- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක්
මේ සම්බන්ධයෙන් පළමු වරට නිවේදනයක් නිකුත් කරනු ලැබුයේ පසුගිය අප්‍රේල් 12 වැනිදා ය. එහිදි කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ 2016 අප්‍රේල් 15 වැනි දින සිට කොටස් ගනුදෙනු බද්ද යළි ක්‍රියාත්මක වන බවයි.
එහෙත් පසුගිය අප්‍රේල් 29 වැනි දින දාතමින් යුතුව මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 01 වැනි දින සිට බලපවත්වන බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ආයෝජක උපදේශකවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ මෙවැනි කටයුතු නිසා තම සේවාදායකයින් සිදුකරනු ලබන විමසීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ දී තමන් බරපතළ අපහසුතාවයකට පත්වන බවයි. මෙහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ රටේ මූල්‍ය රෙගුලාසි සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශව අතර විධිමත් සම්බන්ධීකරණයක් තිබිය යුතු බවයි.
මේ පිළිබඳව මීට පෙර අවස්ථාවකදී කොළඹ කොටස් තැරැව්කරුව්නගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතාගෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ඔහු කියා සිටියේ පසුගිය වසර 10 ක කාලය තුළ රුපියල් බිලියන 13 ක් ඉක්මවූ ආදායමක් කොටස් ගනුදෙනු බද්ද හරහා රජයට ආදායම් වශයෙන් ලැබී තිබුණු බවයි. අයවැය යෝජනා අනුව එවැනි ආදායම් මාර්ගයක් රජයට අහිමි කර ගැනීමට කටයුතු යෙදීම තමන්ට පැහැදිලි නැති ඔහු වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිදුකරනු ලබන සෑම ගනුදෙනුවක වටිනාකමින් 0.3% ක ප්‍රමාණයක් ගැනුම් සහ විකුණුම්කාර දෙපාර්ශවයෙන්ම ගනුදෙනු බද්දක් ලෙස අය කෙරේ.
පහත දැක්වෙන්නේ 2016 අප්‍රේල් 29 වැනි දින මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වී තිබූ කොටස් ගනුදෙනු බද්ද සම්බන්ධ නිවේදනයෙහි උපුටා ගැනීම සහ 2016 අප්‍රේල් 12 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිකුත් කර තිබූ නිවේදනයයි.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක්
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28