- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"
BBC Sandeshaya
Image copyright Twitter
ලබන සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය අවස්ථාවේ ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරන බව ඉන්දීය කළා ශිල්පියෙක් පවසයි.
ලබන බදාදා (මැයි 10) සිට ඉරිදා (මැයි 14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10 සිට සවස 07 දක්වා සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරයි.
ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වැලි මූර්ති ශිල්පියා ඒ බව සඳහන් කරන්නේ ට්විටර් ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිනි.
ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සහභාගි වීම පිණිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ලබන සතියේ ශ්‍රී ලංකාව සංචාරයක යෙදීමට නියමිතය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"
(Rather we should spend this money on feeding poor or sending a needy girl child to school).
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"
BBC Sandeshaya 2017 මැයි 10
දියවන්නා වෙසක් කලාපයේ වෙසක් සිරිය
වැලි යොදා ගනිමින් අඩි හතළිහක් දිග සැතපෙන බුදු පිළිමයක් ඉන්දීය මූර්ති ශිල්පියෙකු විසින් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරනු ලැබීය.
ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් නිර්මාණය කළ බුදු පිළිමය, වැලි යොදා ගනිමින් අඹන ලද ලොව දිගම බුදු පිළිමය බව මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් පවසයි.
සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දියවන්නා වෙසක් කලාපය වෙත පැමිණෙන මෙන් ඔහු ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරයි.
මේ අතර ජාත්‍යන්තර වෙසක් දින සමාරම්භක උළෙල සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (මැයි 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මැයි 14 වෙනිදා පවත්වනු ලබන සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතව ඇත.
ආසියානු රටවල සහභාගීත්වයෙන්
වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය අද සිට 14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ.
Image caption අඩි 40 ක් දිගින් යුත් සැතපෙන බුදු පිළිමය
ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්‍රදර්ශනයක් ද ඊට ඇතුළත් වේ.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"
This would be a good idea if we can boost more people from other parts of the World to visit Sri Lanka during this period.
We had the tallest X-mas tree a few months ago and whether it really had a positive effect is yet to be seen.
Otherwise, either we feed a few hungry families or send a few girls to schools for higher education are better spending option is my opinion.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"
කිත්සිරි ද සිල්වා wrote:Thanks ET.