- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි!
(www.randora.lk-22/08/2015)- පසුගිය මහ බැංකු අධිපතිවරයාගේ විධානයන් පරිදි ක්‍රියාත්මක වු මුල්‍ය සමාගම් ඒකාබද්ධ කිරිමේ වැඩ සටහන යටතේ මිලදි ගත් ඇතැම් මුදල් සමාගම් විකුණා දැම්ම කෙරෙහි අදාල සමාගම් මේ වන විට පියවර ගෙන යමින් තිබෙන බව මුදල් සමාගම් ප්‍රධානිහු කිහිපදෙනෙකු රන්දොරට අනාවරණය කර සිටියහ.
මේ යටතේ දැනටමත් කොළඹ කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගම හා චීලව් මුදල් සමාගම් පිළිවෙලින් ඒවා යේ බහුතර කොටස් හිමිකාරිත්වය ලබා ගත් සර්වෝදය හා රිචඩ් පිරිස් යන මුදල් සමාගම් විසින් විකුණා දැම්ම සදහා අර්පණ කැදවා ඇතැයි ආයෝජන බැංකු කරුවෝ රන්දොරට කියා සිටියහ.
මේ සියළු දෙනාම අපිට සුදුසු ගැණුම්කුරවන් සොයා දෙන්න කියා දන්වා තිබෙනවා.මෙම සමාගම් මහ බැංකුවේ නියමය පරිදි මිලදි ගෙන ඔවුන් මත අනවශ්‍ය බරක් කඩා වැටුණු බවයි ඔවුනගේ මතය.ඇත්තෙන්ම,මේ ආකාරයෙන් සිදු කරන බලහත්කාර ඒකාබද්ධ විම් වලින් සිදු වන්නේ රටේ මුල්‍ය පද්ධතිය තවත් ව්‍යාකුල විමයි යනුවෙන් මෙම ආයෝජන බැංකු පාර්ශව නම හෙළි නොකිරිමේ පදනම මත කියා සිටියහ.
දේශෝධය ඩ්වොලොප්මන්ඩ් නමින් කලින් හැදුන්වු දැන් සර්වෝදය මුදල් සමාගම පසුගිය වසරේ ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගමේ සියයට 75 ක අයිතිය මිලදි ගත්තේ රුපියල් මිලියන 400 කට අධික මුදලක් වැය කරමිණි.
සාපේක්ෂව සමාජයේ දිළිදු වරප්‍රසාද අහිමි ප්‍රජාව නියෝජනය කරමින් ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන සර්වෝදය සීඩ්ස් ආයතනයේ ප්‍රාග්ධන අරමුදල් මත ගොඩ නැගුන සර්වෝදය මුදල් සමාගම එවකට ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් නොමැති තත්ත්වයකදි වුවද මෙම අර්බුද ගහන ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගම මිලදි ගැනිමට ක්‍රියා කළේ මහ බැංකුවේ දැඩ් පිඩනයට නතු වෙමිනි.
එවකට ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගමේ සභාපතිව සිට් හා දේශෝධය ඩ්වොලොප්මන්ඩ් හි අධ්‍යක්ෂ වරයෙකුව සිට් හා දැන් සර්වෝදය මුදල් සමාගමේ සභාපති ඊස්ට්මන් නාරංගොඩ මහතාගේ මඟපෙන්විම යටතේ දේශෝධය ඩ්වොලොප්මන්ඩ් විසින් මෙම සමාගම අත්පත් කර ගැනිමට කටයුතු කර තිබුණේ කොටසක් රුපියල් 22 බැගිණි.
චීලව් මුදල් සමාගමේ සියයට 90 ඉක්මවා ලු අයිතියක් රිචඩ් පිරිස් මුදල් සමාගම විසින් නතු කර ගෙන ඇති අතර එම සමාගම එහි සියළුම වත්කම් වගකිම් සමගම හෝ මුදල් සමාගම් බලපත්‍රය පමනක් රුපියල් මිලියන 800 ක් 500 ත් අතර මිල ගණනකට විකුණා දැම්මට තමන්ට අර්පණ ලැබි ඇති බව මෙම ආයෝජන බැංකු පාර්ශව කියා සිටියහ.මෙම මුදල් සමාගම ශාඛා 03 ක් පමනක් ඇති ඉතා කුඩා වෙළෙඳ පොලක් නියෝජනය කරන සමාගමකි.
මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ මුල් අදියරේදිම ඉන්ද්‍රා මුදල් සමාගම මිලදි ගත් කොමාර්ෂල් බැංකුව එය සෙරන්ඩිබ් ලෙස නම වෙනස් කර කන්දඋඩරට මහනුවර ආශ්‍රීතව සිය පුර්ණ අනුබද්ධ මුදල් සමාගමක් ලෙස මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ.
හැටන් නැෂනල් බැංකුව ප්‍රයිම් ග්‍රාම්න් මුදල් සමාගමේ සියයට 51 ක් මිලදි ගනිමින් එහි නම මේ වන විට HNB ග්‍රාම්න්නමින් වෙනස් කර වඩා හොද පාරිභෝගික විශ්වාශනියත්වයක් ගොඩ නගා ගනිමින් කටයුතු කරමින් ඇත.ඒ ක්ෂුද්‍ර මුල්‍ය ණය හා සුළු හා මධ්‍යම පරිමාණ ණය යෝජනා ක්‍රම විෂයෙහිය.
මේ අතරේ දුර්වල මුල්‍ය පසුබිමක් පෙන්නුම් කළ කැපිටල් ඒලායන්ස් මුදල් සමාගම කාර්ගිල්ස් බැංකුව විසින් මිලදි ගත්තේ අමතර අවදානම් රැසක්ද සමගිනි.
මෙම වාණිජ බැංකු හැර සෙසු කිසිදු වාණිජ බැංකුවක් මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ වැඩසටහනට සහාය දි නොතිබිණි.