- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ක්‍රෙඩ්ට් කා(ර්)ඩ් ණයට අලුත් සීමා එයි-මහ බැංකු අධිපති
(www.randora.lk-19/08/2015)-ණය පත් අවභාවිතය වැලැක්විම සදහා දැඩ් ණය පාලන රේගුලාසි පැනවිමට මහ බැංකුව පියවර ගනිමින් සිටින බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර පවසයි.
මේ අනුව,ණයපත් ඇතුළු සෙසු සියළු උකස් ණය මත පදනම් නොවු සෙසු ණය සදහා අදාල ණය ලබා ගන්නා පුද්ගලයාගේ වාර්ෂික ආදායම මෙන් තුන් ගුණයක් දක්වා පමනක් ණය නිකුත් කිරිමටත් ණයපත් සදහා ස්ථාවර පොලි අනුපාතයක් හදුන්වා දිම සදහාත් අවධානය යොමුව ඇතැයි අධිපතිවරයා කියයි.
මෙහිදි මහ බැංකුවේ ණය උපදේශන සේවා පුළුල් කිරිමටත් කටයුතු යොදා ඇත.
මිලියනයක් පමණ වන මෙරට ණයපත් අතුරින් රුපියල් මිලියන 56 ක පමණ ණය පසුගිය පෙබරවාරිය වන විට ගෙවිය යුතුව තිබිණි.
අක්‍රමවත් ණයපත් හා අධි පොලි හා දඩ පොලි නිසා අමාරුවේ වැටුණු විශාල පිරිසක් මහ බැංකුව වෙත විශාල පැමිණිලි ගොනු කර තිබු බව හෙතෙම කියයි.
සියයට 4/5 ක ඉතුරුමි පොලි අනුපාතයක් ඇති රටක් සමහර බැංකු වල ණයපත් පොලි අනුපාතය සියයට 24 කි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම