පැය 8ක්වත් වැඩ නොකළහොත් එවැනි අය උසස්වීම් හෝ කොටස් හිමිකම් සඳහා සුදුසුකම් නොලබති. වසර 2ක් පමණ ඇමේසන්හි සේවය කොට පසුව ඉන් ඉවත් වූ ඇමරිකානුවකු වන බෝ නෙල්සන් පවසන්නේ, නවකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨයින්ද ‘වැඩ පීඩනය’ දරාගත නොහැකිව කාර්යාලය තුළ ඉකිගසා හැඬීම තමා දුටු සුලබ දසුනක් බවයි. අසනීපයකදී ලෙඩ නිවාඩු ගැනීම යනු රැකියාවට කණකොකා හැඬීම යැයි බෝ නෙල්සන් කියයි. ඒ අනුව, බහුතරයක් අමේසන් සේවකයින්ට පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් සැබවින්ම නොමැත.
වැඩ, වැඩ සහ තවත් වැඩ
ලොව අනෙක් බහුජාතික සමාගම්ද ‘ඇමේසන් වැඩ සංස්කෘතිය’ තම ආයතන තුළ ස්ථාපිත කිරීමට දැන් දැන් වලි කන්නේ, රොබෝවරු වැනි සේවකයින් හදා ගැනීම ඔස්සේ ඇදහිය නොහැකි තරම් ලාභ ඉපැයිය හැකි වග ඔවුන් දන්නා හෙයිනි. ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්ති ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 1973 සිට 2016 දක්වා වන කාලය අතරතුර එරට ශ්‍රමිකයින්ගේ ඵලදායිතාව 73.7%කින් ඉහළ ගොස් ඇතත්, ඔවුන්ට පැයක් තුළදී ගෙවන වේතනය වැඩි වී තිබෙන්නේ 12.5%කින් පමණි. පැයේ වේතනය මෙන් හය ගුණයකින් ඵලදායිතාව ඉහළ ගොස් ඇතිවග මෙයින් පෙනී යයි. 2017දී ඇමරිකානු වෘත්තිකයින්ගේ සංගමය විසින් සිදු කළ සමීක්ෂණය අනුව පහත සඳහන් කරුණු කාරණා අනාවරණය විය. සෑම ඇමරිකානුවන් 10 දෙනකු අතරින් 08 දෙනෙක්ම විශාදයෙන් පෙළෙති. දෛනික සේවාවන් සපයන අතරතුර වැඩ පීඩනය හේතුවෙන් මානසික ආතතියට පත් ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය 79%කි. වැඩ බිමේ ආතතිය පාදක කොට ගෙන ශ්‍රමිකයින් තුළ හට ගත් හීන ඵලදායිතාව හේතුවෙන් ඇමරිකානු හාම්පුතුන්ට වාර්ෂිකව අහිමි වී යන ආදායම ඩොලර් බිලියන 300කි. කාර්යාලීය වැඩ අධික වීම නිසා සුව නින්දක් නොලැබීම සහ සමාජ සම්බන්ධතා අහිමිවීම වැනි දේවල් සිදුවුණු බව ඕස්ටේ්‍රලියානු ශ්‍රම බලකායෙන් 62%ක්ම පවසා සිටියේ, 2016-2017 අතර කාලයේදී සිදු කෙරුණු මෙඩි බෑන්ක් සමීක්ෂණයේදී ය. ප්‍රංශයේ මෙම ප්‍රතිශතය 52%ක් වූ අතර ඉන්දියාවේ එය 80%කි.
ඒකාධිකාරී සෙවණැල්ල
පසුගිය වසර 15 ඇතුළත ලෝකයේ හැම ව්‍යාපාර ක්ෂේත්‍රයක්ම පාහේ දැවැන්ත සමාගම් අතළොස්සක ඒකාධිකාරී සෙවණැල්ල විසින් ගිලගනු ලැබීයැයි කීම අතිශයෝක්තියක් නොවේ. ගෝලීය ක්‍රෙඩිට් කාඞ් වෙළෙඳපොළින් 95%ක්ම අයත් වන්නේ, ඇමරිකන් එක්ස්ප්‍රස්, මාස්ටර් කාඞ් හා වීසා යන සමාගම් ත්‍රිත්වයටය. නැගී එමින් සිටි සමාජ මාධ්‍ය ජාලයක් වන වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම්, ෆේස්බුක් නම් දැවැන්තයා විසින් අත්පත් කර ගන්නා ලදි. ඇමේසන් සිය ඒකාධිකාරී බලමහිමය යොදවා තම නිපැයුම්වල මිල (තාවකාලිකව) වෙළෙඳපොළ තුළ පහත හෙලූ නිසා ‘ටොයිස් ආර් අස්’ නම් සමාගමට ඇමරිකාව තුළ තිබූ ඔවුන්ගේ වෙළෙඳ සැල් 735ම වසා දැමීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 30,000ක සේවක පිරිසකට ඔවුන්ගේ රැකියා අහිමිව ගියේය. ගෝලීය ‘ඔන්ලයින් සෙවුම් වෙළෙඳපොළෙන්’ 81%ක්ම අයත් වන්නේ ගූගල් සමාගමටය. ගෝලීය අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයෙන් 85%ක් පාලනය කරන්නේද ගූගල්ය. මොබයිල් සමාජ මාධ්‍ය හා අදාළ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් 77%ක්ම ෆේස්බුක් සතුව පවතී. ලොව ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළ ලාභයන්ගෙන් 91%ක්ම ඩැහැගන්නේ ඇපල් සමාගමයි.
ගෝලීය වෙළෙඳපොළින් තරගකාරීත්වය අතුරුදන් වී ඒ තුළ සමාගම් කිහිපයක ඒකාධිකාරය ස්ථාපිත වූ විට, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ සහ සාමාන්‍ය ශ්‍රමිකයින්ගේ එදිනෙදා පැවැත්මට ඉන් මහත් තර්ජනයක් එල්ල වේ. ඇමේසන් වැනි ශ්‍රමය සූරාකන වැඩ සංස්කෘතීන් අබියස සේවක සේවිකාවන්ගේ කේවල් කිරීමේ හැකියාව සහ අදීන බව සැණෙකින් වාෂ්ප වී යයි. ව්‍යාපාරවලින් ජනනය වන සියලු ලාභ, බලවතුන් අතළොස්සකගේ සාක්කුවට වැටෙන විට, ලොව ආදායම් බෙදීයාමේ විෂමතාව දිනෙන් දින ඉහළ යාම නොවැළැක්විය හැකිය. එහෙයින්, රාජ්‍යන්හි, සිවිල් සමාජයේ හා වෘත්තීය සමිතිවල අවධානය මෙකී භයානක ප්‍රවණතාව කෙරෙහි අනිවාර්යයෙන් යොමුවිය යුතු අවධිය එළැඹ තිබේ.
සොඳුරු අඬහැරය
ඇමරිකාවේ බෲකින්ස් පර්යේෂණ ආයතනය විසින් 2017 සැප්තැම්බර් මාසයේදී එළිදැක්වූ වාර්තාවට අනුව, 1973 සිට වසර 44ක් පුරා ඇමරිකානු ශ්‍රමිකයින්ගේ වැටුප් වර්ධක (උද්ධමනයද සැලකිල්ලට ගෙන) විශ්ලේෂණය කර බැලීමේදී 2017 වන විට ඔවුන්ගේ පඩි නඩි වැඩි වී ඇත්තේ 10%කින් පමණි. ඒ අනුව, ඇමරිකාවේ ශ්‍රම බලකායේ වාර්ෂික වැටුප් තලයන්හි යථා වර්ධන වේගය 0.2%ක් වැනි සොච්චමකි. එහෙත් සමාගම්වල ලොකුම ලොක්කන්ගේ වැටුප්, මෙකී කාල වකවානුව තුළ 27%කින් වර්ධනය වී තිබේ. සේවක වැටුප් එකතැන පල්වීම, ඩිජිටල් තාක්ෂණ මෙවලම් හරහා ශ්‍රමිකයින්ගේ ඵලදායිතාව අධීක්ෂණය කරමින් ශ්‍රමය සූරාකෑම සහ හාම්පුතුන්ට හිතුණ සැණින් සේවකයින් දොට්ට දැමීම යනාදියට එරෙහිව ජර්මන් ජාතික යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවකු වන 53 හැවිරිදි ජොර්ග් ස්ප්‍රේව්, ‘යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ සංගමය’ නමින් ඔන්ලයින් කම්කරු ව්‍යාපාරයක් 2018 මාර්තු මාසයේදී ආරම්භ කළේය. මේ වන විට යූ ටියුබ් වෘත්තීය සමිතියට සාමාජිකයින් 16,000ක් පමණ ලොව නන් දෙසින් එක්ව තිබේ. ඩිජිටල් සේවක මධ්‍යස්ථානයක් ලෙස සැබෑ අරගල දියත් කිරීමට පෙර, සේවකයින් ‘ඇන්දීම’ පිණිස බහුජාතික හාම්පුතුන් උපයෝගී කරගන්නා ජනප්‍රිය ප්‍රෝඩාවක් නොබියව හෙළිදරව් කළයුතු යැයි ජෝර්ග් ස්ප්‍රේව් පවසයි. නවතම අයිපෑඞ්, අයිෆෝන් හා ඇපල් ලැප්ටොප් හාම්පුතුන් විසින් සේවකයන් වෙත නොමිලේ පිරිනමන්නේ ආදරයට නොව වසරේ දින 365 සහ දවසේ පැය 24 පුරා ඔවුන්ගෙන් වහලුන් මෙන් වැඩ ගැනීමටය. පුරාණයේදී මෙන් නොව සමාගම් ලොක්කෝ ද සේවකයා මෙන් ‘කැෂුවල්’ සූට්වලින් සැරසී ඔවුන් සමග එකම කැන්ටිමට පැමිණ ආහාර ගනිති. එකට කෝපි බොති. සේවක යෝජනා හා චෝදනාවලට ඔවුහු පුදුම ඕනෑකමකින් සවන් දෙති. එහෙත් ඒවා ඉදිරිපත් කළයුත්තේ පුද්ගලිකව විනා කණ්ඩායම් වශයෙන් නොවේ. නව නිපැයුම් ක්‍රමවේද හඳුන්වා දී දුෂ්කර ඉලක්ක සපුරාලන සේවකයින්ගේ මේසය අසලටම පැමිණ සුබ පැතීමට ප්‍රධාන විධායක නිලධාරී තැන කටයුතු කරයි. ඔවුන් වෙනුවෙන් සාද සංවිධානය කරයි. එකිනෙකාගේ වැටුප් හා දිරි දීමනා අනෙකා නොදන්නා රහස්‍ය වටපිටාවක් සමාගම් තුළ ස්ථාපිත කොට තිබේ. උසස් නිලධාරීන් ඇදහිය නොහැකි වැටුප් හා දීමනා ලැබුවද, බාහිර පෙනුමෙන් සැවොම සමාන යැයි පෙන්වන වැඩ සංස්කෘතියක්, මානව සම්පත් බලධාරීන් විසින් අති සියුම් ලෙස නිර්මාණය කර ඇත. ඇමරිකාවේ සේවක වැටුප් වසර 44ක් තිස්සේ එකතැන පල්වෙමින් තිබෙන්නේ, හාම්පුතුන්ගේ මෙම ලස්සන මැජික් සංදර්ශනයට සැවොම රැවටී ඇති නිසා යැයි ජෝර්ග් ස්ප්‍රේව් කියයි. ‘ලෝකයේ කම්කරුවනි, හාම්පුතුන්ගේ ඒකාධිකාරී බලයට හා මර්දනයට එරෙහිව යූ ටියුබ් වෙත ලොග් වව්!’ ස්ප්‍රේව්, අන්තර්ජාලය ඔස්සේ නංවන සොඳුරු අඬහැරය එයයි.
http://ravaya.lk/?p=173926
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: අනං මනං! #/+?.<>
https://www.facebook.com/travsome/videos/364367174357787/