- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
අක්‍රමිකතා ගැන පැමිණිල්ලකට ගිය නි. ඇමති හර්ෂ ද සිල්වාට අල්ලස් කොමිසමෙන් මැසිවිල්ලක්
ඒ මේ වනවිට ත් ඉදිකිරීම් කටයුතු සිදුවන කොල්ලුපිටිය සෙනෝ ලංකා හෝටල් ව්‍යාපෘතියේ දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට චෝදනා කරමින් ය.
මාධ්‍යවේදීන් සමග කොල්ලුපිටිය සෙනෝ ලංකා හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා එහි සේවකයින් සමග කතා බහක ද නිරත විය.
හර්ෂ ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම හමුවේ සිය පැමිණිල්ල ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි.
මේ අතර පැමිණිල්ලක් කිරීමට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයාට අල්ලස් කොමිසම ද මැසිවිල්ලක් ඉදිරිපත් කළේය.
මේ අතර ගෝල්ඩන් කී තැන්පත්කරුවන් නියෝජනය කරමින් පිරිසක් අල්ලස් හෝ දූෂණ විර්ශන කොමිෂන් සභාව වෙත අද පෙරවරුවේ යළි පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඒ අධ්‍යක්ෂ මණ්ඩලය සිය තැන්පතු අනිසි ලෙස භාවිත කර ඇතැයි චෝදනා කරමින් ය.
http://newsfirst.lk/sinhala/2015/01/