- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක්
BBC Sandeshaya 2017 ජුනි 29
Image copyright Getty Images
Image caption කාන්තාව කාසි නවයක් විසිකර ඇති අතර ඒවා අතරින් එක කාසියක් ඇය ඉලක්ක කරගත් පරිදි එන්ජිම තුළට වැටී ඇත.
අද්භූත විශ්වාසයන් අදහන වෘද්ධ මගී කාන්තාවක් ආශීර්වාදය පතා ගුවන් යානයක ඇන්ජිමට කාසි විසිකරනු ලැබීමක් නිසා ගුවන් ගමනක් ප්‍රමාද කිරීමට සිදු වූ බව දකුණු චීන ගුවන් සමාගම පවසයි.
අසූ වියැති මහළු කාන්තාව පසුගිය අඟහරුවාදා ( ජූනි 27) ගුවන් යානයකට නැගීම සඳහා ධාවන පථය ඔස්සේ ගමන් ගනිමින් සිටියදී දකුණු චීන ගුවන් සමාගමට අයත් යානයේ ඇන්ජිමට සිය අතෙහි තබාගෙන සිටි මාරු කාසි විසිකර ඇත.
කාන්තාව කාසි නවයක් විසිකර ඇති අතර ඒවා අතරින් එක කාසියක් ඇය ඉලක්ක කරගත් පරිදි එන්ජිම තුළට වැටී ඇත.
එහෙත් එම එක කාසිය ගුවන් මගීන් 150ක් යානයෙන් ඉවත් කිරීමට සහ ගුවන් ගමන පැය කීපයකින් ප්‍රමාද කිරීමට ප්‍රමාණවත් විය.
වෙනත් ගුවන් මගියෙක් එම කාන්තාවගේ "පඬුරු පිදීම" ෂැන්හයි පුඩොන්(Shanghai Pudong ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව අදාළ බලධාරීහු වහාම පියවර ගනිමින් පොලිසිය කැඳවනු ලැබ ඇත.
ඒ අනුව මහළු කාන්තාවගේ ගමන් සගයන්ව සිටි ඇයගේ සැමියා, දියණිය සහ බෑනා ගුවන් යානයෙන් පිටතට රැගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණි.
පොලිසියේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් එම කාන්තාව "ආරක්ෂාව උදෙසා යාඥා කරමින්" ගුවන් යානයේ ඇන්ජිමට 'පඬුරු කාසි' විසිකළ බව පිළි ගත්තාය.
අනතුරුව ගුවන් ගමනේ ආරක්ෂාව උදෙසා පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කාන්තාව විසින් විසි කරන ලද චීන 'යුආන්' 1.7 ක කාසි හමු වූ බව පොලිසිය පවසයි.
එම කාන්තාවගේ අසල්වැසියකු පවසන පරිදි අනුව ඇය බෞද්ධ කාන්තාවකි.
Image copyright flightorg
Image caption පඬුරු පුදා ඇත්තේ ගුවන් ගමනේ ආශීර්වාද පතමිනි
කෙසේවුවද, එම සිද්ධිය නිසා ගුවන් යානය ගමන් ආරම්භ කළේ පැය පහකට අධික ප්‍රමාදයකින් අනතුරුවයි.
එහෙත් ඇයට දඬුවම් නොකෙරෙනු ඇතැයි චීන වාර්තා මගින් පැවසෙයි.
මේ ප්‍රවෘත්තිය වාර්තා වීමත් සමඟ එම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ විවිධ ප්‍රතිචාර පළ වෙන්නට පටන් ගත් අතර එක් තැනැත්තෙක් මෙසේ ලිය තිබුණි.
"ආච්චි අම්මේ! ගුවන් යානයේ ඇන්ජිම ඉදිබුවන් ජීවත්වෙන ආශීර්වාද පොකුණක් නොවෙයි"
මේ අතර දකුණු චීන ගුවන් සමාගම ප්‍රකාශයක් කරමින්, ගුවන් ගමන්වලදී පිළිපැදිය යුතු නීති රෙගුලාසි පිළිපදින ලෙසත්, ගුවන් මගීන්ගේ ආරක්ෂාවට හානිදායක ක්‍රියාවලින් වළකින ලෙසත් ඉල්ලීමක් කර තිබුණි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක්
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates