- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට
Wednesday, 29 April 2015 20:22
(www.randora.lk-29/04/15)- ශ්‍රී ලංකාවේ විදේශ සංච්ත ප්‍රමානය ඇමෙරිකාණු ඩොලර් බිලියන 6.9 දක්වා පහත බැස ඇතැයි මහ බැංකු වාර්තා පවසද්දි ඉන්දිය මහ බැංකුව හෙවත් එරට සංච්ත බැංකුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට පසුගිය පෙබරවාරි මස ඩොලර් මිලියන 400 ක ක විනිමය අනුපාත ආවරණ swap පහසුකම් ලබා දිමට එළඹ් එකඟතාවයට අනුව අදාල අරමුදල් හෙට 30 දා මෙරටට ලැබිමට නියමිතව ඇතැයි මහ බැංකුව අද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
පසුගිය පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 400 ක පහසුකමක් මෙරටට ඉන්දියාව ලබා දුන්නේ කලාපයේ අනිකුත් රටවල් සදහාද අදාල පහසුකම් ලබා දෙන ගමන්ය.
ඉන්දිය මහ බැංකුව හෙවත් එරට සංච්ත බැංකුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් අමතර ඩොලර් බිලියන 1.1ක විනිමය අනුපාත ආවරණ swap පහසුකම් ලබා දිමට පසුගියදා සිදු වු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේ එළඹ් එකඟතාවයට ඉන්දිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගියදා ලැබුණු අතර ඒ අනුව අදාල සෙසු අරමුදල් ඉදිරියේදි මෙරටට ලැබිමට නියමිතව ඇති බවද මහ බැංකුව කියයි.
මෙය මාස 06 ක කාලයක් සදහා වේ.
මේ අනුව එරට මහ බැංකුව විසින් මෙරට මහ බැංකුවට ලබා දෙන එම ආවරණ වල වටිනාකම ඩොලර් බිලියන 1.5 ක් දක්වා ඉහළ යන බව සදහන්ය.
දේශිය රුපියල විනිමය අනුපාතයේ උච්චාවචනයන් නිසා සිදු විය හැකි උපද්‍රවයන්ගෙන් මුදවා කෙට් කාලින ද්‍රවශිලතා අර්බුද සමනය කරන ආරක්ෂිත දැලක් ලෙස මෙම පහසුකම යොදා ගත හැකි බව ඉන්දිය රජය පවසයි.
විදේශ ණය වාරික පියවිම් මැද ඇති වු පිඩනයන් හමුවේ මේ වන විට විදේශ සංචිත ඇමෙරිකාණු ඩොලර් මිලියන 6.9 දක්වා පහත බැස අවදානම් අවදියක පවතින අතර නව අරමුදල් ලැබිම මගින් එය ස්ථාවර වනු ඇති බව මහ බැංකු වාර්තා කියයි.
- මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළ
- 2018 ජූනි මාසයේ ඩොලර් මිලියන 434.53 කින් දී සංචිත වැඩි වුණේ මෙහෙමයි
- ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
- ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
- ඒෂීයා ඇසෙට් බලය ගන්න ඉන්දිය රන් ණය දැවැන්තයා අනිවාර්ය අර්පණය නිකුත් කරයි.