- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව
“මගෙ ළඟ ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනවා; ඒකෙන් ඔයා ගොඩනැගිලි උපකරණ බිස්නස් එකක් පටන් ගන්න; එතකොට මටත් පුළුවන් ගෙදරම බියුටි සැලොන් එකක් පටන් ගන්න” නෝනා මිල්ටන්ට එහෙම කිව්වා.
කොහොම හරි ඉතින් අපේ මිත්‍රයත් මේ යෝජනාවට කැමති වුණා කියමුකෝ. ඊළඟට මතුවුණු මුල්ම ගැටලුව තමයි මේ ව්‍යාපාර දෙක සඳහා සුදුසු නම් යොදන එක; කොහොම නමුත් ඉතින් නමෝ විත්තියෙන්ම පටන් ගත්ත මේ බිස්නස් එකට සුපිරිතම නමක් යොදන්න ඕනේ හින්දා අපේ මිත්‍රයත් දැනට ඔය වගේ නම් යෙදීම් ගැන ලංකාවේ ප්‍රසිද්ධම නමක් තියන මහත්මියක් ළඟට ගිහින් බර ගාණක් වියදම් කරලා ඒ බිස්නස් දෙකට අපූරු නම් දෙකක් යොදා ගත්තා.
ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයේ නම ‘මහමෙර’ රූපලාවන්‍ය ආයතනයේ නම ‘අලංකා’ කොහොම නමුත් මේ නම් දෙක ගැන හුඟක් සතුටට පත්වුණු හින්දා එදා හැන්ඳෑවේ ගෙදර එන ගමන් අතරමග පරණ යාළුවෝ කීප දෙනෙක්ම මුණගැහුණු අපේ මිත්‍රයා එදා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා.
“තුක් නොදකින් මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව“ මිල්ටන් දොරකඩට එනකොටම ගේ ඇතුළේ ඉඳලා මාංශ පර්වතයක් වගේ පෙරළි පෙරළි ඉස්තෝප්පුවට ආපු නෝනා අත් දෙකත් ඉණේ ගහගෙන කේන්තියෙන් බෙරිහන් දුන්නා.
“ඔයා ඔහොම යටිගිරියෙන් පිප්පුවට මං ගිය වැඩේ නම් හරි ගියා නෝනේ; නිකම් නෙවෙයි මල් හතටම හරි ගියා” මෙහෙම කියපු අපේ මිත්‍රයා “මෙන්න බලන්නකෝ කෙල්ලෙ ඔයාගෙ සැලොන් එකට දාපු නම මල්හතටම ගැළපෙනවා නේද? කියලා සාක්කුවෙන් ඇදපු තුණ්ඩු කෑල්ලක් නෝනාගේ අතේ තිබ්බා. මේ තුණ්ඩු කෑල්ල අතට ගත්තු නෝනා සර්පයෙක් අතට ගත්තා වගේ ඒක පැත්තකට විසි කරලා ගේ ඇතුළට ගිහින් කොස්ස උස්සාගෙන එනකොට කලබල වුණු අපේ මිත්‍රයා බිම වැටුණු තුණ්ඩුව අතට අරගෙන ඒක කියවලා බැලුවා “මහමෙර”
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=46215&catid=74&Itemid=98
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව
Good one Nihal and thanks.