- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි
(www.randora.lk-23/08/2015)-පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වයන් යටතේ දියත් වන ජාතික රක්ෂණ භාර අරමුදල පුද්ගලික අංශය හා ඒකාබද්ධව රෝහල් ආයෝජන සඳහා ප්‍රවේශවිමට කටයුතු කරමින් පවතින බව එහි සභාපති හා හිටපු HNB ඇෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ද සිල්වා පවසයි.
මේ අනුව පුද්ගලික අංශයේ අදාල ආයෝජකයින්ගෙන් මේ සදහා ඉදිරිපත් වන්න යැයි ඉල්ලිම් කර ඇති බවත් ඒ අනුව රුපියල් බිලියනයක් දක්වා වු ආයෝජනයකට තමන් සුදානම් බව ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ එකම ප්‍රතිරක්ෂණ ආයතනය වන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල ය. සියලුම ප්‍රාථමික රක්ෂණ ආයතන මගින් 30%ක වගකීමක් ප්‍රතිරක්ෂණ අංශය වෙත අනිවර්‍ය ලෙස පවරා දීමට රාජ්‍ය නීතියෙන් ගැසට් නිවේදනයක් ඉදිරිපත් කර ඇත.මේ අනුව ස්වකිය ප්‍රති රක්ෂණ අවදානම් ලක් ඉතිහාසයේ මුල් වරට විදේශ ප්‍රති රක්ෂණ ආයතන සමඟ බෙදා හදා ගැනිමටත් විදෙස් ප්‍රති රක්ෂණ අවදානම් භාර ගැනිමටත් තම අරමුදල කටයුතු නරමින් පවතින බව ඔහු කියයි.
ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රාජ්‍ය සේවයේ නියුතු සෑම පුද්ගලයෙකු සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා අග්‍රහාර රක්ෂණය සපයනු ලැබේ. මෙමගින් සියලුම වෛද්‍ය(රෝහල් ගතවීම්,දරු උපත්,සැත්කම්, හෘද සැත්කම්, උපැස් යුගල්, විවිධ ), හදිසි අනතුරු සහ මරණ සඳහා හිමිකම් ගෙවනු ලැබේ.
මේ අනුව ලක්ෂ 28 ක් පමණ පිරිසක් සදහා රක්ෂණාවරණ තම ආයතනය මගින් ලබා දෙන බව කී ඒ මහතා නව ආයෝජන මගින් ස්වකිය සේවා වඩාත් ව්‍යාප්ත කළ හැකි බවද පවසයි.
රුපියල් බිලියන 10 ක වත්කම් මෙම අරමුදල සතුය.
ජාතික රක්ෂණ භාර අරමුදලට අදාල පණතට අනුව ඔවුනට ආයෝජන සිදු කළ හැකි වන්නේ රජයේ සූරැකුම්පත් මත පමනක් වුවද අඩු පොලි අනුපාතයක් පවත්නා වතාවරණය තුළ තමන්ට අග්‍රහාර රක්ෂණය පෙරටු කර මෙම සුව සේවා ආයෝජන සදහා ප්‍රවේශ විමට ඉඩ කඩ විවරව ඇති බව හෙතෙම කියා සිටියේය.
ඉදිරියේදි,සමාජයේ සියළුම කොටස් සදහාම සුදුසු රක්ෂණාවරණ සැපයිමට සුදුසු වැඩ පිළිවෙලක් තම ආයතනය මගින් දියත් කර ඇති බවද ඔහු සදහන් කළේය.
ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන පැවැත්ම උසස් ලෙස නඟා සිටුවීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් 2006වසරේ අංක 28දරණ පනත මඟින් ජාතික රක්ෂණ භාර අරමුදල ස්ථාපනය කරන ලදී.මහජනතාව සහ රාජ්‍ය සේවයේ නිලධාරීන් කාලයෙන් කාලයට මුහුණ පෑ සෞඛ්‍ය ගැටලු, හදිසි අනතුරු, මරණ සහ දේපල හානි වලින් ආරක්ෂා වීම පිණිස රජය මගින් හඳුන්වාදුන් ක්‍රමය ක්‍රියාවට නැංවීම උදෙසා මෙය සමාගමක් ලෙස ස්ථාපනය කරන ලදී.
වර්තමානයෙහි ජාතික රක්ෂණ භාර අරමුදල විවිධ රක්ෂණ ක්‍රමයන් හඳුන්වා දී ඇත. එනම් අග්‍රහාර වෛද්‍ය රක්ෂණය, රථ වාහන රක්ෂණය, SRCC & T අරමුදල සහ ප්‍රතිරක්ෂණ අංශයයි. 2009සැප්තැම්බර් පළමුදා සිට ජාතික රක්ෂණ භාර අරමුදල එහි සේවාවන් සියලුම පන්තිවල් පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් සැපයීමට සාමාන්‍ය රක්ෂණ සේවා සලසනු ලබයි.
වර්තමානයේ ජාතික රක්ෂණ භාර අරමුදලෙහි ශාඛා අනුරාධපුර සහ හම්බන්තොට යන නගර වලටද ව්‍යාප්ත කොට ඇත.
මේ වන විට රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද ස්වකිය ආයෝජන පුද්ගලික අංශයේ විවිධ ආයෝජන වෙනුවෙන් විවිධාංගිකරණය කර ඇත.
http://www.nitf.lk/si/about.htm