- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඩොලරයේ විකුණුම් මිල රු. 175 ඉක්මවයි
October, 30, 2018
මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව අද (30) දිනයේ දී ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.6722 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 175.5637 ක් ලෙසින් සටහන් විය.
ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2018 අගෝස්තු මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් කියා සිටියේ, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විනිමය අනුපාතිකය මත අවප්‍රමාණය වීමේ පීඩනයක් අඛණ්ඩව පැවති අතර, විනිමය අනුපාතිකයෙහි අනිසි අධික විචලනයන් අවම කිරීම සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වීමට මහ බැංකුවට සිදු වූ බවයි.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27