- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
මක් නිසාද එදා මම ඇතුළු බොහෝ පිරිසකට ඕක දැනගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැත..
කමා කරන්න,
පෘතග්ජන මම කෙසේ නම් ඔබ පහළ වන කාලය දැනගන්නද?
ඔබ වහන්සේ පහළ වන ස්වරුපය මට ගෝචර වේවි ද යන්න මට ලොකු ගැටළුවක්..
එදා සිද්ධාර්ථ ගෝතම මා අසලම කුඩා කල සිට උන්නා...
ඔහු බුදු වූ පසුත් සකල ලෝක වාසින් හිතාගෙන ඉන්න විදිහට දුටු දුටු වන්ගේ නෙත් උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාවන්ගේ වශීකෘත වන්නට ඇති..
එත් මට නම් එහෙම උනේ නැහැ..
මට ඒ වෙනුවට උනේ, මගේ ලේ කෝප වෙච්ච එක..
මට සිද්ධාර්ථ දකින කොට ඇගේ මාළු නැටුවා...
අදටත් එහෙමයි...
මගේ ඇගේ මාළු සුපුරුදු නර්තනයේ යෙදෙනවා...
මන් දන්නේ නැහැ, මට විතරක් නෙමෙයි,
සුප්‍රබුද්ධ හෙවත් යශෝධරා නැගණියගේ පියාණන්,
උන්වහන්සේට බැනල බැනලා අනේකවිධ අපහාසයන් කරලා මාත් එක්ක දැන් එක අපායේ ජීවත් වෙන්නේ...
එයා විතරක් නෙමෙයි, සුන්දරී අක්කාත් දැන් අපිත් එක්ක එක බජාර් එකේ මෙහෙ ඉන්නේ..
අනේ අර චුන්ද අය්යත් ඌරෝ මරල මෙහෙ ඇවිත්..
පන්සල ළඟම ඉදලා වත් ඌ ගොඩ ගියේ නැති එක අදටත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙලා...
කොහෙවත් නැති සුනීතය, සෝපාකය වගේ සැඩොල් ඩයල් අන්තිමට ගොඩ ගියා..
මේව මතක් වෙනකොට අසු හාරදාහට නගිනවා බොලව්..
එත් මට දකින්න ලැබෙන විදිහට,
අද මනු ලොව ඉන්න බොහෝ දෙනා "ආනන්ද" හාමුදුරුවන්ට වඩා තද උපස්ථායකයෝ වෙලා...
බුදු පිළිම හෝදනවා, දුවිලි පිහිනවා නඩත්තු කරනවා...
බුදු පිළිම උඩ ලගින කාක්කෝ එලවනවා...
මාර සැලකිල්ලක් මැටි පිළිම වලට පවා...
ඒත් එදා ජීවමාන සිද්ධාර්ථ ගෝතම බුදුන් වහන්සේ ඉන්න කාලයේ
බ්‍රාහ්මණයින් තමුන්ගේ බිරින්දෑවරුන්ට උපදෙස් දුන්න උන්වහන්සේට කාපු ඉඳුල් දෙන්න කියලා..
ලින් පිඳුරු දාල වැහුව...
මන් ඇස් දෙකෙන්ම ඒවා බලාගෙන සතුටු උනා...
මහා මෛත්‍රී බුදු හිමියනේ,
ඔබ දැන් කොයිබට දැයි මා දන්නේ නැහැ..
එත් ඔබ වහන්සේ වෙනුවෙන් ආනන්ද කෙනෙක් වෙන්න මන් කැමතියි..
ඔබ වහන්සේට දිනපතා ඇප උපස්ථාන කරන්න මම කැමතියි...
හැබැයි, මන් කියන ස්වරුපයට ඔබ වහන්සේ වඩින්න ඕනේ..
මන් හිතන ස්වරයෙන් මිනිසුන්ට බන කියන්න ඕනේ..
මන් හිතන් ඉන්න පාටින් සිවුර අදින්න ඕනේ..
නැත්නම් මන් කොහොමෙයි ඔබ වහන්සේව අදුරගන්නේ...
පව්කාර මම ධර්මයෙන් ඔබ වහන්සේව අඳුරගන්න කියල වැ...
ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මෛත්‍රී බුදු හාමුදුරුවනේ,
ඔබ වහන්සේ වෙන ස්වරූපයකින් ආවොත්..
මන් ආයෙමත් ගලක් පෙරලයිද දන්නේ නැහැ...
මට මාව සුවර් නැහැ..
මන් ආයෙමත් එදා සිද්ධාර්ථ ගෝතමයින්ට ඉදිරිපත් කල මගේ යෝජනා 5 ඔබ වහන්සේට ද ඉදිරිපත් කරනවා..
භික්ෂුව පාංශුකුලයෙන්ම සිටිය යුතුය..
ආරණ්‍ය වාසි විය යුතුය යනාදී වශයෙන් වූ මාගේ යෝජනා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කලොත්
ඔබ වහන්සේට විරුද්ධව මන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා...
කමක් නැහැ, ඔබ වහන්සේ දැනට මනු ලොව ජීවමාන වෙලා නම් ඉක්මනටම මට පිළිතුරු ලිපියක් යොමුකරන්න.
ඔබ වහන්සේ පහළ වෙලා නම්, මන් වගේ කට්ටිය දැනටමත් ඔබ වහන්සේට ගල් පෙරලනවා ඇති...
ඔබ වහන්සේ යන මඟ අහුරනවා ඇති..
මේ ටිකක් හොදට මතක තියාගන්න,
කෝනාගමන බුදු වහන්සේ වගේ රන් සෙරෙප්පු දාගෙන එහෙම වඩින්න එපා,
කකුල් දෙක කඩනවා අහුවුනොත්...
එතකොට කාශ්‍යප බුදුන් වහන්සේ වගේ ඝටීකාර ආදී වූ ගිහියන්ගේ ගෙවල්වල ගිහින් බත් බෙදාගෙන වළඳන්න හදන්න එපා..
බත් මුට්ටිය ඔලුවේ හලනවා...
මට සමාවෙන්න,
මේ මට තේරෙන විදිහ...
ඔබ වහන්සේ කැමති ස්වරූපයකින් ජීවමාන වෙන්න...
මට පින තියෙයි නම් මට එන්න පුළුවන් වේවි...
මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්..
සංසාරේ හැටි..
අපි ඒ ගැන තව නොදනිත්...
මීට,
සදාදරණීය දේවදත්ත.
මනු ලොව පාර.
අවීචි මහා නරකාදිය...
Chinthaka Koorala විසින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදී
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
sashimaal wrote:මෛත්‍රී බුදු හිමියනි, ඔබ කුමන ස්වරූපයකින් මනු නොව පහල වේවි ද දැනටමත් පහළ වී සිටීද යන්න මම නොදනිමි...

කියන්න වචන නැහැ, good one Sashi .........මේ කල්පය ගෙවිලා පෘථිවිය විනාශ වෙලා ...අළුත් කල්පයක ,අළුත් පෘථිවියේ සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙලා දේව දත්ත නිවන් දකිනවලු ...හැබැයි අපි තව කොපමණ කල්ප ගණනක් මේ සසරේ යයිද ???????
අහම්බෙන්..... බුදුන්..... වැඩලා...... වර්ථමාන ලංකාවට