April 19th, 2015
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින් සොයාගත් ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු වලින් එම සමාගම ඉවත්වීමට යන අතර මෙරට ගෑස් නිධි කැණීමේ කටයුතු සඳහා අළුතෙන් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජයට සිදුවී තිබෙන බව අනාවරණය වේ.
හෙළිවන ආකාරයට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පහළ යාම නිසා සමාගමට එල්ලවී තිබෙන පීඩනය හමුවේ මන්නාමරට ඔබ්බෙන් වූ මුහුදේ තිබෙන ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු ප්රමුඛ කටයුත්තක් නොවන බවට ඉන්දියානු කෙයාන් සමාගම තීරණය කර තිබේ.
මේ අනුව, සමාගම තීන්දු කර තිබෙන්නේ ඉන්දියාවේ රාජස්තානයේ තිබෙන සමාගමට අයත් තෙල් නිධි වලින් සිදුකරන ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමටයි.
අනාවරණය වන ආකාරයට ඉන්දියානු කෙයාන් සමාගම විසින් මන්නාමරට ඔබ්බෙන් වූ මුහුදෙන් සොයාගත් ස්වභාවික ගෑස් නිධි වලින් වාණිජ මට්ටමේ නිෂ්පාදන කටයුතු කිරීමේ අදහස මෙරට රජය විසින් අත්හැර දමා නොමැති අතර මෙම නිධි වලින් වාණිජ මට්ටමේ නිෂ්පාදන කටයුතු කිරීමට වෙනත් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජය සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙරට ගෑස් සහ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා ඉන්දියානු කෙයාන් සමාගම විසින් ආයෝජනය කළ මුදල් නැවත අයකර ගැනීමේ කටයුතු සඳහා සමාගම ක්‍රියා කරන ආකාරය පිළිබඳව තවමත් පැහැදිලි නැත.
අනාවරණය වන ආකාරයට ඉන්දියානු කෙයාන් සමාගමට අනුබද්ධ කෙයාන් ලංකා (Cairn Lanka) සමාගම විසින් කොළඹ වරායෙන් ලබාගෙන තිබෙන ගබඩාවේ කල්බදු පහසුකම (lease) අළුත් කිරීමට මේ වනවිට කටයුතු කර නොමැති අතර මේ තුළින්ද තහවුරු වන්නේ මෙම සමාගම මෙරට ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණ කටයුතු වලින් ඉවත්වන බවයි.
ඉන්දියානු කෙයාන් සමාගම විසින් පසුගිය මාර්තු 05 වනදා නිවේදනය කර තිබුණේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස අඩුවීම නිසා සමාගමේ වියදම් අඩුකිරීමට පියවර ගන්නා බවයි.
මේ අනුව, සමාගම ලබන ඔක්තෝම්බර් මාසයේ සිට ලංකාවේ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණ කටයුතු වලින් ඉවත්වීමට නියමිත බව වැඩිදුරටත් හෙළිවේ.
ඉන්දියානු කෙයාන් සමාගම විසින් ලංකාවේ ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කරන විට එය ස්කොට්ලන්තයේ Cairn Energy plc සමාගමට අයත්ව තිබුණු අතර පසුව එම සමාගම 2010 වසරේදී ඉන්දියාවේ Vedanta Resources සමාගම විසින් මිලදී ගන්නා ලදී. මේ අනුව, ඉන්දියානු කෙයාන් සමාගම මේ වනවිට Vedanta Resources සමාගමට අනුබද්ධ සමාගමක් වේ.
මන්නාරමට ඔබ්බෙන්වූ මුහුදේ එක් බිම් කඩක ඛනිජ තෙල් ගවේෂණය සඳහා ලංකාව විසින් ඉන්දීය කෙයාන් සමාගම සමග ගිවිසුමකට එළඹුණේ 2008 වසරේ ජූලි මාසයේදීයි.
මෙම බිම් කැබැල්ලේ ප්‍රමාණය වර්ග කීලෝ මීටර් 3400 ක් වන අතර එහි මීටර් 200 සිට මීටර් 1800 ක් තරම් ගැඹුරකට සමාගමට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු කළහැකි බව රජය සඳහන් කර තිබුණි.
ලංකාවේ මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ඇතැයි, ටී.ජී.එස්. නෝ(ර්)පෙක් නම් නෝ(ර්)වීජියානු සමාගම විසින් සොයාගත් අතර පසුව රජය විසින් එම බිම, බිම් කැබලි 08 කට බෙදා වෙන් කළේය.
පසුගිය රජයේදී ජනාධිපතිවරයා යටතේ තිබූ මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වගකීම දරන ඛනිජ සම්පත් සංවර්ධන කාර්යංශය (Petroleum Resources Development Secretariat-PRDS) නව රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
මේ අනුව, මෙරට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු පිළිබඳ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක යටතට පත්ව ඇත.
http://www.adaderana.lk/biz
Fri Jul 19, 2024 10:30 am by faithhharris
» CCS.N0000 ( Ceylon Cold Stores)
Wed Mar 20, 2024 11:31 am by Hawk Eye
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Wed Sep 13, 2023 12:16 pm by lauryfriese
» When Will It Be Safe To Invest In The Stock Market Again?
Wed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා
» Dividend Announcements
Wed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Thu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Sun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා
» SEYB.N0000 (Seylan Bank PLC)
Thu Mar 30, 2023 9:25 am by yellow knife
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Thu Mar 30, 2023 9:25 am by HaeroMaero
» The Korean Way !
Wed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා
» In the Meantime Within Our Shores!
Mon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා
» What is Known as Dementia?
Fri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Mon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Mon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා
» Equinox ( වසන්ත විෂුවය ) !
Mon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Sun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා
» REXP.N0000 (Richard Pieris Exports PLC)
Sun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා
» RICH.N0000 (Richard Pieris and Company PLC)
Sun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා
» Do You Have Computer Vision Syndrome?
Sat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Thu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා
» What a Bank Run ?
Wed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා
» 104 Technical trading experiments by HUNTER
Wed Mar 15, 2023 4:27 pm by katesmith1304
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Wed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා
» Cboe Volatility Index
Tue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා
» AHPL.N0000
Sun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Sun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Sun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Fri Mar 10, 2023 4:43 pm by yellow knife
» Bitcoin and Cryptocurrency
Fri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා
» CSD.N0000 (Seylan Developments PLC)
Fri Mar 10, 2023 10:38 am by yellow knife
» PLC.N0000 (People's Leasing and Finance PLC)
Thu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා
» Bakery Products ?
Wed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා
» NTB.N0000 (Nations Trust Bank PLC)
Sun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා
» Going South
Sat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා
» When Seagulls Follow the Trawler
Thu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා
» Re-activating
Sat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා
» අපි තමයි හොඳටම කරේ !
Tue Feb 14, 2023 3:54 pm by ruwan326
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Tue Jan 03, 2023 6:43 pm by ruwan326
» SAMP.N0000 (Sampath Bank PLC)
Wed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා
» APLA.N0000 (ACL Plastics PLC)
Fri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Wed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා
» Banks, Finance & Insurance Sector Chart
Tue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Sun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Mon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා
» WATA - Watawala
Sat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා
» KFP.N0000(Keels Food Products PLC)
Sat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා
» Capital Trust Broker in difficulty?
Fri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Thu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා
» What Industry Would You Choose to Focus?
Tue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා
» Should I Stick Around, or Should I Follow Others' Lead?
Tue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා