- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි
2016 වසර තුළදී බදු මගින් රජයට රු. බිලියන 100 ක පමණ අදායම් ලැබිය හැකිව තිබූ රාජ්‍ය අදායම් ආකෘතිය මේ වනවිට බිඳවැටී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නීත්‍යානුකූලව නිෂ්පාදනය කෙරෙන සිගරට් මත පැනවූ නිෂ්පාදන බදු සහ වැට් බදු නිසා සිගරට් මිල 43% ක් තරම් විශාල ප්‍රමාණයකින් ඉහළ යාම මගින් මෙම තත්ත්වය උදාවී ඇති බව එම සමාගම පෙන්වා දෙයි.
2016 වසරේ ප්‍රථම මාස 9 තුළ ලංකා දුම්කොළ සමාගම රජයට බදු වශයෙන් රු. බිලියන 73 ක මුදලක් ගෙවා ඇත. මෙම දත්ත අනුව වසරේ අවසන් මාස තුන තුළ රජයට ලැබිය හැකිව තිබූ ආදායම රු. බිලියන 27 ක් පමණ වේ. මෙසේ වුවද බදු වැඩිකිරීමත් සමග මෙම ප්‍රමාණය පසුගිය වර්ෂයට සාපේක්ෂව 44% කින් පමණ පහළ යමින් රු. බිලියන 14 දක්වා අඩුවිය. ඒ අනුව වර්ෂය තුළ රජයට උපයාගත හැකි වූ බදු ආදායම රු. බිලියන 87 ක් පමණක් වූ අතර අහිමි වූ ආදායම රු. බිලියන 13 කි.
“ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන මත බදු පැනවීමෙන් රජය ඉලක්ක දෙකක් ළඟා කරගැනීමට අපේක්ෂා කරනවා. එම ඉලක්ක වන්නේ රටේ දුම්කොළ පරිභෝජනය අඩුකිරීම සහ සිගරට්වලින් ලැඛෙන බදු ආදායම වැඩි කරගැනීමයි. කෙසේ වුවද පසුගිය කාර්තුවේ දක්නට ලැබුණු ආකාරයට මෙම ඉලක්ක දෙකෙන් එකක් වත් ඉෂ්ට වී නැහැ. ජනතාව දැන් සිගරට් වෙනුවට බීඩි හෝ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ සිගරට් වෙත යොමුවෙමින් සිටිනවා. ඒ නිසා දුම්කොළ පරිභෝජනයේ පහළ යාමක් සිදු නොවනවා වගේම රජයට ලැඛෙන ආදායම වැඩිවනවා වෙනුවට අඩුවීම කනගාටුවට කරුණක්.” ලංකා දුම්කොළ සමාගමේ සාමාන්‍යධිකාරී/කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් කෝස්ට් මහතා පැවසී ය.
සිය නිෂ්පාදන අලෙවිය 45% කින් පමණ පහළ යාම නිසා කොළඹ පිහිටි කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය 20% කින් අඩු කිරීමටත්, දුම්කොළ ගුදම් 4 ක් වසා දැමීමටත් තමන්ට සිදුවූ බවද ලංකා දුම්කොළ සමාගම පසුගියදා නිවේදනය කළේ ය.
- dhanurrox
- Posts : 791
Join date : 2014-03-27
Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි
again on strike.Decision makers lacking common sense
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි
- dhanurrox
- Posts : 791
Join date : 2014-03-27
Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි
dhanurrox wrote:lottery board on the way.Ticket 30 now.
again on strike.Decision makers lacking common sense
On strike again.Decision makers lacking common sence
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි
This is also lack of common sense, as dhanu said.
It shud be duly noted that when the product price goes too high, ppl cannot accommodate to smoke as before so tax revenue objectives will only be a dream. Imo, there's no point of expecting tax from tobacco products as before.
As tobacco consumption has reached epidemic proportions, eliminate this from the country is the best deal forgetting tax.