- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
ලන්ඩනයේ ප්‍රධානතම දර්ශකයක් වන ‘එෆ්.ටී.එස්.ඊ. 100’ දර්ශකය 0.3% කින් ඒකක 7,578.79 ක් දක්වා පහත වැටිණි.
යුරෝපා කලාපයේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ඩී.ඒ.එක්ස් 30 දර්ශකය 0.9% කින් ඒකක 13,267.38ක් දක්වා පහත වැටුණු අතර පැරිසියේ සී.ඒ.සී. 40 දර්ශකය 0.6% කින් ඒකක 6,014.18ක් දක්වා පහළ ගියේය.
අලුත් අවුරුදු උදාවත් සමඟ ලොව කොටස් වෙළෙඳපොළවල් රැසක් වර්ධනයක් පෙන්නුම් කළ නමුත් ඇමෙරිකාවේ ප්‍රහාරයෙන් ඉරානයේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඒ සියල්ල අනෙක් පස හැරිණි.
ඒ.එෆ්.පී.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
2020-01-04
ShareFacebookTwitterEmail
1837
Views
ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සියයට 4.3 කින් අද (03) දිනයේදී ඉහල ගොස් තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයත් සමගයි.
බ්‍රෙන්ට් ඉන්ධන තැරැව්කාර සමාගමේ මිල ගණන් අනුව ලෝක ඉන්ධන වෙළදපලේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69.08 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියෙක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ඉරාකයේ පිහිටි විදේශීය ඉන්ධන සමාගම්වල සේවයේ නියුතු අමෙරිකානු ජාතික සේවකයින් එරටින් ඉවත්ව යමින් සිටින බව වාර්තා වනවා.
ඉරාකයේ බහුලව ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන සමාගම් පිහිටි බස්රා හි පිහිටි විදෙස් සමාගම් වල සේවයේ නියුතු ඇමෙරිකන් ජාතිකයින් මෙලෙස රටින් පිටව යමින් සිටින බවයි රොයිටර් පුවත් සේවය සදහන් කලේ.
අමෙරිකානු සේවකයින්ගේ ඉවත්ව යාමෙන් බොර තෙල් නිෂ්පාදනයට බාධාවක් නොවන බවයි ඉරාක බලධාරින් සදහන් කරන්නේ.
ඕපෙක් සංවිධානයේ දත්ත අනුව දෛනිකව බොර තෙල් බැරල් මිලියන 4.62 ක් සපයන ලොව දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ඉරාකයයි.
ඉරාකයේ වෙසෙන සියලුම අමෙරිකානු ජාතිකයින්ට වහාම ඉන් ඉවත්ව යන්නැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.