- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
රජීව් ඝාතක ලාංකිකයා මැරෙන්න ඉල්ලයි
BBC Sandeshaya මිනිත්තු 8 පෙර
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත් වීම මුල් කර ගනිමින් එල්ටීටීඊ සංවිධානය විසින් ගාන්ධි ඝාතනය කරනු ලැබූ බව සැලකේ
ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලාංකිකයා තමන්ට මරණයට පත් වීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
රොබට් පයාස්, රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් හත් දෙනාගෙන් එක් අයෙකි.
"අනුකම්පා කර මරා දැමීම" හෝ තමන්ට මරණයට පත් වීමට අවසර ලබා දෙන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ඔහු තමන් බැලීමට සිය ඥාතීන් තවදුරටත් බන්ධනාගාරයට නොපැමිණෙන බව සඳහන් කරයි.
එවැනි තත්වයක් යටතේ සිය ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන් වී ඇති බව රොබට් පයාස් පවසයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ බලයටපත් සියලු ආණ්ඩු විසින් වරදකරුවන් හත් දෙනාම නිදහස් කිරීමේ උත්සාහයක නිරත විය.
ඒ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.
ප්‍රාන්ත ආණ්ඩුව 2014 වසරේ දී ඒ සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එවක අගමැතිවරයා වූ මන්මෝහන් සිං ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වරදකරුවන් නිදහස් කිරීම " අධිකරණයේ සියලු මූලධර්මවලට පටහැණි" විය හැකි බවය.
මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් 1991 මැයි 21 වෙනිදා රජීව් ගාන්ධි ඝාතනය කරනු ලැබීය.
ඒ ඔහු තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වෙමින් සිටියදීය.
බෝම්බය පුපුරුවා හැරීමෙන් එවක හතළිස් හත් වැනි වියේ පසුවූ රජීව් ගාන්ධි සහ බෝම්බකාරිය ද ඇතුළු දාහත් දෙනකු ජීවිතක්ෂයට පත්වුහ.
1987 වසරේ දී ඉන්දීය සාමසාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත් වීම මුල් කර ගනිමින් එල්ටීටීඊ සංවිධානය විසින් ගාන්ධි ඝාතනය කරනු ලැබූ බව සැලකේ.