- LSETech Contributor
- Posts : 1321
Join date : 2014-06-04
Tuesday Markets- ජෝන් කීල්ස් අදත් ඉහළ විදේශ විකුණුම්/ ගනු-දෙනු දසත විහිදේ
අද දිනද ගිවිසගත ගනු-දෙනු 17 ක් මගින් ජොන් කීල්ස් හෝල්ඩ්ංග්ස් කොටස් මිලියන 07 ක් කොටසක් රුපියල් 251 බැගින් විදේශ පාර්ශ්වයක් අතින් ප්‍රමුඛ කැප්ටන් ව්‍යාපාරික පවුල ප්‍රමුඛ දේශිය පාර්ශ්ව වෙත හුවමාරු වු අතර මේ අනුව අද දිනයේ පමනක් රුපියල් බිලියන 1.98 ක ජෝන් කීල්ස් කොටස් හුවමාරු වු බව තැරුවිකාර අංශ කියයි.
ඊයේ සහ පසුගිය සිකුරාදා දිනද රුපියල් බිලියනය ඉක්මවා ගනු-දෙනු ජෝන් කීල්ස් වෙතින් වාර්තා විය.
Blue Diamonds, SMB Leasing සහ Panasian Power සදහා සුළු පරිමාණ ආයෝජන ආකර්ශනයක් විය.
ජනශක්ති සමුහයේ ලයිස්තුගත සමාගම් විෂයෙහිද මේ දිනවල දැඩ් උද්යෝගයක් ඉස්මතු වි ඇති අතර ඒ සදහා මුළික වි ඇත්තේ ඔවුන්ගේ අනාගත ලාභාංශ ඉලක්ක බව සදහන්ය.බැදුම්කර වෙළෙඳ පොල හරහා ඔවුහු විශාල ලාභ ලබා ඇති බවද තැරුවිකාර වාර්තා කියයි.
මේ අතරේ හැටන් නැෂනල් බැංකුව නිවේදනය කළේ ප්‍රයිම් ග්‍රාමින් මුදල් සමාගමේ සියයට 51 ක හිමිකම අත්පත් කර ගැනිම සදහා පුර්ණ අනුමැතිය හිමිව ඇති බැවින් අදාල ගනු-දෙනුව ලබන මස 30 ට පෙර අවසන් කරන බවයි.
මේ අතරේ ට්‍රේඩ් ෆීනෑන්ස් සහ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ සෙසු කොටස් මිලදි ගැනිම සදහා කොමාර්ෂල් ක්‍රෙඩ්ට් දුන් අනිවාර්ය අර්පණය ලබන මස 10 දා දක්වා දිගු කළ බවයි.
LOLC Leisure සමුහය Browns Hotels and Resorts ලෙස නම් කළ බවද මේ අතරේ අදාල සමාගම නිවේදනය කළේය.
http://www.randora.lk/index.php/markets/stock-market/item/3207-tuesday-markets