- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)
- WRRKUMARA
- Posts : 90
Join date : 2014-05-19
Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Scotsman allegedly assaulted by Malaka fears for his life
He told Daily Mirror that after the incident he did not leave his home after what happened to him and his girlfriend had been splashed across media networks.
“I did not know that the man who assaulted me is a minister’s son. On Friday (31), I and my girlfriend Belinda went to the R&B night club for a Halloween party. Suddenly a man came up to us and started harassing Belinda. I tried to protect her from him when about seven men came walked up to us and began assaulting me,” Mr. Casserly, an engineer currently residing in Sri Lanka, said
He said none of those present in the nightclub came to our assistance.
“I was covering my head. Then Belinda came held on to me. Then they assaulted her as well. She too was injured,” Mr. Casserly said.
Mr. Casserly and Belinda Mackenzie showed us their bruises. They said after the brawl they went to the police station but did not go to a hospital as they were scared.
He said he was suffering from blurred vision and was worried it would affect his profession as an engineer and hoped to claim compensation for what happened to him.
“I love to work in Sri Lanka and I love the people. I have been in this country for a year and nothing unpleasant has happened before. But I do not know what may happen now because of my blurred vision. I may be sent back to my country if I am not fit to work. My hopes to settle down in Sri Lanka have also gone to pieces,” Mr. Casserly said.
http://www.dailymirror.lk/55881/llegedly-assaulted-by-malaka-fears-for-his-life
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
මේ අහිංසකයාට එළව එළවා පහර දෙන්නේ ඇයි? :-)
රටට ජාතියට මහත් වූ සේවයක් කිරීමට බලා සිටින මේ චරිතවත් පුත්‍රයන් සුරැකීම අපගේ වගකීමක් වන්නේය.
අසාධාරණයට විවේචනයට ලක්‌වන දේශපාලන පුත්‍රයන් අතර නිරන්තරයෙන් කියවෙන්නේ ආචාර්ය මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා ගැනය.
මාලක සිල්වා නමැති උගත් බුද්ධිමත් කඩවසම් තරුණයා මේ වන විට බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින්නේය. මේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කරන වුන් මාලකට අභූත චෝදනා එල්ල කරති. ඔහුගේ චරිතය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටිති.
මාලක සිල්වා නම් වූ මේ බුද්ධිමත් තරුණයා අයුක්‌තිය අසාධාරණය කොහෙත්ම උහුලන්නේ නැති අයකු බව මුළු රටම දන්නේය.
රටක් වටිනා තම පුත්‍ර රත්නය ශ්‍රී ලාංකේය දේශපාලනයට දායාද කිරීමට මර්වින් සිල්වා සැදීපැහැදී සිටියි. මාලක වැනි තරුණයකු රටේ දේශපාලනයට එක්‌වීම අප කොයි කවුරුත් ලබනා මහා භාග්‍යයක් වනු නොවනුමානය.
තම පියාගේ අඩි පාරේම යමින් රට ජාතිය වෙනුවෙන් මහා විශාල සේවයක් කිරීමට මාලක සිල්වා උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙයි. මාලකගේ ක්‍රියාකලාපය නිරීක්‍ෂණය කරද්දී ඔහුට දීප්තිමත් අනාගතයක් තිබෙන බවද පැහැදිලිය.
මත්කුඩු ජාවාරම්කාරයන් මාලකට පෙන්නන්නට බැරිය. එක්‌ස්‌ටසි නම් වූ මත් පෙති ගෙන්වා බෙදාහරින වුන් මාලකට වහකදුරු මෙන්ය.
කප්පම් එකතු කරන වුන්, පාතාල ලෝකයට සම්බන්ධ වුන්, මෙන්ම රූමත් තරුණියන්ට නිදහසේ සිටින්නට ඉඩ නොදෙන වුන් මාලකගේ පරම සතුරන්ය.
දූෂිත පුද්ගලයන් මෙන්ම නීති විරෝධී ක්‍රියාවන් මේ තරම් ප්‍රතික්‍ෂේප කරන මාලක සිල්වාට අසාධාරණකම් බොහෝය. ඒ හැම අසාධාරණයක් ඉදිරියේම ඉන්ද්‍ර‚ලයක් සේ ඔහු නැඟී සිටියේය. මාලකට මුල්ම අසාධාරණකම සිදු වූයේ මීට වසර 8 කට උඩදීය. 2006 වර්ෂයේ නොවැම්බර් 02 වැනිදා කොළඹ එක්‌තරා සමාජ ශාලාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වැටලූහ. එක්‌ස්‌ටසි නම් මත් පෙති බෙදාහරින බව කියමින් පොලිසිය මාලකට අභූත චෝදනා එල්ල කළේය. ඒ අසාධාරණ චෝදනාවට එරෙහිව මාලක නැඟී සිටියේය. පොලිසිය බලු වුණේය. අවසානයේදී මාලක ජය ගත්තේය.
2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක කොළඹ නගරයේ පිහිටි බිස්‌ටෝ ලමිතෝ අවන්හලේදී මාලකට තවත් අසාධාරණයක් සිදු වුණේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සොහොයුරා වන චමින්ද සේනසිංහ සමග මාලක පැටලුණේය. එහිදී මාලක පිස්‌තෝල මිටකින් තම හිසට පහරදුන් බව කියමින් චමින්ද සේනසිංහ රෝහල් ගත වුණේය. මෙම සිදුවීම මුළු රටම කැළඹ වූ ප්‍රවෘත්තියක් බවට පත් විය.
මාලක සිල්වා වැනි නීතිගරුක තරුණයකු අතින් මෙවැනි පහරදීමක් කිසිවිටෙකත් සිදුවිය නොහැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළෝය.
ඉතාම සැලසුම් සහගත ලෙස මාලකගේ චරිතය ඝාතනය කිරීමට කළ උත්සාහය එවර ද වැරදී ගියේය. මෙම පහරදීම අත්වැරදීමකින් සිදුවූවක් බව අවසානයේ හෙළිවුණේය. එවරද සත්‍ය ජය ගත්තේය.
මේ හැම අවස්‌ථාවකදීම තම නීතිගරුක සුරතල් පුත්‍රයා වෙනුවෙන් ඇමැති මර්වින් සිල්වා පෙනී සිටියේය. තම පුත්‍රයා නිර්දොaෂී බව කියමින් ඔහු මුළු රටටම පෙන්නුම් කළේ මහඟු ආදර්ශයකි.
2012 වර්ෂයේ සැප්තැම්බර් මස 09 වැනිදා කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී මාලකට තවත් අසාධාරණ කමක් සිදු වුණේය.
යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු කිසියම් රාජකාරියක් සඳහා පැමිණ සිටියදී ඔහුට අමානුෂික ලෙස පහරදී නීත්‍යනුකූල පිස්‌තෝලය සහ කර බැඳි රන් මාලය කොල්ලකෑ බවට මාලක වෙත ඉතාම පහත් අන්දමේ චෝදනාවක් එල්ල වන්නේය.
තම පියාණන් අනුගමනය කරමින් දවස පුරාම සමාජ සේවයේ යෙදී සිටින මාලක ඇඟේ පතේ විඩාව මඟහරවා ගන්නට රාත්‍රි සමාජ ශාලාවක් වෙත යැමට පුරුදුව සිටින කෙළිලොල් තරුණයෙකි.
- See more at: http://www.infosrilankanews.com/2014/11/malaka_9.html#sthash.ArMVLe9Z.dpuf
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)
The difference is when Hanibal was caught by the Police of these Powerful Western countries, his father Gadafi immediately withdraw money from relevant countries banks. He was so powerful that Swiss officially sent the apology for arresting a criminal.
This is the different bargaining powers of different nations.
This is not the first incident of Malaka. Even the intelligence officer had hit himself. But when malaka got involved with foreign interest he got caught as per media reports. ( he must be staying in a luxury hotel like hospital) ...
The beauty is the powerless who had to tolerate like the West one day got happy by seeing (Gadafi) Dynasty shattered by the same people who guarded it.