- NuinthTop contributor
- Posts : 555
Join date : 2014-02-28
Location : Universe
ප්‍රතිපත්තියක් නැති හෙට දවස!
ප්‍රතිපත්තියක් නැති හෙට දවස!
හතළිස් ලක්ෂයක් වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වාර්ෂිකව උසස් පෙළ (සරසවි පිවිසුම) ට පෙනී සිටින ලක්ෂ තුනහමාරක් අතරින් සරසවි අධ්‍යාපනයට එක්ලක්ෂ විසිපන්දහසක් පමණ සුදුසුකම් ලබති. එහෙත් සරසවි පහළොවට ඇතුළත් කරගන්නේ දළ වශයෙන් විසිපන්දහසක් පමණි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිකම නිසි අධ්‍යාපන ආයතනික ක්‍රියාවලියක් නොමැතිකම සරසවි වල ඉඩකඩ (භෞතික පහසුකම්) නොමැති කම යන විවිධ හේතුන් ඉදිරිපත් කරමින් පැවැති හා පවතින ආණ්ඩු සහ සරසවියෙන්ම අධ්‍යාපනය ලබා අධ්‍යාපන පරිපාලකයින් වී සිටින බලධාරීන් විසින් වාර්ෂික සරසවි සමත් ලක්ෂයකට පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම අසුරා දමා ඇත.
ලක්මාතාවගේ කුසින් බිහිවූ අනාගත වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, මහාචාර්ය හා විද්‍යාඥයන් වීමට කුසලතාවය ඇති මෙම මානව සම්පතින් උපරිම මෙහෙවර සමාජ, ආර්ථික, පරිපාලන, අධ්‍යාපන ක්ෂේත්රයට ලබා නොගැනීම මානව ෙ€දවාචකයකි. එම හිඩැස පුරවාගැනීමේ මාර්ග වනුයේ 1971 - 1989 මෙන් ප්රචණ්ඩත්වයද? විදේශ රටවල සංක්රමණයක්ද? ඝාතන මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, වංචාවලට පෝෂක ප්‍රදේශයන් වූ පාතාලයට යාවජීව සාමාජිකයෙක් වීමෙන්ද? ඊනියා විමුක්තිකාමී අරගලවල සේවා දායකයෙක් වීමෙන්ද?
පිරිවෙන්, මහාවිද්‍යාල, මධ්‍ය විද්‍යාල, ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල් තුළින් විකාශනය වූ අධ්‍යාපන ක්‍රියාවලිය පෞද්ගලික පාසල්, පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත වී ඇත. අධ්‍යාපන යන්ත්‍රයේ ඉන්ධන හෙවත් ජීව රුධිරය ශිෂ්‍යයන්ගේ දැනුම, ආකල්ප හා කුසලතාව පමණි.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ සරසවි සංඛ්‍යාව දැනට 15 දක්වා වර්ධනය වී ඇත. මුල්වරට උසස් පෙළට ඉල්ලුමක් ඇත්තේ 653 පමණි. දැනට එම සංඛ්‍යාව ලක්ෂ තුනහමාර දක්වා වැඩිවී ඇත. අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂකයන් දළ වශයෙන් ලක්ෂයක් පමණ වේ. එදා මෙදා තුර සරසවි තුළින් බිහිවී ඇති උපාධිධාරීන් ලක්ෂ පහකට ආසන්නය. 1964 වනතෙක් සරසවි ප්‍රවේශය සමත් වන සෑම කෙනෙකුටම සරසවිට ඇතුළත් කරගත් අතර උපාධිය ලබන සෑම අයෙකුටම රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා අනිවාර්යයෙන්ම ලබා ගැනීමේ අවස්ථාව සැලසී තිබිණි.
පෞද්ගලික සරසවි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා පෞද්ගලික රෝහල් සංකල්පය යථාර්ථයක් බවට පත්වූයේ 1980 දශකයෙන් පසුවය. එය නව යටත් විජිත වාදීන්ගේ අභිප්‍රාය ක්‍රියාත්මක වීමක්ද?
ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි බටහිර රටවල සහ ඉන්දියාව, චීනය, ජපානය වැනි ආසියාතික රටවල ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික සරසවි හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමය බව සනාථ වී ඇත. කියුබාව, බ්‍රසීලය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල අර්ධ රාජ්‍ය සරසවි පද්ධතියක් අනුගමනය කරයි.
ලෝකයේ බොහෝ රටවල් ලංකාවේ උගත් ශ්‍රම බළකාය ගැන අවධානයෙන් පසුවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ එම උගතුන් එම රටවල ආනයනය කිරීමටය. ඒ සඳහා පළමුවෙන්ම අත්හදා බැලීමක් කළේ ජාත්‍යන්තර පාසල් තුළිනි. එම රටවලට සුදුසු නිපුනතාවලින් පිරි අපේ රටේ දරුවන් එම රටවලට නිත්‍යානුකූලව රැගෙන යති. එයට අමතරව හොර රහසේ අප රටේ විවිධ දක්ෂතා ඇති සිසුන් තෝරා ගෙන (භෞතික සම්පත් හා මුදල් දෙමවුපියන්ට ලබා දී) එම රටවලට රැගෙන යන අවස්ථා ද ඇත. මෙයට අමතරව තම රැකියාවට උගත්කමට ගැලපෙන වැටුපක් නොලැබෙන නිසා පිටරට රැකියාවට යන උගතුන්ගේ ප්‍රමාණය ද වර්ධනය වෙමින් පවතී. එය බුද්ධිගලනය නම් වේ.
1505 සිට බටහිර ජාතීන් ලක්බිමේ ආර්ථික, සම්පත්, ජාන මංකොල්ල කන ලදී. දේශීය කෘෂිකර්මය විනාශ කර යෑපුම් වෙළෙඳ වැවිලි ආර්ථිකයක් ස්ථාපිත කරන ලදී, ජාතික චාරිත්‍ර වාරිත්‍ර විනාශකර විජාතික සිරිත් පුරුදු කරන ලදී. බෞද්ධාගම වෙනුවට මහායාන, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් ව්‍යාප්ත කරන ලදී. ආණ්ඩුක්රමය මෙන්ම අධිකරණ ක්‍රියාවලියන් බටහිර අධිරාජ්‍යවාදීන්ට ගැලපෙන ලෙසට සකස් කරන ලදී. ඔවුනට වෙනස් කිරීමට නොහැකි වූයේ සිංහල දේශයේ රණකාමයෙන් ලක්බිමේ දූ-පුතුන්ගේ උගත්කම බුද්ධිමත් කම පමණි. ඔවුනගේ දැනීම, හැකියාව දේශය දැනුමෙන් පුනර්ජනනීය කරගැනීමට පෞද්ගලික රෝහල් ඒකාබද්ධ කර ගෝලීයකරණයට අනුගත කිරීම යුග කාර්යය බවට පත්කර ගනිමු.
වාර්ෂික රාජ්‍ය වියදම කෝටි ලක්ෂ 1 1/2 කි. දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කරන්නේ කෝටි 6580 කි. සෞඛ්‍යයට වෙන්කරන්නේ කෝටි 9400 කි. මෙම සොච්චම් මුදලින් රටේ අධ්‍යාපනයත් සෞඛ්‍යයත් සංවර්ධනය කළ නොහැක. රජයත් පෞද්ගලික අංශයන් ඒකාබද්ධව තිරසර අධ්‍යාපන සෞඛ්‍ය ජාතික ප්‍රතිපත්තියක් එළිදැක්වීමේ සංවර්ධන යුගය උදාවී ඇත. සේනක බිබිලේ සෞඛ්‍ය යෝජනාවලියද මේ සඳහා උපයෝගි කරගත හැක.
ප්‍රාදේශීය රෝහල් සමඟ රටේ රෝහල් 940 කි. ඇඳන් 85,000 කි. වෛද්‍යවරු 18,000 හෙද හෙදියන් 31,000 කි. එහෙත් දැනට වෛද්‍යවරු 3000 ක හිඟයක් ඇත. හෙද හෙදියන් 20,000 ක් හිඟයක් ඇත. ඖෂධ හිඟය උත්සන්න වී ඇත. ශල්‍ය උපකරණ ඇතුලු අනෙකුත් උපකරණ, ඇඳන් මෙන්ම වාට්ටුවල විශාල හිඟයක් ඇත. ලෝකයේ ප්‍රීතිමත්ම ජනතාව ජීවත්වන රටවල් අතරින් ලංකාව 137 ස්ථානයට පත්ව ඇත. සෞඛ්‍යයට හා අධ්‍යාපනයට (4% - 2%) අඩුම වියදමක් වෙන්කර ලෝකයේ (289 අතරින්) 5 තැනට පත්ව ඇත්තේ අපේ ශ්‍රී ලංකාවයි.
රජයේ රෝහල්වලට වෛද්‍යවරුන් බහු ජාතික වෙළෙන්දන්ගේ "ආවතේවකරුවන්" වී ඇත. පරමාදර්ශි වෛද්‍යවරු අතලොස්සක් හැර බහුතරයට අවශ්‍ය වී ඇත්තේ ධනවත් පවුලකින් විවාහයක්, සිවුසල් නිවසක්, සුඛෝපභෝගී වාහනයක් සහ උපරිම වැටුපක් යන "සතර මහා නිධානය" හිමිකරුවන් වීමටය.
එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් මෙදා මාලඹේ පෞද්ගලික රෝහලටත් විරුද්ධව විරෝධතා බලවේග ඇති වුණි. එහෙත් මෙහි රෝග නිධානය ඇත්තේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොමැතිකම තුළය. ඇමැතිවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් බහු ජාතික ඖෂධ සමාගම්වල හුරතලුන් වී ඇත. වකුගඩු රෝගය හේතුව කෘෂි රසායනික බලපෑම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලාංකීය විශ්වවිද්‍යාල පර්යේෂණ තුළින් සනාථ වෙද්දී එම කෘෂි රසායනික සමාගම් තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට නොහැකි වී ඇත. සේනක බිබිලේ සෞඛ්‍ය ප්රතිපත්තියද ඖෂධ වෙළෙන්දන්ට බියේ වසර 20 ක්ම ක්‍රියත්මක කිරීමට පියවර ගෙන නොතිබිණි.
ගමනා ගමනය, විදුලිය, තෙල්, ගෑස් පෞද්ගලිකරණය කිරීමට සමාන්තරව සමගාමීව සෞඛ්‍ය පෞද්ගලිකරණ කිරීමේ ක්ෂණික අවශ්‍යතාවයක් පැන නැගී ඇත. පෞද්ගලික ප්‍රවාහන ඇමැති මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය ඇමැතිවරු 11 දෙනෙක් පත්කර ගැනීමටද පිළිවන.
සෞඛ්‍ය ක්ෂේත්රය දැන් පරිවර්තනය වෙන්නේ 1956 පෙර යුගයටය. ධනවතුන්ගේ නිලධාරීන්ගේ දුප්පත් දරුවන්ට ඉගෙන ගන්නේ විදේශීය වෛද්‍ය විද්‍යාලවලය. දුප්පත් දරුවන්ට හිමිව ඇත්තේ රජයේ සරසවිය. ධනවතුන් ප්‍රකිකාර ගන්නේ විදේශීය සුපිරි රෝහල්වලටය. වර්තමානයේ "වෙනස" වී ඇත්තේ සංඛ්‍යාව පමණි. උසස් පෙළ සමත් සරසවියට නොතේරුනු හා අවශ්‍ය ලකුණු නොලත් අය ලක්ෂ ගණනින් මුදල් ගෙවා, විදේශ සරසවිවලට යති. ඒ අතර මෙරට සරසවි අධ්‍යාපන ලත් වෛද්‍යවරු වැඩි වැටුප් හා ජීවිත සුඛවිහරණය සඳහා විදේශ ගත වෙති. විදේශ රටවල වෛද්‍ය ශිෂ්‍යයන් මත හෝ මුදල් ගෙවා මෙරට විශ්වවිද්‍යාලවලට පැමිණෙති. මෙම මානව සම්පත් ත්‍රිත්වය "සංයෝජනය" කර පෞද්ගලික අංශයට සෞඛ්‍ය සම්පත කළමනාකරණයට හා පරිපාලනයට භාරදීමට සුදුසුම යුගය එළඹ ඇත්තේ වැරදි ආහාර රටාව, මත්ද්‍රව්‍ය, හදිසි අනතුරු සහ පෙර කර්මජ රෝග නිසා (බෝ නොවන රෝග සමඟ) ලෙඩ වන රෝගීන් සුවපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය "අසමත්" වී ඇති නිසාය.
පාලකයෝ නිතරම කියන්නේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සංවර්ධනයට මුදල් නොමැති බවය. තේ, රබර්, පොල්, සංචාරක ව්‍යාපාරය, සුළු අපනයන භෝග, එතනෝල්, මත්කුඩු, ඇඟලුම් හා කාන්තා විදේශ වහල් සේවය වැනි විදේශ විනිමය ලැබෙන මාර්ග අතරට "පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධති කරණය" ඇතුළත් කළ හැක. එවිට වාර්ෂිකව ලක්ෂයක් වන සරසවියට (දේශීය) ඇතුළත් නොකරගන්නා එහෙත් සල්ලි දී විදේශ සරසවිවලට යන අය හෝ මුදල් සහ විදේශවලින් මෙරටට එන අය (මෙරට සරසවි වල ගුණාත්මක බව, භෞතික සම්පත වැඩිකර) හෝ මුදල් දේශීය ආර්ථිකයට එකතු වනු ඇත. අසමතුලිත අධ්‍යාපන යන්ත්‍රයක් හා දැනුමට මුල් තැන දෙන අධ්‍යාපන රටාවක් නොමැති කම අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලිකකරණය වීමට හේතු වන සාධක වී ඇත. සරසවිවලින් අධ්‍යාපන ලබා දේශපාලන හා අධ්‍යාපන සෞඛ්‍ය කුටුම්බයේ වැජඹෙන තීරණ ගන්නා නිලධාරීන් විසින්ම සෞඛ්‍ය අධ්‍යාපනය විනාශ කිරීම උක්ත පරිහානියට හේතු වේ. ටෙන්ඩර් දූෂණ, ඉදිකිරීමේ වංචා, වෛද්‍ය, හෙදි වැටුප් අරගල, නේවාසිකාගාර ගැටලු, ඖෂධ හිඟය දෛනික වැඩ වර්ජන, විදේශ ගත වීම, වෛද්‍ය හෙදි නොසලකා හැරීම් නිසා සිදුවන රෝහල් ගත මරණ එයින් පැන නගින ව්‍යාතිරේක රෝග ලක්ෂණ වේ.
1970 වනතෙක් ලංකාවේ ක්‍රියාත්මක වූයේ සැලසුම් ගත සුබ සාධක රාජ්‍ය ක්රමයකි. ඉන්පසුව එය වෙළෙඳ පළ ආර්ථිකයකට පරිවර්තනය විය. ලෝකයේ රටවල් අතරින් 2/3 ම සමාජවාදී අර්ථ ක්‍රමයක් මගින් හසුරුවන ලදී. වර්තමානයේ රටවල් කීපයක් (කියුබාව, වියට්නාමය, උ. කොරියාව, බ්‍රසීලය) හැර බහුතරය පෞද්ගලික ව්‍යවසාය පිළිගන්නා දණේශ්වර ආර්ථිකයකට හැඩ ගැසෙමින් සිටිත්. හැම පවුලක්ම ව්‍යවසායක පවුලක් බවට අනුවර්තනය වෙමින් පවතී. අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශ ද මෙ හැඩතලයට අනුරූපව සකස් වීම ජීවමාන යථාර්ථයක්ම වනු ඇත.
ආර්. ඩබ්. අමරසිංහ
- NuinthTop contributor
- Posts : 555
Join date : 2014-02-28
Location : Universe
Re: ප්‍රතිපත්තියක් නැති හෙට දවස!
Ravaya, Monday,20 Oct 2014 V.I
තරිඳු උඩුවරගෙදර
මේි වනවිට ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සිය මාර්ගය වෙනස් කරමින් සිටින්නේය. සමස්ත අධ්‍යාපනයේ දකින්නට ඇති තත්ත්වය නම් රාජ්‍ය අධ්‍යාපනය කෙරෙහි ක්‍රමයෙන් විශ්වාසය බිඳ වැටීමත් පෞද්ගලික අධ්‍යාපනය විශාල වශයෙන් වර්ධනය වීමත්ය.
ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රය කරන බව ආණ්ඩුව කියයි. එහෙත් ආණ්ඩුව කයිවාරු ගසන ආකාරයේ ඉදිරිගාමී සංවර්ධනයක් වෙනුවට දකින්නට තිබෙන්නේ සංවාදයකින් තොරව අදූරදර්ශී මාර්ගයක ගමන් කරන ආණ්ඩුවකි.
ලංකාවේ දැනුම් කේන්ද්‍රය ඇති කිරීමටයැ’යි කියමින් හතු පිපෙන්නාක් බඳු පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමත් විදේශ සිසුන් විශාල ප්‍රමාණයකට ලංකාවේ විශ්වවිද්‍යාලය තුළ ඉඩ ප්රස්ථා ලබාදීමත් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වී ඇත.
විදේශීය සිසුන්
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පවසන ආකාරයට ලංකාවේ විශ්වවිද්‍යාලවල විදේශීය සිසුහු 4000ක් පමණ අධ්‍යාපනය ලබති. වඩාත් පැහැදිලි කරුණ නම් ඒ අතරින් බහුතරය දකුණු ආසියානු රටවල ශිෂ්‍යයන් වීමයි.
විදේශ රටවල සිසුන්ට ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල තුළ නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමද වසර තුනක පමණ සිට ලංකාවේ ක්‍රියාත්මක වැඩපිළිවෙළකි. 2011 වසරේ විදේශීය ශිෂ්‍යයන් 05 දෙනෙක්, 2012දී ශිෂ්‍යයන් 15 දෙනෙක් සහ 2013 වර්ෂයේ ශිෂ්‍යයන් 45 දෙනෙක් ඒ අනුව බඳවාගෙන තිබුණු අතර 2014 වර්ෂයේදී ශිෂ්‍යයන් 100 දෙනකු එසේ බඳවා ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව රටවල් 60කින් විදේශ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකි අතර සිසුන් සියදෙනකු තෝරාගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව නවරත්න මහතා පවසයි.
මෙසේ ශිෂ්‍යත්ව ලබා පැමිණෙන විදේශීය සිසුන්ට නොමිලේ ගුවන් ටිකට්පත්ද ලංකාව තුළ අධ්‍යාපනය ලබාගැනීම සඳහා පහසුකම්ද මේ සියල්ලට අමතරව ඩොලර් 250ක (රුපියල් 32,500ක් පමණ) මාසික දීමනාවක්ද ශිෂ්‍යත්වයෙන් හිමිවන්නේය.
ආණ්ඩුව මෙම ශිෂ්‍යත්ව ලබාදෙන්නේ එස්.බී. දිසානායක ඇමතිවරයාගේ යෝජනාවක් අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආරම්භ කරන වැඩපිළිවෙළක් ලෙසය. ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රය කිරීම මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණ බව වැඩිදුරටත් ප්‍රකාශ වෙයි.
කිසිදු සංවාදයකින් තොරව ඇමතිවරුන්ගේ හෝ ජනාධිපතිවරයාගේ සිතිවිලි මත ක්‍රියාත්මක වන මෙවන් ව්‍යාපෘති ආශ්චර්යයක් ඇති කරන්නේ නැත. ලෝකයේ දියුණු රටවල මෙසේ විදේශීය සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන්නේය. ලංකාව එවන් දියුණු අධ්‍යාපනයක් ඇති රටක් බවට පත්වනු දැකීම ඕනැම පුරවැසියකුගේ සිහිනය විය හැකිය. ආණ්ඩුව මවා පෙන්වන දැනුම් කේන්ද්‍රය බිහිකරන්නට නම් විදේශීය සිසුන්ට ශිෂ්‍යත්ව දීමට පෙර දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කරන්නට දේ බොහොමයක් තිබේ.
සැබෑ තත්ත්වය
එස්.බී. දිසානායක ඇමතිවරයා තරු තුනේ හෝටල් වැනි විශ්වවිද්‍යාල මාධ්‍ය ඉදිරියේ මවා පෙන්නුවද ලංකාවේ විශ්වවිද්‍යාලවල සැබෑ තත්ත්වය එතරම් උසස් නැත. පහසුකම් අවමය. ශිෂ්‍ය අරගල නිරන්තරව මතුවීමට එයද එක් හේතුවකි. මේ නිසා සත්‍ය වශයෙන්ම ලංකාවට විදේශීය සිසුන් ගෙන්වීමට පෙර ආණ්ඩුව කටයුතු කළයුත්තේ විශ්වවිද්‍යාල තුළ යටිතල පහසුකම්, වැඩි වර්ධනය කිරීමය. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව අහිමි වන සිසුන් විශාල ප්‍රමාණයක් සිටින අතර සාධාරණ තෝරා ගැනීමකින් ඔවුන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථා හිමිකර දිය යුතුය.
ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුන් ලබන පහසුකම් සහ මෙසේ පැමිණෙන විදේශීය සිසුන් ලබන පහසුකම් අතර ඇත්තේ අතිදැවැන්ත විෂමතාවකි. සරල උදාහරණය නම් දේශීය ශිෂ්‍යයන් ශිෂ්‍යාධාර ලෙස රුපියල් 2500/-ක මහපොළ ශිෂ්‍යත්වය ලබන විට විදේශීය ශිෂ්‍යයන්ට මසකට රුපියල් 32,000කට වැඩි මුදලක් ලබාදීමයි. මෙවන් විෂමතාවන් තුළින් දේශීය ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇතිවන්නේ තමාට ලැබිය යුතු එහෙත් අහිමි වූ පහසුකම් පිළිබඳව සාධාරණ වේදනාවකි.
ලංකාවේ සිසුන්ට අවම පහසුකම්වත් නොමැති විටෙක, ආචාර්යවරුන්ට පර්යේෂණ දීමනා ඇතුළු විවිධ දීමනා අඩුකර ඇති විටෙක, දේශීය ශිෂ්‍යයන්ට හා ආචාර්යවරුන්ට විදෙස් පුහුණු ලබාගැනීමට ඇති ඉඩකඩ ඇහිරී ඇති විටෙක, විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම දේශපාලනිකකරණය කොට උපකුලපතිවරුන්, සංස්ථා සභාපතිවරුන්ගේ තත්ත්වයට පත්කර ඇති විටෙක ආණ්ඩුව කළයුත්තේ ප්‍රථමයෙන් එම ගැටලූ නිරාකරණය කොට තෘප්තිමත් දේශීය විශ්වවිද්‍යාල ප්‍රජාවක් නිර්මාණය කිරීමය. එහෙත් මේ වනවිටත් පේරාදෙණිය කළමනාකරණ පීඨයක් නොමැතිව ශිෂ්‍යයෝ සත්යග්රහ කරති. සමසෞඛ්‍ය උපාධියකට නියමිත කාලය දිනාගැනීමටත් සිසුන්ට වසර ගණන් සටන් කිරීමට සිදුව ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටද තම ඉල්ලීම් දිනාගැනීම පිණිස දීර්ඝ ලෙස සටන් කිරීමට සිදුව ඇත. අනෙක් අතට ආණ්ඩුවේ විවිධාකාර මර්දනයන්ට මුහුණදීමටත් ඇමතිවරයාගේ පහත් මට්ටමේ ප්‍රකාශවලට මුහුණදීමටත් දේශීය විශ්වවිද්‍යාල ප්‍රජාවට සිදුව ඇත. විදේශීය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදිය යුත්තේ මෙවන් අවුල්සහගත පරිසරයක නොවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ දහස් දැක්වීය.
‘සාමාන්‍යයෙන් ලෝකෙ දියුණු විශ්වවිද්‍යාලවල විදේශීය සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදෙනවා. එය හොඳ ආයෝජනයක්. උදාහරණයක් හැටියට මමත් ආචාර්ය උපාධිය ලබාගත්තේ විදේශීය රටකින් ශිෂ්‍යත්වයක් ලබාගෙන ගිහින්. මෙය ලෝකයේ තියෙන දෙයක්. මේගොල්ලො මතු කරලා පෙන්නන්නෙත් ඔය දේවල් තමයි. එහෙත් මෙතන අපි බලන්න ඕනෑ වෙනත් පැත්තක් තියෙනවා. ඔය ශිෂ්‍යත්ව ලබාදෙන බටහිර විශ්වවිද්‍යාලවලට එය ඔරොත්තු දෙනවා. දේශීය හා විදේශීය සිසුන්ට සමාන පහසුකම් දෙන්න ඔවුන්ට හැකියාව තියෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුන්ට හරිහැටි පහසුකම් නැහැ. එස්බීලා ජනතාව ඉදිරියේ මොනවා කිව්වත් විශ්වවිද්‍යාලවලට ඇවිල්ලා බලන්න ඕනෑ තත්ත්වය. මේ තුළින් විශාල අසමතුලිතතාවක් ඇතිවෙනවා.
මේක පිටිපස්සෙ සුනිල් ජයන්ත නවරත්නලා නොකියන තව දෙයක් තියෙනවා. විදේශීය සිසුන් කියලා ලංකාවට එන ලැයිස්තුවේ ඉන්නෙ ඇත්තටම විදේශීය ශිෂ්‍යයෝ නෙවෙයි. විදේශීය ශිෂ්‍යයෙක් නැති තරම්. ඒවට ඉල්ලූම් කරන්නේ එක්කො ලංකාවෙන් පිටරට ගිහින් ඉගෙන ගත්ත අය. නැත්නම් තානාපති සේවාවල යන්න අයගෙ දරුවො. නැත්නම් සාක් රටවල්වල ළමයි. එහෙම වුණාම මේ ක්‍රියාවලියේ සැබෑ අරමුණු ඉටුවෙන්නේ නැහැ. විවිධ සංස්කෘතීන්ට අයත් ශිෂ්‍යයො ඇවිත් දේශීය ශිෂ්‍යයන් එක්ක සංවාද කරමින් බුද්ධිමය ගනුදෙනුවක නිරතවීම තමයි වැදගත්වෙන්නේ. දේශීය විදේශීය සිසුන් අතර බෙදීම් තියෙනකොට මේ වගේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනකොට ඔවුන් කියන ප්‍රයෝජන කිසිවක් ලැබෙන්නෙ නැහැ. උසස් අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් ඉටුවෙන්න ඕනෑ ප්‍රතිපාදන මේවා නෙවෙයි. මේක නිකං ලංකාව පලස්තීනයට ආධාර දුන්නා වගේ විහිළු වැඩක්. අපටත් නැතිව අනුන්ට දෙන්න යනවා.’
පෞද්ගලික විශ්වවිද්‍යාල
පසුගිය දිනවල මාධ්‍ය හරහා එස්බී ඇමතිවරයා කියා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා පනතක් ගෙන එන බවයි. ලංකාවේ මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල 54ක් තිබෙන බවත් තවත් විශ්වවිද්‍යාල ආරම්භ කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම බවට සැකයක් නැත. ප්‍රතිපත්තියක් වශයෙන් පෞද්ගලික අධ්‍යාපනය පිළිගන්නේ නම්, රාජ්‍ය විශ්වවිද්‍යාල 16ක් පවතින විට පෞද්ගලික විශ්වවිද්‍යාල 54ක් හෝ ඊට වඩා පිහිටුවීමට ආණ්ඩුව ක්‍රියාකරන්නේ නම් ආණ්ඩුව නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනුවට නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමය පිළිබඳව අධ්‍යයනයක නිරතවෙමින් මත ප්‍රකාශ කර තිබෙන ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා පවසන්නේ මෙසේය.
‘ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය ගැන මට කියන්න තියෙන්නේ ඉතාම සරල අදහසක්. පළවෙනි කාරණය තමයි ලෝකෙ හැම රටකම පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා කියන එක බොරුවක්. ලෝකයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රස්ථාන ලෙස රටවල් සම්භාවනාවට පත්වෙලා තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් නෙවෙයි. ඕස්ටේ්රලියාව, එංගලන්තය වගේ රටවල්වල පෞද්ගලික විශ්වවිද්‍යාලවල තියෙන්නේ දෙක බැගින්. ඒවාත් පිහිටුවලා තියෙන්නේ දීර්ඝකාලීන නියාමනයක ප්‍රතිඵල විදියට. ඇමරිකාවේ හාවඞ්, යේල් වගේ විශ්වවිද්‍යාල වුණත් සමාජ සේවා අරමුණින් ක්‍රියාත්මක වෙන ආයතන. ලංකාවේ ශාන්ත තෝමස් විද්‍යාලය වගේ. ඒවා නෙවිල් ප්‍රනාන්දු වගේ මුදල් හොයන පුද්ගලයන්ගේ ආයතන නෙවෙයි. ඒ අනුව ලෝකයේ වැදගත් රටවල් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමාජයීය කටයුත්තක් විදියට මිසක් මුදල් හොයන කටයුත්තක් ලෙස සලකන්නේ නැහැ.
උදාහරණයක් විදියට ලෝකයේ ශික්ෂණ රෝහලක් නැතිව පටන් අරන් කණ්ඩායම් දහයක් බඳවාගත්තු එකම වෛද්‍ය විද්‍යාලය මාලබේ පෞද්ගලික විද්‍යාලය. ඒ ආයතනයේ රෝහල ශික්ෂණ රෝහලක් නෙවෙයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වාම ඔවුන් කියනවා ශික්ෂණ කියන්නේ රෝහලේ නම කියලා. ඒ වගේ බොරු කියන පහත් තත්ත්වයේ ප්‍රමිතියෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල හතු පිපෙනවා වගේ ඇති කළොත් විශාල ගැටලූවක් එනවා.
ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න – උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්
අපේ රටේ ශිෂ්‍යයොත් විදේශ රටවල අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදේශගත වෙනවා. එහෙත් ජපානය, දකුණු අප්‍රිකාව, ඕස්ටේ්රලියාව වගේ රටවල සිසුන්ට මෙහේ ඇවිත් ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඒ නිසා එස්බී දිසානායක ඇමතිතුමාගේ යෝජනාවක් අනුව ජනාධිපතිතුමා තීරණය කළා වසරකට ශිෂ්‍යයන් 100කට ශිෂ්‍යත්ව ලබාදෙන්න. අපි රටවල් 60කින් ශිෂ්‍යයන් තෝරා ගන්නවා. පූර්ව සහ පශ්චාත් උපාධි වැඩසටහන් අපි ලබාදෙනවා. ගුවන් ටිකට්පත් සහ මාසිකව රුපියල් 30,000ක පමණ මුදලකුත් අපි ලබාදෙනවා.
විශ්වවිද්‍යාලයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වෙන්න නම් කරුණු තුනක් අවශ්‍යයි. ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සිදුකිරීම, විදේශ ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් සිටීම, ලෝකයේ ඕනෑම තැනක රැුකියාව කළ හැකි සුදුසුකම් සහිත ශිෂ්‍යයෝ බිහිවෙන්න ඕනෑ. හාවඞ් වගේ විශ්වවිද්‍යාලවල 40%ක්ම ඉන්නේ විදේශ ශිෂ්‍යයො. අපිට විතරක් තනිවෙන්න බැහැ.
අපි කැමති වුණත් අකමැති වුණත් ලංකාවේ දැනටමත් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒවා නියාමනය කරන්න නීතියක් නැහැ. සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා ක්‍රියාත්මක වෙන ඒ ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට අරන් නියාමනය කිරීමයි පනතේ අරමුණ.
මේ වනවිට ලෝකයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවට ඇවිත් තියෙනවා. එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාලයක් මීරිගම අක්කර 120ක ඉදිවෙමින් පවතිනවා. ඉදිරියට තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන්න පුළුවන් නම් හොඳයි. අපි ගේන්න යන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රමිති ආරක්ෂණ, වරප්‍රසාද සහ සුදුසුකම් රාමුව පිළිබඳ පනතක්. ඒ තුළින් අපි පෞද්ගලික විශ්වවිද්‍යාල එක රාමුවකට ගෙනල්ලා නියාමනය කරනවා.
- See more at: http://ravaya.lk/
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: ප්‍රතිපත්තියක් නැති හෙට දවස!
" පවතින ආණ්ඩු සහ සරසවියෙන්ම අධ්‍යාපනය ලබා අධ්‍යාපන පරිපාලකයින් වී සිටින බලධාරීන් විසින් වාර්ෂික සරසවි සමත් ලක්ෂයකට පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම අසුරා දමා ඇත."
"ලක්මාතාවගේ කුසින් බිහිවූ අනාගත වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, මහාචාර්ය හා විද්‍යාඥයන්....... ක්ෂේත්රයට ලබා නොගැනීම මානව ෙදවාචකයකි."
Then he writes ,
"රජයේ රෝහල්වල වෛද්‍යවරුන් බහු ජාතික වෙළෙන්දන්ගේ ආවතේවකරුවන් වී ඇත. පරමාදර්ශි වෛද්‍යවරු අතලොස්සක් හැර බහුතරයට අවශ්‍ය වී ඇත්තේ ධනවත් පවුලකින් විවාහයක්, සිවුසල් නිවසක්, සුඛෝපභෝගී වාහනයක් සහ උපරිම වැටුපක් යන "සතර මහා නිධානය" හිමිකරුවන් වීමටය. "
Now I can ask ," then, what is the purpose of crying for more intakes spending poor people's money ? "
To make more " ආවතේවකරුවන් " ?
අපේ මිනිස්සුන් ගේ මුදලින් නිදහස් උසස් අද්යාපනේ ලබා ඔස්ටේලියාව හා වෙනත් දියුණු රටවලට රිංගා ඒ රටවල දියුණුව සඳහා ජීවිතේ කැප කරනවා පමණක් නොව මෙහි දෙමාපියන් ගේ දේපල පවා විකුණා අපේ රටේ මුදල් එහි අදින අදීනයන් දහස් ගනන ගැන ?
තමන් ගේ මුදලින් කෝස් එකක් කර යමක් ඉගෙන ගෙන මැද පෙරදිග හා ආශ්රිත රටවල සේවය කරමින් වසරකට ඩොලර් බිලියන් 4 කට වඩා මෙහි එවන උතුමන් ගැන?
පත්තර වලට ලියන කෙනෙකු නැත.
- dixon1997
- Posts : 1
Join date : 2014-07-15
Re: ප්‍රතිපත්තියක් නැති හෙට දවස!
chinwi wrote:Mr Amarasinghe said,
" පවතින ආණ්ඩු සහ සරසවියෙන්ම අධ්‍යාපනය ලබා අධ්‍යාපන පරිපාලකයින් වී සිටින බලධාරීන් විසින් වාර්ෂික සරසවි සමත් ලක්ෂයකට පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම අසුරා දමා ඇත."
"ලක්මාතාවගේ කුසින් බිහිවූ අනාගත වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, මහාචාර්ය හා විද්‍යාඥයන්....... ක්ෂේත්රයට ලබා නොගැනීම මානව ෙදවාචකයකි."
Then he writes ,
"රජයේ රෝහල්වල වෛද්‍යවරුන් බහු ජාතික වෙළෙන්දන්ගේ ආවතේවකරුවන් වී ඇත. පරමාදර්ශි වෛද්‍යවරු අතලොස්සක් හැර බහුතරයට අවශ්‍ය වී ඇත්තේ ධනවත් පවුලකින් විවාහයක්, සිවුසල් නිවසක්, සුඛෝපභෝගී වාහනයක් සහ උපරිම වැටුපක් යන "සතර මහා නිධානය" හිමිකරුවන් වීමටය. "
Now I can ask ," then, what is the purpose of crying for more intakes spending poor people's money ? "
To make more " ආවතේවකරුවන් " ?
අපේ මිනිස්සුන් ගේ මුදලින් නිදහස් උසස් අද්යාපනේ ලබා ඔස්ටේලියාව හා වෙනත් දියුණු රටවලට රිංගා ඒ රටවල දියුණුව සඳහා ජීවිතේ කැප කරනවා පමණක් නොව මෙහි දෙමාපියන් ගේ දේපල පවා විකුණා අපේ රටේ මුදල් එහි අදින අදීනයන් දහස් ගනන ගැන ?
තමන් ගේ මුදලින් කෝස් එකක් කර යමක් ඉගෙන ගෙන මැද පෙරදිග හා ආශ්රිත රටවල සේවය කරමින් වසරකට ඩොලර් බිලියන් 4 කට වඩා මෙහි එවන උතුමන් ගැන?
පත්තර වලට ලියන කෙනෙකු නැත.
this is the reality.Very true.
- shane101Top contributor
- Posts : 120
Join date : 2014-04-27
Re: ප්‍රතිපත්තියක් නැති හෙට දවස!
chinwi wrote:
අපේ මිනිස්සුන් ගේ මුදලින් නිදහස් උසස් අද්යාපනේ ලබා ඔස්ටේලියාව හා වෙනත් දියුණු රටවලට රිංගා ඒ රටවල දියුණුව සඳහා ජීවිතේ කැප කරනවා පමණක් නොව මෙහි දෙමාපියන් ගේ දේපල පවා විකුණා අපේ රටේ මුදල් එහි අදින අදීනයන් දහස් ගනන ගැන ?
තමන් ගේ මුදලින් කෝස් එකක් කර යමක් ඉගෙන ගෙන මැද පෙරදිග හා ආශ්රිත රටවල සේවය කරමින් වසරකට ඩොලර් බිලියන් 4 කට වඩා මෙහි එවන උතුමන් ගැන?
පත්තර වලට ලියන කෙනෙකු නැත.
Extremely true
- VAT අදාළ නැති කට්ටිය මෙන්න. 50,000 ක ලැයිස්තුවක්
- ‘වස විස නැති රටක්’ ජාතික පොළ 6, 7 සහ 8 වැනිදා BMICH හිදී…
- හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස
- අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
- තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික් ප්‍රශ්නෙත් හරි විසදුමක් නැති ට්‍රැෆික් නාඩගම